තිස්ස අත්තනායකගේ දේශ ද්‍රෝහී පනතට එරෙහිව අධිකරණයට යනවා – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බංඩාර

තිස්ස අත්තනායකගේ දේශ ද්‍රෝහී පනතට එරෙහිව අධිකරණයට යනවා – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බංඩාර

*********************************************

තිස්ස අත්තනායකගේ දේශ ද්‍රෝහී පනතට එරෙහිව අධිකරණයට යනවා – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බංඩාර

(11.08.2021 – 10:24 +0530 – lankaleadnews.com)

තිස්ස අත්තනායක විසින් පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව අදාළ කෙටුම්පත සම්බන්ධව රටට කරුණු ඉදිරිපත් කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් අද (11) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුනණු අතර එම මාධ්‍යය සාකච්ඡාවට ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, නීතීඥ කල්‍යාණන්ද තිරණාගම මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා එක්ව සිටියා.

එහිදී වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් :

“‘ඒ.එන්.එම්. අසීම්’ නැමැති පුද්ගලයකු විසින් පවත්වගෙන යන ‘මානව හිමිකම් සංවිධානය’ නැමති ආයතනයක් සංස්ථාපනය කරන්න ජාතික සමගි ජන බලවේගයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනවක් වශයෙන් තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා පාර්ලීමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරයකුගේ ආශිර්වාදය නැතුව පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් පණත් කෙටුම්පතක් දක්වා යන්නේ නෑ. කවුද ඉන්නේ, මොනවද මේ තාක් කලේ කියලා දන්නේ නැති සංවිධානයකට අති විශාල බලයක් දීලා තියෙනවා. මේ ආයතනයට පුළුවන් රාජ්‍ය ආයතන වලට මැදිහත් වෙන්න. රාජ්‍ය ආයතන වල ඉන්නෙ ජනතාවගේ විධායක බලය මත විධිමත්ව පත් කරන ලද නිළධාරින්. ඒ අයගේ කටයුතු වලට මැදිහත් වෙන්න මේ වගේ ආයතනයක පුද්ගලයන්ට තිබෙන බලය කුමක්ද? ඉදිරියේදි ඉස්ලාමීය අන්තවාදය හෝ බෙදුම්වාදය සම්බන්ධ ගැටුමක් ඇති වුවහොත් රාජ්‍යය අකර්මණ්‍ය කිරිමට මෙම ආයතන යොදා ගැනීමේ බරපතල අනතුරක් තියෙනවා. එවැනි අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න බැරිවෙන්න තිරිංග දාන්න තමයි මේ වගේ ආයතන නිර්මාණය කරන්නෙ. මේක තනි සිදුවීමක් නෙමේ. සිදුවීම් මාලවක කොටසක්. මේ කෙටුම්පත මේ ආකාරයෙන්ම 2013 දි රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගෙ ගෝලයෙක් වන ‘යූනුස් ෆාරුක්’ පාර්ලිමේන්තුවට ගෙනාවා. එදා මහින්ද රාජපක්ෂ රජය ඒ අනතුර දැකලා ඒක නැවත්තුවා. ඊළගට 2015 දි ආයේ මේක ගේනවා මඩකළපුවේ ‘අලී සහිර්’ කියන මන්ත්‍රිවරයා. ඒ නිසා මේක කාගේ උවමනාවක්ද කියන එක පැහැදිලියි. ආණ්ඩුව මේ ක්‍රියාවලියේ සමස්ථය දකින්න අසමත් වෙලා තියෙනවා. අපි ඒ නිසා ‘ගෝලීය ශ්‍රි ලංකා සංසදය’ සහ ‘ජාතික සංවිධාන එකමුතුව’ හැටියට මේ කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කලා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙහිදි අදහස් දැක්වු ‘ගෝලීය ශ්‍රි ලංකා සංසදයේ’ විධායක සභාවේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා :

“මේ සංවිධානයේ නමම ප්‍රශ්නයක්. ‘මානව හිමිකම් සංවිධානය’ කිවුවම ඒක ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’ සමග පැටලෙන්න පුලුවන්. සමාගම් ලියාපදිංචි කිරිමේ දි හරි සමිති ලියාපදිංචි කිරිමේදි හරි එක හා සමාන නම් වලින් ව්‍යාපාර හා සමිති සමාගම් ලියාපදිංචි කරන්න දෙන්නේ නෑ, මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නැත්නම් මානව හිමිකම් කඩවීමකින් අගතියට පත් වුන පාර්ශවයකට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. මේ වගේ කෙටුම්පතක් අදාල විෂය භාර අමාත්‍යවරයා හරහා නැතුව පෞද්ගලික මන්ත්‍රිවරයෙක් හරහා ඉදිරිපත් කිරිම පස්සා දොරෙන් රිංගීමක් වෙන්න පුළුවන්. දැන් මානව සංවිධාන හතු පිපෙන්නා වගේ බිහි වෙනවා. දැන් මේ සංවිධානය ගිහිල්ලා ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් දුන්නොත් ඒක රාජ්‍යයට අනුබද්ධිත ආයතනයක් බවට ආවේශ්‍ය වෙනවා. ඒකට රාජ්‍යමය වටිනාකමක් ලැබෙනවා. මේ හදන්නේ අතුරු දහන් වු පුද්ගලයන්ගේ කොමිසම වගේ රටට , රණ විරුවන්ට එරෙහිව මානව හිමිකම් තොරතුරු රැස්කිරිමේ සහ චෝදනා කිරිමේ ෆැක්ටරියක් බිහි කරන්න. මේ ආයතනය කාටද වගකියනේ. කාටද මේ ආයතන උත්තර දෙන්නේ. මේ ආයතනයට ලැබෙන මුදල් සහ එහි ක්‍රියාකාරිත්වය නියාමනයට අයිතිය තියෙන්නෙ කාටද? ‘මානව හිමිකම් කොමිෂම’ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. මේ ආන්ඩුව බලයට ආවේ විදේශ රාජ්‍යයන්ගන් පොම්ප කරන ඩොලර් වලින් මෙරට තීන්දු තීරණ ගන්න තැන් වලට ජන මතයට බලපෑම් කරන රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කරන්න. ඒත් මේ ආයතනය සම්බන්ධයෙන් එහෙම කිසිම බලයක් රජයට නෑ. ඒ විතරක් නෙමේ මේ කෙටුම්පතේ 07 වන වගන්තියෙන් මේ සංවිධානයේ නිළධාරින්ට රාජ්‍ය නිළධාරින්ගේ සහ පොලිසිවල කටයුතුවලට මැදිහත් වෙලා ගැටලු නිරාකරණය කරන්න බලය ලබ දෙනවා. යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට පොලිසියට, මානව හිමිකම් කොමිසමට යම් පාර්ශවයක් නියෝජනය කිරිමේ හැකියාව තියෙනවා. ඒත් නීරාකරණය කරන්න බලය දෙන්නේ කොහොමද? නිරාකරණය කරනවා කියන්නේ යම් අවසාන තීරණයක් දෙනවා කියන එකයි. ඒක විධායක හෝ අධිකරණ ක්‍රියාවලියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 සහ 4 වන ව්‍යවස්ථාවලින් පැන නගින ඒ බලතල මේ වගේ මානව හිමිකම් නමින් පෙනි සිටින වර්ගවාදි සංවිධානවලට ලබා දීම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමක්.” යනුවෙන් පැවසුවේය.

‘ජාතික සංවිධාන එකමුතුව’ සහ ‘ගෝලීය ශ්‍රි ලංකා සංසදය’ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගෙන ආ මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම අද (11) දින විභාගයට ගනු ලබන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

+++++++++++

++++++++++++

++++++++++++

******************************************

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්ගෙන් නීති විරෝධී චක්‍රලේකයක් – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

(11.08.2021 – 08:28 +0530 – lankaleadnews.com)

Web Page

@@@@@ කොවිඩ් පුවත් @@@@@

දිනක වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි, මරණ 118 න් 101 ක් 60 ඉක්මවූවන්

(11.08.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) දිනයේ නැවතත් මෙරට වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වුණා.

ඒ අගෝස්තු 09 වනදා සිදුවූ මරණ 118 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟයි.

අදාල මරණ අතරින් මරණ 101 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ වන අතර ඉන් 64 දෙනෙකු පිරිමි පුද්ගලයන්.

කාන්තාවන් 37 දෙනෙකුද එම 101 දෙනා අතර සිටිනවා.

වයස අවුරුදු 30 ත් 59 ත් අතර ඛාණ්ඩයේ මරණ 17 ක් වාර්තා වන අතර ඉන් 15 ක්ම පිරිමි පුද්ගලයන්.

ඊයේ (10) මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2904 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 332,947 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 339,074 ක් ලෙසයි.

ඒ අනුව, ඊයේ (10) වාර්තා වු ආසාදිතයින 2904 අමතරව කොරෝනා රෝගින් 3223 දෙනෙකු එහි වැඩිපුර සටහන් වි තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වෙතින් විමසිමක් කළ අතර, ඔහු සඳහන් කළේ පසුගිය සතිය තුළ ප්‍රමාද වි වාර්තා වු කොරෝනා අසාදිතයින් 3223 දෙනෙකු ඊට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර තවත් ස්පුටින්ක කොරෝනා එන්නත් මාත්‍රා 15,000 ක් අද (11) අළුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

එසේම, විවිධ රෝගවලින් පීඩා විඳින බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මකයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ එම වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහල, ගම්පහ මහ රෝහල සහ කළුතර – නාගොඩ මහරෝහලේදී පෙරවරු 8 සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු, මධ්‍යස්ථාන වෙත සපයා නොමැති නම් හෝ මෙම වැඩසටහන ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1906 දුරකථන අංකය ඔස්සේ කොව්ඩ්-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතන ලෙසද දැනුම් දෙනවා.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක අතර නිල රාජකාරිවලට අනුයුක්ත පුද්ගලයින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

එසේම මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට 50 දෙනෙකුට සීමා කෙරුණා.

මේ අතර කොළඹ 01 සර්. බාරෝන් ජයතිලක මාවතේ ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු මහජන සබඳතා කවුලු අද (11) සිට ලබන 20 වනදා දක්වා වසා තැබෙන බව මහ බැංකුව නිවේදනය කළා.

එහි සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිත වීම ඊට හේතුව බවයි සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

++++++++++++++++++

(11.08.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත වන ශ්‍රි ලාංකීක ශ්‍රමිකයන් සදහා අවශ්‍ය රැපිඩ් පීසීආර් හෙවත් අහඹු කොරෝනා පරීක්ෂණ මෙරට ගුවන්තොටුපොල ආශ්‍රිතව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ඉදිරි සතිය තුලදී ලබාදීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ විදේශගතව සිට දිවයිනට පැමිණ යලි මැදපෙරදිග රැකියා සදහා පිටත්ව යාමට බාධා සිදුවූ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයී.

මේ අතර, මෙරට ගුවන්තොටුපොල ආශ්‍රිතව රැපිඩ් පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සදහා අවශ්‍ය පහසුකම් අවම වීම හේතුවෙන් සිය රැකියා සදහා යලී පිටත්ව යාමට නොහැකිව තමන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයන් පිරිසක් ප්‍රකාශ කළා ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(11.08.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවසකට පැමිණි කල්ලියක් විසින් නිවසේ භාණ්ඩ කඩා දමා, නිවැසියන්ට තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නිවැසියන් නිවසේ නො සිටි අවස්ථාවක කිසියම් කණ්ඩායමක් පැමිණි නිවසේ භාණ්ඩවලට හානිකොට ඇති බවට යි.

නිවැසියන් නිවසට පැමිණි අවස්ථාවේ අදාළ කණ්ඩායම නිවැසියන්ට තර්ජනය කර ඇති අතර පැමිණිළිකරු ඒ බව සඳහන් කොට ඇති බව ද පොලිසිය පැවසුවා.

පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවට පොලිසි සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

******************************************

(11.08.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවලදී සිදුකෙරෙන දික්කසාද, විවාහ අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් මෙරටදී පිළිගැනීම සඳහා අදාළ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වනවා.

ඊට අදාළව නීතිමය විධිවිධාන පැනවිය හැකි පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට නියමිත අතර, එය නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදුකෙරෙනු ඇති.

ශ්‍රී ලංකාවේදී විවාහ වී ඉන් අනතුරුව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී විවාහ නඩු පවරා ලබා ගන්නා තීන්දු දැනට ශ්‍රී ලංකාව තුල පිළිගන්නේ නැහැ. ඒ හේතුවෙන් අදාළ පාර්ශවයන්ට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන් ශ්‍රී ලංකාවේදී දික්කසාද නඩුවක් පැවරිය යුතුයි.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහායි විදේශ දික්කසාද ශ්‍රී ලංකාව තුල පිලිගැනීම සඳහා වන නීතිමය විධිවිධාන සැලසීමට කටයුතු කෙරෙන්නේ ෴

******************************************

(11.08.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙස බලකරමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (11) මාසයක් ගත වනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ තවමත් සිය ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.

මේ අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති කිහිපයක් සමගද ගුරු සංගම් ඊයේ (10) සාකච්ඡාවක නිරත වුණා.

ඒ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අදාළ කටයුතු සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ෴

******************************************

(11.08.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ මූලික අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ ඒවා දිනපතා විභාගයට ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

එලෙස අධිචෝදනා ගොනු කළ සැකකරුවන් අතර නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් වන බවයි සඳහන් වනනේ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කිංග්ස්බරි හෝටලය, ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ දෙහිවල ට්‍රොපිකල් ඉන්හි සිදු වූ බෝම්බ පිපිරීම් අටට (8) අදාලව මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අධි චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ චෝදනා විභාග කිරීම සඳහා ත්‍රි පුද්ගල (3) විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසටයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ගණන 23,270 ක්.

කුමන්ත්‍රණය කිරීම, සැලසුම්කිරීම, ආධාර හා අනුබල දීම, පුපුරණද්‍රව්‍ය හා ගිනි අවි එක්රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනය සහ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඒ අතර වනවා.

මෙම චෝදනා ගොනු කිරීමේදී විමර්ශන නිලධාරීන් විසින් මියගිය සහ තුවාල ලැබූ සියලු‍ පුද්ගලයින් පිළිබඳ සැලකිල්ලට ලක් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *