Onmax DT ජාවාරම ගැන තවත් තොරතුරු රැසක්
(06.02.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
Onmax DT නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් වූ තැන්පත්කරුවන්ට සහන සැලසීමට සැකකාර අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කර ඇති මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදයට එකඟ විය නොහැකි බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවේ ඊට අදාළ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
සැකකාර අධ්‍යක්ෂකවරුන් වංචා කළේ යැයි දැනට හඳුනාගෙන ඇති රුපියල් කෝටි ගණන් වටිනා දේපළවලට වඩා වැඩි රුපියල් කෝටි ගණනක දේපළක් විමර්ශන මගින් තවදුරටත් අනාවරණය වී ඇති බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.
එබැවින් එම දේපළ ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගෙවීමේ ක්‍රමවේදයක් සකසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බැවින් ඉදිරිපත් කර ඇති ගෙවීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකි බවයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ.
නඩුවේ දහවන (10) සැකකරු ලෙස නම්කර ඇති වෛද්‍යවරයෙකු යැයි කියන සමන්ත කුලසිරි අධ්‍යක්ෂවරයා එකම දිනක රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 19 ක් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එක රැයකින් මුදල් රැස් කළ සැකකාර අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව බැංකු පනතේ විධි විධාන ප්‍රකාරව පමණක් නොව මුදල් විසුද්ධිකරණ පනත යටතේ ද අධි චෝදනා ගොනුකරන බවයි රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේ.
‘ඔන් මැක්ස් ඩීටි’ නීති විරෝධී මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි පන්දාහකට (5000) අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකාර අධ්‍යක්ෂකවරුන් දොළොස් දෙනෙකුට (12) එරෙහි නඩු පවරා තිබෙනවා ෴
අරගලයෙන් සිදුවූ දේපළ හානියට දේශපාලකයින් රජයෙන් ගත් වන්දි මුදල් ලැයිස්තුව මෙන්න
(06.02.2025 – 14:54 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමට කටයුතු කළා.
ස්වභාවික ආපදාවක් වුවද පූර්ණ දේපළ හානි සඳහා ලබා දිය හැකි උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 ක් බවත්, එය ලබා ගැනීමට ද ඇතැම් අවස්ථාවන්හි අසීරු බවත්, අමාත්‍යවරයා පැවසුවා.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා :
“මෙන්න බලන්න ! ඒ දේපළ හානිය පාවිච්චි කරලා බලය අතේ තියෙන අය, හැන්ද අතේ තියෙන අය, කොහොමද මේ වන්දි අරගෙන තියෙන්නේ කියලා – මම නමින් නම කියවන්නම්.
කපිල නුවන් අතුකෝරල – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්ස කුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී. දොලවත්ත – රුපියල් ලක්ෂ 23
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන්ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල – රුපියල් ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3
ෂෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223
දොස්තර රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288
කනක හේරත් – රුපියල් ලක්ෂ 292
ඩී.බී. හේරත් – රුපියල් ලක්ෂ 321
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327
ඩබ්ලිව්.ඩී. වීරසිංහ – රුපියල් ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391
එස්. එම්. චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587
මොහාන් පී. ද සිල්වා – රුපියල් ලක්ෂ 601
නිමල් ලන්සා – රුපියල් ලක්ෂ 692
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709
ගාමිණී ලොකුගේ – රුපියල් ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959
පහුගිය අරගල සමයේ තමන්ගේ දේපළවලට හානි සිදු වුණා කියලා රජයෙන් ගත්ත වන්දි. මේ හතළිස් තුන්දෙනා (43) විතරක් අරගෙන තියෙනවා, රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් (122,41,34,737). රුපියල් කෝටි එකසිය විසි දෙකයි දශම හතරයි එකයි (122.41). ඉතින් මෙන්න මෙහෙම තමයි බලය පාවිච්චි කරලා මේ අය මේ වන්දි මුදල් ලබා ගත්ත ආකාරය.
ගොවියෙකුට වගාවන් හානියක් වුණොත්, ගංවතුරට ගේ අහුවෙන කෑල්ලක් කැඩිලා ගියොත්, වන්දියක් ගන්න කොච්චර අමාරුද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්. නමුත් මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා මේ ගත්ත වන්දි ප්‍රමාණය. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය”
+
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් දැලේ
(06.02.2025 – 17:20 +0530 – hirunews.lk/sinhala)
රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති රඹුක්කන ප්‍රදේශයේ පදිංචි මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සේවය කළ නිළධාරියෙක්.
පසුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (05) ඇප මත මුදා හැරුණා.
එහිදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටයි නියෝග කර ඇත්තේ ෴
තුන්වන (3) පන්තියේ දුම්රිය ආසන වෙන්කිරීම නැවැත්වීමේ තීරණයක්
(06.02.2025 – 16:00 +0530 – hirunews.lk/sinhala)
දුම්රිය කිහිපයක තුන්වන (3) පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එය ලබන මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 06 ක ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ අනුව, දිනපතා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 05:55 හා 08:30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හා පස්වරු 03:45 ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ තුන්වන (3) පංතියේ වෙන් කළ ආසන පහසුකම් එලෙස ඉවත් කෙරෙනු ඇති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ වැඩි මගීන් පිරිසකට දුම්රියේ ගමන් කිරීම සදහා මෙම තීරණයට එළැඹී බවයි ෴
ට්‍රම්ප්ගේ USAID තීරණය ලංකාවට බලපාන්නේ මෙහෙමයි
(06.02.2025 – 13:48 +0530 – hirunews.lk/sinhala)
USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන මගින් ලොව පුරා සිදුකරන ආධාර වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දැඩි සීමා පැනවීමත් සමග අමෙරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් අඩාල විය හැකි බවට විද්වතුන් අනතුරු අඟවනවා.
ඔවුන් අවධාරණය කරන්නේ, මෙරට අමෙරිකානු තානාපතිනිය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලබා දුන් පොරොන්දු මත ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘතිද අතරමග නතර විය හැකි බවයි.
2025 පෙබරවාරි 07 වැනිදා රාත්‍රී 11:59 සිට ක්‍රියාත්මක වන පරිදි ලොව පුරා සිටින සියලුම USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කාර්යමණ්ඩලය නිවාඩු යැවීමට තීරණය කළ බව එහි පරිපාලනය පසුගිය දා නිවේදනය කළා.
1961 නොවැම්බර් මස 3 වැනිදා USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ආරම්භ වන්නේ පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේ විනාශයට පත් වූ රටවල් සඳහා ආධාර දීමේ අරමුණින්.
ඒ ජෝන් එෆ් කෙනඩි හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන්.
USAID ලොව විශාලතම ආධාර සපයන ආයතනය වන අතර 2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
2024 වසරේ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහන් සඳහා 42% ක පරිත්‍යාග සිදුකර ඇත්තේ ද USAID ආයතනයයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නව විධායක තීන්දුවලට අනුව දැනටමත් විදේශ ආධාර සඳහා දැඩි සීමා පනවා ඇති පසුබිමක ලොව පුරා අමෙරිකානු ආධාර යටතේ සිදුවන බොහෝ ව්‍යාපෘති නතරකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙරට විද්වතුන් පෙන්වා දෙන්නේ ඇමරිකානු ජනාධිපති වරයාගේ මෙම තීරණයත් සමග මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට හා මෙරට ආර්ථිකයටද සැළකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බවයි ෴
ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
(06.02.2025 – 13:05 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා.
පානදුර මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා නියෝග කළේ, අදාළ වරද පිළිගත් මොහුට බරපතළ වැඩ සහිත මාස 06 ක සිර දඩුවමක් නියම කර එය වසර 05 කට අත්හිටුවීමටයි.
මෙලෙස වරද පිළිගෙන ඇත්තේ පානදුර – සරික්කමුල්ල සමඟි මාවත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පුද්ගලයෙකුයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී රුපියල් කෝටි ගණනක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉදිරියේදී කරන්න යන දේ ගැන අගමැතිනිය කියයි
(06.02.2025 – 12:12 +0530 – hirunews.lk/sinhala)
මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්දේශයන් ඒ සඳහා පිහිටුවා ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල සමගද සාකච්ඡා කර නිසි ප්‍රතිපත්තියක් සකසා ගත යුතු බවත්, නියාමන ක්‍රියාවලිය නිසි ලෙස සිදුවිය යුතු බවත්, අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා.
අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනුයි ඇය මේ බව පවසා සිටියේ.
එහිදී ඇය මෙසේද පැවසුවා :
“පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳව කාලයක් තිස්සේ ප්‍රතිපත්තියක් හෝ නියාමන ක්‍රියාවලියක් නැතුව මේ පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමින් සහ උපාධි ප්‍රධානය කරන ආයතන හැටියට විවිධ ආයතන බිහි වෙලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බලලා තියෙනවා. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙතෙක් යුනිට් එකක් හරහා තමයි ඒක කළේ.
ඒ ක්‍රියාවලිය පිළිබඳ කමිටුවක් තියෙනවා. එක් එක් ආයතනය පිළිබඳ තත්ත්ව පරීක්ෂණයක් සහ ඒ උපාධිය පිරිනැමීමට පෙර යම් නිර්දේශ එක්ක තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ ඒ බව තමයි අපි අ හොයලා බලනකොට ඒක තමා ආපු තොරතුර. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වෙන්නේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් නැතුව. එතකොට හරියට ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ඇතිවිය යුතු යම් නිර්ණායක තියෙනවා, ‘කොලිටි ස්ටෑන්ඩඩ්ස්’ තියෙනවා, ඒවා පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නැතුව තමා මේ කමිටුව මෙතෙක් කල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කමිටුවේ වැරැද්දක් නෙවෙයි ජාතික ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ.
ඉතින් ඒ නිසා මම ඒ කමිටුවට දැන් නිර්දේශ කරලා තියෙන්නේ ඔවුන් සමඟ සාකච්ඡා කරලා මේ පිළිබඳ අධ්‍යනයක් කරලා රාජ්‍ය විශ්ව විද්‍යාල එක්ක සාකච්ඡා කරලා අපි මුලින්ම මේ පිළිබඳ ප්‍රතිපත්තියක් හරියට හදාගන්න ඕනේ. නියාමන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන්ගේ වාර්තාවක් මම ඉල්ලා සිටිනවා. ඔවුන් මේ පහුගිය අවුරුදු ගණනාව තිස්සේ කරපු වැඩ පිළිබඳ සමාලෝචනයකුත් කරලා අපිට ප්‍රතිපත්ති සහ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා මම ඒ කමිටුවෙන් ඉල්ලා තියෙනවා”
+
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින දෙයි
(06.02.2025 – 10:47 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා ෴
රුපියල් 11,000 ක අල්ලසක් ගත්තාට වසර 7 ක සිරදඬුවමක්
(06.02.2025 – 17:05 +0530 – sinhala.adaderana.lk)
රුපියල් 11,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර 28 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබේ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000 ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා පැවසීය.
2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය.
ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Rupial 11,000 allasak gaththata wasara 28 sira daduwamak. Namuth rupial koti saha biliyana ganan allas gaththa maey ratey deshapaaluwanta raja saepa, nadukaarayoth unta dum allagena vandinawa. Ratey sistaacharaya maekanam, Lankaawata kandawath nathiwena hethuwa penenawane. AKD kawadaa maewa wenas karayida?