රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

*********************************************

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

(06.03.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ මරීයුපොල් දකුණුදිග වරාය නගරයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය බිඳ වැටී ඇති අතර, රුසියානු හමුදා නගරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එහි සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම නතරවී ඇති අතර, ඔවුන් නැවතත් ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සඳහන්.

සටන් විරාමය ප්‍රකාශයට පත් කළ යාබද වොල්නොවකා නගරයේ සිවිල් වැසියන් ද තවදුරටත් එහි සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

කීව් අගනුවරට වයඹ දෙසින් පිහිටි ඉර්ෆින් නගරයද රුසියානු හමුදාවල දැවැන්ත බෝම්බ ප්‍රහාරවලට ගොදුරුවන බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට අනතුරු අඟවා සිටියේ යුක්රේනයේ ගුවන් තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කිරීම යුද ප්‍රකාශ කිරීමක් ලෙස සළකන බවයි.

ගුවන් තහනම් කලාපය ක්‍රියාවට නංවන ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් අඛණ්ඩව ඉල්ලා සිටි අතර, ඔවුන් එය ප්‍රතික්ෂේප කරන්නේ තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව පවසමින්.

වීඩියෝ සබඳතාවක් හරහා ඇමරිකානු සෙනෙට් සභිකයන් ඇමතූ යුක්රේන ජනාධිපතිවරයා රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා තමන්ට අවි ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

එමෙන්ම ඇමරිකාවේ ඛනිජ තෙල් ආනයනයන්ගෙන් සියයට අටක් පමණ වන රුසියානු ඉන්ධන ලබා ගැනීම අත්හිටුවීම ඔවුන් සිදුකළ තවත් ඉල්ලීමක්.

කෙසේ නමුත් යුරෝපයේ තෙල් සැපයුම අඩාලවීම වැළැක්වීම සඳහා රුසියානු තෙල් තවදුරටත් මිලදී ගැනීමට සිදුව ඇති බව ෂෙල් සමාගම ප්‍රකාශ කළා.

රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත් උත්සන්න කර ඇති අතර, යටතේ මාස්ටර් කාඩ් සහ වීසා කාඩ්පත් මෙහෙයුම්ද මුළුමනින්ම අත්හිටුවා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගවත්ම සරණාගත ප්‍රවාහය යුක්රේනයේ සිට අසල්වැසි රටවලට ඇදෙන බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ.

මේ වනවිටත් මිලියනයකට අධික යුක්රේන ජනයා අසල්වැසි රටවලට පලාගොස් ඇති අතර, මෙම සති අන්තය අවසන් වනවිට එම සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවනු ඇති බවයි ජගත් සරණාගත ආයතනයේ ප්‍රධානී ෆිලිපෝ ග්‍රාන්ඩි ප්‍රකාශ කළේ. ජගත් සංවිධාන වාර්තාවලට අනුව 7,60,000 පමණ පිරිසක් යුක්රේනයේ සිට පෝලන්තයට පලාගොස් ඇති අතර, හංගේරියාවට ගොස් ඇති සංඛ්‍යාව 1,57,000 ක්.

යුක්රේනයේ සිටින ජාත්‍යන්තර ශිෂ්‍යයන් අතුරින් විශාල සංඛ්‍යාවක් මේ වනවිට රටින් නික්මී ඇති නමුත් තවත් පිරිසක් තවදුරටත් එහි සිරවී සිටිනවා.

ඉන්දියානු ශිෂ්‍යයන් රැසක් ද ඒ අතර සිටින බව සඳහන්.

තම ශිෂ්‍යයන්ට යුක්රේනයෙන් නික්මීමට අවකාශයක් සළසා දෙන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යාංශය රුසියානු සහ යුක්රේන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එතෙක් ආරක්ෂිතව තමන් රැඳී සිටින ස්ථානවලින් පිටතට නොයා සිටින ලෙසයි ඉන්දීය ශිෂ්‍යයන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර යුක්රේන අර්බුදයේ නිමාවක් සඳහා මැදිහත්වීමේ අරමුණින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් මොස්කව් බලා ගොස් තිබෙනවා.

සාම්ප්‍රදායික යුදෙව් ඇදහිලි සහිත ඔහු සිය ආගමේ ශබාට් හෙවත් විවේක දිනය මගහැර මෙලෙස සාම මෙහෙවරේ නිරතවන බව සඳහන්.

එම දිනය උල්ලංඝනය කළ හැක්කේ යුදෙව්වෙකුගේ ජීවිතය තර්ජනයකට ලක්වන විට පමණයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියාව බලා ගොස් ඇත්තේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ඉල්ලීමක් අනුව බව සඳහන් ෴

+

යුක්රේන ආක්‍රමණය නිසා ෆින්ලන්තයත් නේටෝවට එක්වන ලකුණු

(06.03.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැලකුණු ෆින්ලන්තය ද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

අසල්වැසි මෝල්ඩෝවා බෝල්ටික් රාජ්‍යයටද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව සඳහන්.

ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ සහ ආරක්ෂිත රටක් ලෙස සැළකෙන ෆින්ලන්තය 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කළ අතර, එහිදී ඔවුන් පරාජය කිරීමට ෆින්ලන්තය සමත්වුණා.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය මෑත කාලයේදී නේටෝවට සහාය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට ලක්වූ කරුණක්.

මේ නිසා රුසියානු යුද ගුවන් යානා තර්ජනාත්මක ලෙසින් ස්වීඩන ගුවන් තලය ආක්‍රමණය කරන බවට ද තොරතුරු වාර්තා වුණා ෴

+

රුසියාවට මූල්‍ය තහනමක් – බැංකු ගනුදෙනුත් අර්බුදයක

(06.03.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

අමරිකා එක්සත් ජනපදය මූලික කරගත් ගෙවීම් සමාගම් වන Visa සහ Mastercard රුසියාවේ මෙහෙයුම් අත්හිටුවීමට තීරණයක් ගෙන තිබෙනවා.

රුසියාව – යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ මෙලෙස මෙහෙයුම් අත්හිටුවන අතර තම, ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ රුසියාවේ සියලුම ගනුදෙනු නතර කිරීමට කටයුතු කරන බවයි අදාළ සමාගම් ප්‍රකාශ කර ඇත්තේ.

දින කිහිපයක් ඇතුළත, රුසියාව තුලදී නිකුත් කරන ලද වීසා කාඩ්පත් සමඟ ආරම්භ වූ සියලුම ගනුදෙනු තවදුරටත් රටින් පිටත දී ක්‍රියාත්මක නොකරනු ඇති අතර රුසියාවෙන් පිටත දී නිකුත් කරන ලද වීසා කාඩ්පත් තවදුරටත් රුසියාව තුළ ක්‍රියා නොකරන බව ද සමාගම පවසනවා.

වීසා හි ප්‍රධාන විධායක නිලධාරී අල් කෙලී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘රුසියාව ප්‍රකෝපකාරී ලෙස යුක්රේනය ආක්‍රමණය කිරීම සහ අප දැක ඇති පිළිගත නොහැකි සිදුවීම් හේතුවෙන් මෙම තීරණයට එළඹීමට සිදු වූ’ බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සිදු කළ දුරකතන සංවාදයක දී, රුසියාවේ ඔවුන්ගේ මෙහෙයුම් අත්හිටුවීමට වීසා සහ මාස්ටර්කාඩ් ගත් තීරණ අගය කළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපතිවරයා තම පරිපාලනය මගින් යුක්රේනයට ආරක්ෂාව, මානුෂීය සහ ආර්ථික ආධාර ඉහළ නංවන බවත් අමතර අරමුදල් ලබා ගැනීම සඳහා කොන්ග්‍රසය සමඟ කටයුතු කරන බවත් සඳහන් කළ බවයි ධවල මන්දිර වාර්තා කියාසිටියේ.

වීසා සහ මාස්ටර් කාඩ් ගෙවුම් සමාගම්වල මෙම පියවර උද්ධමනය, ආර්ථික දුෂ්කරතා සහ ආනයනික භාණ්ඩ මත පවතින හිඟය හමුවේ පීඩාවට පත්ව සිටින රුසියානුවන්ට තවත් දැඩි අර්බුදයක් විය හැකි බවයි විචාරකයන්ගේ මතය වන්නේ ෴

+

රුසියානු හමුදා සමඟ සටන් වදින්න, යුක්රේනයට යාමට ඇමරිකානුවන් 3,000 ක් සූදානම්

(06.03.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැළකුණු ෆින්ලන්තයද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.

අසල්වැසි මෝල්ඩෝවා බෝල්ටික් රාජ්‍යයටද එවැනි ඉල්ලීම් ඉදිරිපත්වී ඇති බව සඳහන්.

ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ සහ ආරක්ෂිත රටක් ලෙස සැළකෙන ෆින්ලන්තය 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කළ අතර, එහිදී ඔවුන් පරාජය කිරීමට ෆින්ලන්තය සමත්වුණා.

ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය මෑත කාලයේදී නේටෝවට සහය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට ලක්වූ කරුණක්.

මේ නිසා රුසියානු යුද ගුවන් යානා තර්ජනාත්මක ලෙසින් ස්වීඩන ගුවන් තලය ආක්‍රමණය කරන බවටද තොරතුරු වාර්තාවුණා.

මේ අතර රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති විදේශිකයන්ට කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවනවා.

එම ඉල්ලීම සිදුකළේ යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින්.

ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ බව වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා තිබෙනවා.

බටහිර රටවල් යුක්රේනයට අවි ආයුධ යැවීමට පියවර ගත්තද එහි හමුදා යැවීමේ තීරණයකට මෙතෙක් එළඹී නැහැ ෴

+

රුසියාව පොහොර අපනයනය නවතයි – ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉහළ යාමේ අවදානමක්

(06.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පොහොර අපනයනය නතර කිරීමට රුසියාව තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ පොහොර මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

එය, ලොව පුරා ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළ නැංවීමටද හේතුවනු ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල සම්බාධක මුහුණදෙන රුසියාව පොහොර, අපනයනය කපා හැරීමට තීරණය කර ඇත්තේ ඒ සඳහා පවතින බාධක සැළකිල්ලට ගනිමින්.

රුසියාව සියලු වර්ගවල භෝග පෝෂක අඩු මිලට ලොව පුරා බෙදාහරින සැපයුම්කරුවෙකු ලෙසයි සැළකෙන්නේ.

විශේෂයෙන් රුසියාවේ එම තීරණය එරට පොහොර මත යැපෙන දකුණු ඇමරිකානු සෝයා බෝංචි, කෝපි සහ සීනි නිෂ්පාදන රටවලට ගැටළුකාරී තත්වයක් වනු ඇති.

රුසියාවට පොහොර අපනයනය අත්හිටුවීම තුලින් ගෝලීයව විශාල පොහොර හිඟයක් මතුවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කර්මාන්ත හා වෙළඳ කටයුතු රුසියාව තුළ සහ ඉන් පිටත සාමාන්‍ය සේවා නැවත ආරම්භ කරන තෙක් පොහොර අපනයනය අත්හිටුවීමට නිර්දේශ කර ඇති බවයි රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තීරණයත් සමග පොහොර මිල ඉහළ යනු ඇති අතර එය ලොව පුරා ගොවීන්ට ගැටළුවක් විය හැකි බවටයි වාර්තා පළවන්නේ.

පොටෑෂ් සහ නයිට්‍රජන් වැනි පොහොර බොහෝ දුරට රුසියාවේ සිට දුම්රිය සහ නැව් මගින් ප්‍රවාහනය කරනු ලබනවා.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපා සංගමය මෙන්ම බටහිර රටවල් පැනවු සම්බාධක හමුවේ විදේශීය නැව් සමාගම් එම කලාපයෙන් ඉවත් වී තිබෙනවා.

මේ හේතුවෙන් ලෝකයේ විශාලතම බහාලුම් නෞකා ක්‍රියාකරුවන් ඇතුළු විශාල නැව් සමාගම් කිහිපයක් රුසියානු වරායන් වෙත සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොහොර බෙදා හැරීම ඇනහිටීම හේතුවෙන්, යුරෝපයේ සහ වෙනත් රටවල ගොවීන්ට ගිවිසුම්ගත පොහොර ප්‍රමාණය ලබා ගත නොහැකි තත්වයක් මතුවෙමින් පවතිනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව 2017 දී පොටෑෂ් වෙළඳපොලෙන් 18% ක් සපයනු ලැබුවේ රුසියාව විසින්.

අනෙකුත් පොහොර අතර, ඇමෝනියා අපනයනයෙන් 20% ක් සහ යූරියාවලින් 15% ක් ද වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය වසර තුළ පොහොර මිල ඉහළ ගොස් ඇති අතර නිදසුනක් වශයෙන්, බඩ ඉරිඟු සඳහා භාවිතා කරන ප්‍රධාන පොහොරක් වන නිර්ජලීය ඇමෝනියා සඳහා මිල පසුගිය මාසයේදී ටොන් එකකට ඩොලර් 1,492 ක් ලෙසටයි වාර්තා වුයේ.

තවදුරටත් මිල ඉහළ යාම ගොවීන් මත පීඩනයක් ගොඩනැගෙන අතර, ඔවුන් දැනටමත් ඉන්ධන, වල් නාශක රසායනික ද්‍රව්‍ය, බෝග බීජ සහ ශ්‍රමය සඳහා සැලකිය යුතු ලෙස ඉහළ මිලක් ගෙවමින් සිටින බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ ෴

+

යුක්රේනයට ජෙට් යානා

(06.03.2022 – 17:30 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට ජෙට් යානා සැපයීම සඳහා පෝලන්තය සමඟ ගිවිසුමකට එළැඹීමට ඇමරිකාව කටයුතු කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

මේ සම්බන්දයෙන් එක්සත් ජනපදය මිත්‍ර රාජ්‍යන් සමඟ කටයුතු කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා ෴

+

දින 10 ක් තුළ මිලියනය ඉක්ම වූ යුක්රේන සරණාගතයින් අසල්වැසි රටවලට

(06.03.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිට දින 10 ක් ඇතුළත මිලියන 1.5 කට අධික සරණාගතයින් අසල්වැසි රටවලට ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එය දෙවන (2) ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය බවයි.

මේ අතර යුක්රේනයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අද තහවුරු කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *