රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුම ගැන වීඩියෝවක් එළියට
රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුම ගැන වීඩියෝවක් එළියට
(02.03.2023 – 20:41 +0530 – sinhala.adaderana.lk)
රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ පසුගියදා ඇතිවු ගැටුමට නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාගේ ප්රචණ්ඩ හැසිරීම හේතුවු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්රු වසන්ත මුදලිගේ පවසයි.
ඊට අදාළ විඩියෝ දර්ශන කිහිපයක් ඔහු අද (02) මාධ්‍යයට නිකුත් කළේය.
රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් පසුගිය 26 වනදා රාත්‍රියේ නේවාසිකාගාර උප ශාලාධිපතිවරයාට පහරදීමක් සිදුකර තිබුණි.
මෙම පහරදීමෙන් පසු රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසා දැමුණු අතර එම ගැටුම්කාරී තත්ත්වය උප ශාලාධිපතිවරයාගේ ප්රචණ්ඩ හැසිරීම හේතුවෙන් නිර්මාණය වු බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේය.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,
“උප ශාලාධිපතිවරයා නේවාසිකාගාරයේ කාමරයකට ඇවිල්ලා ශිෂ්‍යයන්ට බැණ වදිනවා. මේක ගැන ශිෂ්‍යයින් ප්‍රශ්න කළාට පස්සේ පෙබරවාරි 26 වනදා මාළු කපන මන්නයක් අරගෙන ඔහු විශ්වවිද්‍යාල පරිශ්‍රයට එනවා. මේ සිදුවීමත් එක්ක එදින රාත්රියේදී නේවාසිකාගාරය ඇතුළේ බහින්බස්වීමක් ඇති වෙනවා. එහිදී තමයි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නේ.”
මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව :
+
+
වෘත්තීය සමිති 08 වැනිදා සිට අඛණ්ඩ වර්ජනයකට සැරසේ
(02.03.2023 – 20:28 +0530 – hirunews.lk/sinhala)
රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල එකමුතුවෙන් මාර්තු 08 වැනිදා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සූදානම් වනවා.
ඊයේ (01) දිනයේ දී වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
පසුව ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවුන් රජයට සතියක කාලයක් ලබාදුන්නා.
එවන් පසුබිමක රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව හෙට (02) දිනයේ දහවල් කෑම පැයේ දී සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ද සැළසුම් කර තිබෙනවා.
මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ද අනතුරු ඇඟවීමක් සිදුකළේ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඉදිරියේ දී වර්ජනයකට එළැඹෙන බවටයි ෴
කුඩු අංජුගේ මුදල් එකතු කළ යුවළ අත්අඩංගුවට
(02.03.2023 – 22:14 +0530 – sinhala.adaderana.lk)
ඩුබායිහි සැඟව සිටින ‘රත්මලාන කුඩු අංජු’ නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 14 ක මුදල් තොගයක් ද සොයාගෙන ඇත.
අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල් නිවසකදී සැකකාර යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ‘කුඩු අංජු’ නමැත්තාගේ ඥාති සහෝදරයකු බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරු ත්‍රීරෝද රථයකින් ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සිදුකර ඇති අතර පසුව ‘කුඩු අංජු’ විසින් සුඛෝපභෝගී මොටර් රථයක් ඒ සඳහා ලබාදී ඇතැයි ද හෙළිවී තිබේ.
මත්ද්‍රව්‍යවලින් උපයා ගත් මුදල් ගණන් කිරීම සඳහා සැකකරුගේ බිරිඳ හවුල්වී තිබේ.
සැකකාර අඹු-සැමි යුවළ අතුරුගිරිය ප්‍රදේශයේ දී 2021 වසරේ ජූනි මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
රත්මලාන ප්‍රදේශයේ වෙඩිතැබීමකට අදාළව 2020 අතරේදී ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට පත්වී තිබූ බවද අනාවරණය වී ඇත.
සැකකාර යුවළ වයස අවුරුදු 26 හා 32 අතර වයස්වල පසුවන්නන් ය ෴
කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්
(03.03.2023 – 09:43 +0530 – sinhala.adaderana.lk)
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන්නේ කොළඹ 01, 02, 03, 04 සහ කොළඹ 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවලටය.
ඒ අනුව හෙට (04) වනදා පස්වරු 2 සිට ඉරිදා (05) වනදා පස්වරු 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.
මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්තිටුවීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි ෴
නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4 කට වැඩ වරදියි
(03.03.2023 – 10:44 +0530 – sinhala.adaderana.lk)
අද (03) උදෑසන සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී ලෙස අධිවේගී මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4 ක බලපත්‍ර සිය භාරයට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.
කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී බස් රථ හඳුනාගෙන තිබේ.
අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේදී මගීන් අසුන්ගෙන ගමන්කළ යුතු වන අතර අදාළ බස් රථවල මගීන් හිටගෙන ගමන්කර ඇති බවද අනාවරණය වූ බව පොලීසිය පවසයි.
බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ට ලද තොරතුරුවලට අනුව කාර්යාල ප්‍රවාහන සේවා ලෙස මෙලෙස සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ සොයාගැනීමට සමත්ව ඇති අතර ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
+
‘වේගා’ මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි
(03.03.2023 – 12:02 +0530 – sinhala.adaderana.lk)
‘වේගා’ මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම ‘වේගා’ මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.
එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ‘වේගා’ මෝටර් රථය නිර්මාණය කළ ‘හර්ෂ සුබසිංහ මහතා’ වෙත ලබාදීම සිදුකෙරිණි.
+
ලියාපදිංචි කළ නොකළ වාහන ගැන අලුත් කතාවක්
(03.03.2023 – 13:46 +0530 – sinhala.adaderana.lk)
2021 නොවැම්බර් මස 12 දිනට පෙර මෙරටට ආනයනය කළ / මෙරටදී එකළස් කරන ලද වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව 2023 අයවැය යෝජනාව සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහ අනෙකුත් පිළිවිතරයන් සකස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පැවැත්විය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
එහිදී මෙරට මෝටර් රථ භාවිතය, එකළස් කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ මහජනතාව මුහුණ දෙන ගැටළු අවම කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථ භාවිතය සම්බන්ධයෙන් යල් පැනගිය ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද සකස් කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් වූ 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමුව තිබේ.
එමෙන්ම සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන් වෙත මෙරට මෝටර් රථ ධාවනය සඳහා අවසර ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත ෴
සඟවා තිබූ බිත්තර 60,000 ක්
(03.03.2023 – 12:20 +0530 – sinhala.adaderana.lk)
වැඩි මිලට විකිණීම සඳහා 60,000 කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඊයේ (02) පියවර ගත්තේය.
අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.
‘සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා’ට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවෙන් බිත්තර මිලදීගැනීම සඳහා බවට අඟවමින් පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙකු ඊයේ (02) දහවල් එහි ගොස් තිබුණි.
එම නිලධාරියා ගබඩාවේ හිමිකරු වන ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතාගෙන් බිත්තර 260 ක් ප්‍රමාණයක් ඉල්ලා තිබුණද ඔහු පවසා ඇත්තේ සිල්ලර මිලට බිත්තර අලෙවි නොකරන බවත් අවශ්‍ය නම් බිත්තර 10,000 ක් ලබාදිය හැකි බවත් ය.
මෙවන් වාතාවරණයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ කණ්ඩායමක් යළි එම ගබඩාව පරීක්ෂා කිරීමට ඊයේ (02) එහි ගොස් තිබුණි.
ගබඩාව පරීක්ෂා කිරීමට ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා දැඩි සේ විරුද්ධවීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ජාඇල පොලිසියට ගොස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වැලිසර මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගබඩාව පරීක්ෂා කිරීමට අවසර හිමි ලැබී ඇති අතර එහි තිබී සුදු හා රතු බිත්තර 60,000 කට ආසන්න තොගයක් සොයා ගැණුණි.
ඒ අනුව වැඩි මිලට බිත්තර විකිණීම, සඟවා තබාගැනීම සහ කොන්දේසි සහිතව විකිණීම යනාදී කරුණු මත ගබඩාවට මුද්‍රා තැබීමට ඊයේ (02) රාත්‍රියේ පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 47 බැගින් විවිධ ආයතනවලට බිත්තර අලෙවි කළ බිල්පත් රැසක්ද එහිදී භාරයට ගෙන තිබේ.
+
+
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර
(03.03.2023 – 13:22 +0530 – sinhala.adaderana.lk)
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.
විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පුද්ගල වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඒ අනුව, මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්‍රීයාවලියක් හරහා දත්ත පද්ධතියක් වෙත එම තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ඊට අමතරව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ බවද එම කාර්යංශය වැඩිදුරටත් පැවසීය ෴
මෙරට ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුව IMF හෙළිකරයි
(03.03.2023 – 14:21 +0530 – sinhala.adaderana.lk)
මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩාවන් හේතුවෙන් විඳිනු ලබන දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයක් තමන්ට ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මෙරට බදු මුදල් ඉහළ දැමීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ආදායම් බදු වැඩිකිරීම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි යන මහත්වරුන් එම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිදුකළ බදු සංශෝධන අත්‍යවශ්‍ය වූ කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී තිබේ.
ආර්ථික පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයක් ඇති බවත්, කෙසේවෙතත් මෙරට බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට අවශ්‍යව තිබු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත.
මෙම ආර්ථික අවපාතය හේතුවෙන් සිදුවී ඇති ජීවන වියදම වැඩිවීම, රැකියා සහ ජීවනෝපාය අහිමිවීම සහ ජනගහනයෙන් විශාල කොටසකට සැබෑ ආදායම පහත වැටීම, මෙම දුෂ්කරතාවලට ඔරොත්තුදීමට විකල්පයක් නොමැති දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට දැඩි පීඩාවන් සිදුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
වත්මන් ආර්ථික අර්බුදයේ මූලාරම්භ ගණනාවක් ඇති අතර, එහි ප්‍රධානතම හේතුව වන්නේ ආදායම් එකතු කිරීම් හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකිවීම බවද පෙන්වාදී තිබේ.
මෙය කෙතරම් පහළ මට්ටමක පවතින්නේද යන්න පෙන්වාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ, 2021 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම 7.3% ක් වන බවත් ඒ අනුව ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වන බවය.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව ආසියාකරයේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ආසන්න වශයෙන් ජාතික ආදායමෙන් 13% ත් 14% ත් අතර බදු ප්‍රතිශතයක් පවත්වා ගනිමින් සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තවත් වාර්තාවක දැක්වෙන්නේ ඉහළ සංවර්ධිත සහ සංවර්ධිත රටවල් ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය අනුව ජාතික ආදායමෙන් 17% ත් 18% ත් අතර ප්‍රතිශතයකින් ඔවුන්ගේ බදු පැනවීම් පවත්වාගෙන යන බවය.
කෙසේවෙතත් අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති කරගත් මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණයහිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට කැමති නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
ආදායම් සහ වියදම් අතර මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීමට බදු ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බවත් රජයට අත්‍යාවශ්‍ය වියදම් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට හැකිවනු ඇත්තේ සුදුසු බදු ලැබීම් හරහා පමණක් වන අතරම, ඒ හරහා තීරණාත්මක ලෙස වැදගත් වියදම් තවදුරටත් කප්පාදු කිරීමෙන් වැළකී සිටීමටත් අවස්ථාව ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මෙම ප්‍රතිසංස්කරණ හරහා ජාත්‍යන්තර ණයහිමියන්ගේ විශ්වාසයද නැවත ලබාගැනීමට ද හැකි වනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරයි.
කෙසේවෙතත්, බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීම ද වැදගත් වන්නා සේම, පුද්ගලික ආදායම් බද්ද සඳහා වන නව බදු අනුපාත කාලසටහනද ඇතුළුව බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බදු පැකේජය මෙම අරමුණු සපුරාලීමට උපකාරී වන බවට ඔවුන් විශ්වාසය පළ කරයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴