කුඩ්ඩන් සහ හිඟන්නන් වාහනවලට පැනලා සල්ලි ගරන හැටි
(01.02.2025 – mawbima.lk)
අපගේ මාධ්‍ය සගයන් රැගත් මෝටර් රථය බොරැල්ල සිට දෙමටගොඩ දක්වා ධාවනය විය. එහෙත් වැලිකඩ බන්ධනාගාරය අසල මාර්ග සංඥා පද්ධතියේ රතු එළිය දැල්විණි. එබැවින් වාහනය මඳකට නතර කෙරිණි. එසේ නවතා මඳ වේලාවකින් කිසියම් පුද්ගලයෙක් වාහනයේ පිටුපස වීදුරුවකට තට්ටු කරන්නට විය. ඔහුගේ ස්වරූපයේ සැක කටයුතු ආකාරයක් තිබුණු බැවින් අපි වීදුරුව විවෘත කළේ නැත.
තවත් දවසක වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදීම මේ ආකාරයටම ඔවුන්ගේ රථය නතර කළ අවස්ථාවේදී එක්තරා පුද්ගලයෙක් පැමිණ වීදුරුව පහත දමන ලෙස අතින් සංඥා කළේය. මෙවර දැක ගත හැකි වූයේද පෙර කී පුද්ගලයාමය. එවරද වීදුරුව විවෘත නොකළ බැවින් ඔහු අතින් සංඥා කර කීවේ, වාහනය පිටුපස තව වාහනයක් ගැටී ඇති බවය. එහෙත් එවන්නක් සිදු වී ඇති බව තහවුරු නොවූ බැවින් වාහනයේ වීදුරු පහත හෙළුවේ නැත.
එකම පුද්ගලයා අවස්ථා දෙකකදී මෙසේ සැක කටයුතු ලෙස හැසිරුණේ මන්ද?
යම්කිසි ආකාරයකින් ෙදාර විවෘත කළේ නම් ඔහුගේ ප්‍රතිචාරය කිසියම් ආකාරයක හොරකමක් හෝ මංකොල්ලකෑමක් විය නොහැකිද?
මෙයින් තරමකට වෙනස් වූ කතා පුවතක් එක්තරා පුද්ගලයකු අප සමඟ මෙසේ පැහැදිලි කළේය.
එම පුද්ගලයා රාජකාරි ස්ථානය කරා පැමිණෙන්නේ මෝටර් රථයෙනි. ඔහු රාජගිරිය ආයුර්වේද විද්‍යාලය අසලින් තම වාහනය ධාවනය කරමින් සිටියදී තම රථයේ ඉදිරිපස ලාම්පුවේ යමක් ගැටෙනු ඔහුට දැනුණු අතර කාන්තාවක් හා කුඩා ළමයෙක් ඒ සමඟම පසෙකින් දිස්වන්නට විය. ඒ කාන්තාව තම කකුලේ රථය ගැටුණු බව අඟවා තරමක වේදනාවෙන් කතා කරන්නට විය.
“මොකද වුණේ වැදුණද?” රිය පැදවූ පුද්ගලයා එසේ විමසුවද පෙරකී කාන්තාව තරමක් වේදනාවෙන් මෙන් කකුල අල්ලාගෙන සිටියාය. මේ කාන්තාව පවසන්නේ ඇත්තක්මද යන්න පිළිබඳව ඇති වූයේ බරපතළ සැකයකි. එහෙත් කුඩා දරුවකුද ළඟ සිටි බැවින් මානුෂිකව සලකා ඔහු විසින් යම් මුදලක් එම කාන්තාවට දුන්නේය. පසුව තම රථයට නැඟුණු ඔහු පැති කණ්ණාඩිය දෙස බැලීමේදී නොණ්ඩි ගසමින් සිටි කාන්තාව ඒ කිසිවක් නොමැති සේ තරමක උස් හඬින් කෑගසා අත්පුඩි ගසමින් යම් කිසි පිරිසක් කැඳවන ආකාරයකි. එවිට පුද්ගලයන් කිහිපදෙනකු පැමිණ වාහනයට තට්ටු කරන්නට විය “මහත්තයා මේ ගෑනු හප්පලා ලිස්සලා යන්නේ. එහෙනම් බෙහෙත් දාගන්න සල්ලි කීයක් හරි දෙන්න.”
“නෑ එහෙම දෙයක් මම දැක්කේ නෑ. එහෙම මොකටද සල්ලි දෙන්නේ.”
“එහෙනම් අපි පොලිසිය යනවා.”
“හරි යමු එහෙනම් පොලිසි”
තරමක් තද ස්වරයෙන් රිය පැදවූ අය කී පසු පිරිස පසුබසින්නට වූහ.
තම අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් රිය පැදවූ පුද්ගලයා මේ පිළිබඳව පැවැසුවේ මෙසේය :
“මේ වගේ වෙලාවට සල්ලි දෙන එක හොඳ නෑ. බොරුවක් කරනවා කියලා දැනුණොත් බයවෙන්න ඕනේ නෑ. ටිකක් තදට කතා කළාම මොවුන් පසුබහිනවා. සල්ලි දුන්නොත් එහෙම මේ වගේ තවත් පිරිසක් වට කරලා තවත් කීයක් හරි ගසා කන්න තමයි බලන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවට සල්ලි දෙන්න කොහොමත් හොඳ නෑ”
කොළඹ ගෙන්දගම් පොළොවේ ඉපදුණු විවිධාකාර මිනිස්සු සිටිති. අප මෙහි මාතෘකා කරගන්නා පිරිස් කුමන හෝ කූට උපායක් යොදාගෙන ගාණ කඩා ගැනීමට තැත් කරන ආකාරය අරුමයක් නොවෙයි. ඔවුහු මේ සඳහා විවිධාකාර කූට උපක්‍රම යොදති. මෙයින් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමට මෙසේ හැසිරෙන බවද පෙනේ.
මා දැන් මේ කියන සිදුවීම සිදු වූයේ අප හිතවත් තවත් මිතුරකුටය. ඔහු ඔරුගොඩවත්ත මාර්ග සංඥා නැවතුම් පුවරුවක් අසල තම රථය නැවතූ පසු පුද්ගලයෝ දෙදෙනෙක් ඔහුගේ රථය කරා විත් මුදලක් ඉල්ලා සිටියේය. මේ එක් පුද්ගලයකු සම්පූර්ණයෙන්ම ඇස් නොපෙනෙන අයකු සේ සිටි අතර අනෙක් පුද්ගලයා ඔහුට ආවතේවකම් කළ පුද්ගලයා සේ හැසිරුණේය. මගේ මිතුරා ඔහුට යම් මුදලක් ලබාදුන් අතර මේ සිදුවීම එතැනින් අවසන් වේ යැයි ඔහු එදා සිතුවද තවත් දිනකදී එම ස්ථානයේදීම මෙකී පුද්ගලයන් දෙදෙනාම ඔහුට මුණගැසිණි.
එහිදී වෙනදාට වඩා මේ පුද්ගලයන් දෙදෙනා පිළිබඳ තියුණු නිරීක්ෂණයක් කළේය. ඔවුන් හැඳපැලඳ සිටියේ කිලිටි වූ ඇඳුම්ය. කිසිදු ප්‍රියමනාප ගතියක් නොවූ අතර බාහිර ස්වරූපයෙන්ම මොවුන් මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වූවන් ලෙස හඳුනාගැනීමට එතරම් අපහසු නොවීය. තවත් හොඳින් ඔවුන්ගේ දෙස නිරීක්ෂණය කිරීමේදී මේ පුද්ගලයා අන්ධ පුද්ගලයකු නොවූ බව තහවුරු කරගත් මගේ මිතුරා එදා නිකම් සිටියේ නැත.
“ඒයි උඹගෙ ඇස් දෙක පේනව නේද? උඹල කුඩ්ඩො නේද?”
තමන් හඳුනාගත් බව වටහා ගත් ඔවුන් සැණෙකින් “හරි හරි සර් අපි යන්නම්” යැයි වහා එතැනින් පැන ගියේය.
සාමාන්‍යයෙන් පුද්ගලයකු හැඟීම්බර සංවේදී තත්ත්වයට පොලඹවා ඔවුන්ගේ මුදල් ගසා කන තත්ත්වයට පත්කරන එක්තරා පිරිසක් පිළිබඳවද අපට සැලවිය. එය අත්දැකීමෙන්ම විඳ ගැනීමට හැකි වූ අයකුද අපට හමුවිය.
අප ඔහුට කමල් යැයි කියමු.
කමල් තම වැඩරාජකාරි අවසන් කර නිවෙස බලා යෑමට රැකියා ස්ථානයේ සිට තම වාහනය ධාවනය කරවූ ඔහුටද ආසන්න මාර්ග සංඥා පුවරුව අසල නතර කිරීමට සිදුවිය. ඉන් ටික වේලාවකට පසු කිසිවකු වාහනේ ෙදාරට තට්ටු කළ බැවින් ඔහු එය පහත් කළ අතර එවිට එක්තරා පුද්ගලයකු පැමිණ රථයේ සිටි අයට මෙසේ කීය.
“මහත්තයා මගේ භාර්යාව දරුවකු ලැබෙන්න ඉන්නෙ. වාහනේ පෙට්රල් ඉවර වෙලා රාගම ඉස්පිරිතාලෙටයි යන්න ඕන. පෙට්රල් ලීටරයක් ගහගන්න කීයක් හරි දෙන්න පුළුවන්ද මේ වෙලාවේ?”
නමුත් රිය පැදවූ පුද්ගලයා පිළිබඳව සැක සිතිණු බැවින් ඔහු කිසිදු මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය. නමුත් මේ පුද්ගලයා වෙනත් වාහනයක් ළඟට ගොස් කතා කරනවා කමල් දුටු අතර එකී වාහනයෙන් මුදල් නෝට්ටුවක් දිගු කරනු ඔහුට දැක ගත හැකි විය.
සාමාන්‍යයෙන් සිඟමනක් යෙදුණු විට ඔවුන්ට ලැබුණේ සුළු මුදලකි. නමුත් මේ ආකාරයෙන් එම කාන්තාව ගර්භණී වී ඇති බව අඟවන එසේ නැත්නම් රෝගියකු බැලීමට යන බව හඟවමින් මුදලක් ඉල්ලූ විට දෙනු ලබන්නේ සාපේක්ෂව ඉහළ මුදලකි. මිනිසුන්ගේ හිත උණුවන තත්ත්වයට පත් කරවා මුදල් ගසා ගෙන කෑමෙන් ඔවුන් කූට ලෙස ඉහළ ආදායමක් ලබා ගැනීමට කටයුතු කිරීම නව ප්‍රවණතාවක්දැයි මේ අනුව සැක සිතේ.
මෙසේ හැසිරෙන තව පිරිසක් කරනු ලබන්නේ ඔවුන්ට කිසියම් මුදලක් ලබා නොදුණහොත් හෝ ඔවුන්ව ප්‍රශ්න කිරීමකට ලක් කරහොත් ඔවුන් සමහරවිට කරනු ලබන්නේ තග දැමීමකි. ඔවුන් එවන් අවස්ථාවල පවසන්නේ “හරි දෙන්ඩ බෑ කිව්වා නම් ඉවරනෙ. වැඩි ප්‍රශ්න අහන්න එන්න එපා” එසේ ඔවුන්ගේ අනුකම්පා සහගත භාවය ක්ෂණයෙන් පලා යන තත්ත්වයක් දිස් වන අතර එමඟින්ම ඔවුන් මේ සිදුකරන්නේ වංචාකාරී ක්‍රියාවක් බව බලා සිටින අයට පැහැදිලිය.
කෙසේ වුවද මේ වන විට මුළු කොළඹ නගරයේම පුරා මාර්ග සංඥා පද්ධති අසල මේ ආකාරයට විවිධ වංචාකාරී හැසිරීමෙන් මුදල් ගසා ගැනීමේ පුද්ගලයන් රැසක් ක්‍රියාත්මක වන බව නම් අතිශයෝක්තියක් නොවේ.
මේ තත්ත්වය නම් කිසිසේත්ම සුබදායී තත්ත්වයක් නොවෙයි. මේ නිසා වාහන අනතුරු පවා සිදුවිය හැකිය.
සමහර පුද්ගලයෝ මෙහිදී කුඩා දරුවන්ද තමන්ගේ මේ වංචනික ක්‍රියා සඳහා සම්බන්ධ කර ගනිති. හයක් හතර නොතේරෙන එම දරුවන්ගේ අනාගතයටද තම වැඩිහිටියන්ගේ මෙවැනි අයුතු ක්‍රියා බලපාන බව කීම කනගාටුවට කරුණකි. ඔරුගොඩවත්ත මාර්ග සංඥා පුවරු අසල මේ ආකාරයට කුඩා දරුවන් රැගත් මවුවරුන් සිටීම පැහැදිලිවම සංවේදී ජනක දර්ශනයකි. මේ පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරියේද අවධානය යොමු විය යුතුය.
කෙසේ වුවද මේ තත්ත්වය කොළඹට පමණක් සීමා වූ බවක් අපි අදහස් නොකරමු. සමාජ ජාලවල පෙනී සිටි එක්තරා පුද්ගලයෙක් පිළිබඳව සඳහන් කරමින් දක්වා සිටියේ මේ පුද්ගලයා විසින් වාහන ගමනාගමනයට බාධා කරමින් මුදල් කඩාගන්නා ආකාරයක් පිළිබඳවය. එහිදී වැඩිදුරටත් දක්වා තිබුණේ ඔහු වාහනයක ගැටුණු බව අඟවා තමන්ට රෝහලකට යෑමට නොහැකි බවත් මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවය.
මේ ආකාරයේ සටකපට ක්‍රියා සිදුකිරීමට ඉඩ හැරීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදු විය යුත්තක් නොවේ. මේ පිළිබඳව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
මේ පිළිබඳව අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතාගෙන් විමසීමක් කළෙමු.
‘මේ ගැන කවුරුහරි පැමිණිල්ලක් කළොත් ඒ වගේම මේ පිළිබඳව අපට යම් තොරතුරු ලැබුණොත් අපි මේ පිළිබඳව විමර්ශන පවත්වනවා. කිසියම් පුද්ගලයකු තව කිසිවකු වෙත අයුතු අවහිර කිරීමක් හෝ සාපරාධී බලහත්කාරකම් කිරීමක් කිරීමේ කිසිම හැකියාවක් නැහැ. පැමිණිලි ලැබෙනවා නම් අපි අනිවාර්යයෙන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා”
කලෙකට පෙර කොළඹ නගරයේ යාචකයන් පිළිබඳව වෙනම ගවේෂණයක් සිදුකර තිබිණි. ඉන් අනාවරණය වූයේ කිසියම් පිරිසක් සංවිධානාත්මකව යාචක පිරිස් ඒ ඒ තැන්වලට යොදවා අයථා ලෙස මුදල් ගැරීමේ ව්‍යාපාරයක් සිදු කරන බවය.
එහෙත් වර්තමාන යාචක පිරිස් හා විවිධ සටකපට ක්‍රියා නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යන්නේ ඔවුන්ද මහජනයාගෙන් මුදල් ඩැහැගැනීමේ උපාය, උපක්‍රම වෙනස් කර ඇති බවය. මේ පිළිබඳව ජනතා යොමු වීමද වැදගත්ය.
කෙසේ වුවද අතරින් පතර හෝ අහිංසක, සැබැවින්ම උපකාර අවශ්‍ය මිනිසුන් මේ අතර නැතුවාම නොවේ. නමුත් බහුතරයක් මෙසේ ජනයාට පීඩාකාර ලෙස හැසිරීමෙන් ඔවුන් සලකනුයේ ඉහත කී වංචාකාරීන්ගේ ගොඩටමය.
කරුණු කාරණා සලකා බැලීමේදී කොළඹ මාර්ග සංඥා පද්ධති අසල සිදුවන මෙවැනි අයුතු ක්‍රියා සිදු කරන්නන්ගේ හැසිරීම් නිරීක්ෂණය කොට නම් යහපත්. මෙය තවත් සමාජයීය ව්‍යසනයක් බවට පත්වීමට පෙර මීට එරෙහිව නිසි පියවර ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමක් බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ
Security Alert – Suspected Scammers in Kirulapone Area
We have confirmed reports of individuals posing as government officials, going door-to-door in the Kirulapone (Suranimala Place) area. They claim to be from the Ministry of Home Affairs, asking for personal details, fingerprints, and photographs under the pretext of ID verification for a census. They carry fake documents, a biometric machine, and a list of names to appear legitimate.
Important :
- The government has NOT initiated any such verification process.
- Do NOT provide personal information or allow them inside your home.
- If you encounter these individuals, report them to the nearest police station immediately.
Please share this with your friends and family to stay alert. Let’s prevent fraud by being vigilant and reporting suspicious activity.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴