කොවිඩ්-19 රෝගීන්ට වැළඳෙන ‘කළු දිලීරය’ කුමක්ද?

කොවිඩ්-19 රෝගීන්ට වැළඳෙන ‘කළු දිලීරය’ කුමක්ද?

*********************************************

කොවිඩ්-19 රෝගීන්ට වැළඳෙන ‘කළු දිලීරය’ කුමක්ද?

(23.05.2021 – am.lk)

ඉන්දියාවේ නවතම ප්‍රශ්නය වන්නේ කළු දිලීරයයි. එය දැනට ප්‍රාන්ත කිහිපයක පැතිරෙමින් පවතින අතර ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් රජයට බල කරන්නේ මේ සම්බන්ධව ඉන්දියාව පුරා හදිසි තත්ත්‍වයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. එය කිසියම් හෝ මොහොතක ලංකාවට පැමිණියහොත් මේ අවස්ථාවේ අපට සිදු වන්නේ ද ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීමටත් එහා කරදරයකි.

මේ කළු දිලීරය යනු කුමක්ද ?

කළු දිලීරය යනු සාමාන්‍යයෙන් තෙත් අඳුරු ස්ථානවල වැඩෙන කළු පැහැති දිලීරයකි. Mucormycosis යනුවෙන් හැඳින්වෙන මෙය මිනිසුන්ට ආසාදනය වීම ඉතා දුර්ලභ සිදුවීමක්. පස, ශාක, පොහොර සහ දිරාපත් වන පලතුරු හා එළවළු වල බහුලව දක්නට ලැබෙන දිලීරයට නිරාවරණය වීමෙන් රෝගී වීම සිදු වේ.

සාමාන්‍ය කෙනෙකුට එයින් හානියක් නොවූවත්, දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය එම ආක්‍රමණවලට ගොදුරු විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා රෝගයෙන් සුව වූ දියවැඩියා ලක්ෂණ ඇති රෝගීන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි ඉඩක් ඇති බව සොයාගෙන තිබෙනවා. එසේම එය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නක් නොවන රෝගයක්.

කිසියම් කෙනෙකු වාතය මගින් ප්‍රචාරණය වන මෙම කළු දිලීර බීජාණු ආශ්වාස කිරීමෙන් පසු ඒවා පෙනහළුවල ප්‍රදාහය වූ කෝටරකවලට හෝ සම මතුපිට වූ කැපුණු ස්ථාන වැනි තැන්වලින් සිරුර තුළට ඇතුළුවීම සිදු විය හැකියි. රෝග ලක්ෂණ පහල වන්නේ ශරීරයේ දිලීර වර්ධනය වන ස්ථානයේ වන අතර මුහුණේ ඉදිමීම, උණ, සමේ වණ සහ මුඛයේ කළු තුවාල ආදිය ද ඇති විය හැක.

විශේෂඥයින් පවසන අන්දමට මෙම රෝගය නිසා මුලින්ම අපගේ නළල, නාසය, කම්මුල් සහ ඇස් සහ දත් අතර පිහිටා ඇති හිදැස්වල සමේ ආසාදනයක් ලෙස පෙනෙන්නට පටන් ගනී. පසුව එය ඇස්වලට පෙනහළු සහ මොළයට පවා පැතිර යා හැකිය. එය නාසය කළු වීම හෝ දුර්වර්ණ වීම, නොපැහැදිලි හෝ ද්විත්ව පෙනීම, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස සමග රුධිරය පිටවීම මෙහි රෝග ලක්ෂණ වනවා. මෙය සිරුර ආක්‍රමණය කරන එක් ක්‍රමයක් වන්නේ රුධිරය හරහා පැතිරී විවිධ ඉන්ද්‍රියයන් ආක්‍රමණය කිරීමයි. එහිදී පටක මිය යන අතර ඒ මිය යන පටක කළු පැහැති වනවා. ඒ නිසා එම රෝගය කළු දිලීර (Black Fungus) රෝගය නමින් නම් කර තිබෙනවා.

රෝගී වූවන්ගෙන් 50% ක් මිය යා හැකි බව කියන මේ කළු දිලීර රෝගය දැනට කෝවිඩ්-19 නිසා රෝගීව සිට පෙනහළුවල ආසාදනයන්ගෙන් ආරක්ෂා කිරීමට ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ ලබා දුන් රෝගීන්ට වඩාත් වැඩි බලපෑමක් සිදු කරන බව වෛද්‍යවරු අනුමාන කරනවා.

ස්ටෙරොයිඩ් ඖෂධ විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික වේගයෙන් ක්‍රියාකරවීම නිසා කෙරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම මගින් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට උපකාරී වේ. නමුත් එම ඖෂධ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය අඩු කරන අතර දියවැඩියා රෝගීන් සහ දියවැඩියා නොවන කොවිඩ්-19 රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවන බව පර්යේෂකයින්ගේ මතයයි. මෙම ප්‍රතිශක්තිකරණය අඩු වීම කළු දිලීරයට ශරීරය ආක්‍රමණය කිරීමට ඉඩ සලසන බව වෛද්‍යවරුන් සැක පහල කරනවා. කොරෝනා රෝගීන්ට අමතරව, පිළිකා රෝගීන්, HIV ආසාදිතයින් මේ අනතුරට ගොදුරු විය හැකි බව ඔවුන් පවසනවා.

ආසාදනය දරුණු වූ විට දිලීර ආසාදනය රුධිර නාල හරහා මොළයට ගමන් කරයි. එමගින් ඇස් පෙනීම නැති වීමට හෝ මුහුණේ ‘සැලකිය යුතු අන්දමේ සිදුරක්’ ඇති කිරීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. පාලනය නොකළහොත්, ප්‍රතිකාර නොකළහොත්, එය 20% සිට 50% දක්වා ඕනෑම පරාසයක මරණ අනුපාතයක් බලාපොරොත්තු විය හැකි බව විශේෂඥයින්ගේ මතයයි.

මෙම රෝගයට ලබා දිය හැකි ප්‍රතිකාර ලෙස Amphotericin-B නිර්දේශ කර තිබෙන අතර ඉන්දියාවේ දැනටමත් Amphotericin-B හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මේ රෝගය උත්සන්න වී ඇසට ආසාදනය වුවහොත් ඇස ගලවා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව වෛද්‍යවරුන් පවසනවා.

රෝගීන්ට සුවය ලැබීමට සති හයක් (6) දක්වා දිලීර නාශක Amphotericin-B අවශ්‍ය වනවා. ඔවුන්ගේ සුව වීම රඳා පවතින්නේ කෙතරම් ඉක්මනින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකිවේද යන කරුණ මතයි.

බොහෝ විට, මියගිය හෝ ආසාදිත පටක කපා දැමීමට ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. ‘සමහර රෝගීන් තුළ මෙය හක්කේ ඉහළ කොටස හෝ සමහර විට ඇස පවා අහිමි වීමට හේතු විය හැකිය’ යනුවෙන් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මුම්බායි හි සියොන් රෝහල තුළ පමණක් පසුගිය මාස දෙක තුළ දිලීර ආසාදන රෝගීන් 24 ක් වාර්තා වී ඇති අතර සාමාන්‍යයෙන් වසරකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වන 18 ට වඩා රෝගීන් 6 ක් මේ මාස දෙක (2) තුළ පමණක් ඉහළ ගොස් ඇති බව රෝහලේ කණ, නාසය සහ උගුර අංශයේ ප්‍රධානී වෛද්‍ය රේණුකා බ්‍රැඩූ පවසි තිබෙනවා.

එම රෝගීන් 24 දෙනාගෙන් එකොළොස් දෙනෙකුට (11) ඇස් අහිමි වූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් (6) මිය ගොස් තිබෙනවා. ඇගේ රෝගීන්ගෙන් බහුතරයක් කොවිඩ්-19 සුවය ලබා සති දෙකකට පසු දිලීරයට ගොදුරු වූ මැදිවියේ දියවැඩියා රෝගීන් වීම විශේෂත්‍වයක්. “අපි දැනටමත් සතියකට මෙවැනි අවස්ථා දෙකක් (2) හෝ තුනක් මෙහි දකින්නෙමු. එය වසංගතයක් තුළ ඇති බියකරු සිහිනයකි,” ඇය බිය පළකරනවා.

දකුණු බැංගලෝරයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය රගුරාජ් හෙග්ඩේ ද එවැනිම කතාවක් කියනවා. ඔහු පසුගිය සති දෙක (2) තුළ කළු දිලීර ආසාදිත රෝගීන් 19 ක් දැක ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තරුණ රෝගීන් ය.

මේ වන විට තමිල්නාඩු, ඔඩීෂා, ගුජරාට්, රාජස්ථාන් සහ තෙලන්ගානා යන ප්‍රාන්ත පහ (5) කළු දිලීර වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් ප්‍රාන්ත කිහිපයක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලියේ රෝහල්වල ද පෙර නොවූ විරූ ලෙස රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබේ. සමහර රෝහල්වල මීට පෙර මසකට එකක් හෝ දෙකක් රෝගීන්ගේ අනුපාත හා සසඳන විට දැන් දිනකට නව රෝගීන් 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන්. දිල්ලියේ සහ බැංගලෝරයේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් සඳහා පොරොත්තු ලේඛනයක් පවා දැන් සකසා තිබෙනවා.

මේ රෝගය සමහරවිට ලංකාවට බලපෑමක් නොකරනු ඇති. නමුත්, ඔබගේ පරිසරයේ මේ අවස්ථාවේද තිබිය හැකි මේ කළු දිලීරය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ ඕනෑම විටෙක පහර දීමට පුළුවනි. එවිට කළ යුතු දේ ඉතාමත් ඉක්මනින් අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ වටිනා ඇස් සහ මුහුණේ කොටස් ආරක්ෂා කරගත හැකියි.

මෙය අවදානමක් පැමිණීමට පෙර දැනුවත් කිරීමක් පමණයි. නමුත් දැන් දැන් අප වුවත් සූදානම් වී සිටීම නුවණට හුරුයි. එසේ නැතහොත් කොරෝනා සමග දැන් දැන් මතුවෙමින් පවතින ඩෙංගු වසංගතයට මෙම කළු දිලීර එකතු වුවහොත් අපට තවත් යුද්ධයක් කිරීමට සිදු වේවි.

අවට පරිසරය හැකිතාක් පිරිසිදුව තබා ගන්න. මේ දිනවල වැසි සහිත කාලගුණය නිසා නිවසේ දිලීර වර්ධනය විය හැකි තැන් පිරිසිදු කරන්න. නිතර නිතර ප්‍රතිශක්තිකරණය වැඩිකරන ආහාර පාන සහ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. දියවැඩියාව රෝගීන්ගේ අළුත් රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න. එවැනි රෝග ලක්ෂණයක් දුටු විගස වෛද්‍යවරයා දැනුවත් කර, අවශ්‍ය නම් Amphotericin-B ලබා දෙන්න.

– රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද

++++++++++

2020 අගෝස්තු මාසයේදී ආරූඪයෙන් ‘යක්ෂ දත් එන අද්භූත මිනිසා’ කිව් අනාවැකිය !

අජිත් ගුරුන්නාන්සේ ආරූඪයෙන් කිව්වේ මෙම ‘කළු දිලීරය’ නැමති වසන්ගත රෝගය ගැන ද? (විඩියෝවේ 16:41 සිට 18:24 දක්වා)

++++++++++

රතන සූත්‍රය

++++++++++++++++++++

කළු දිලීර රෝග වැළදීමේ මුලික හේතුව පිරිසිදු නොමැති මුව ආවරණ පැළඳීමයි – වෛද්‍ය විශේෂඥයින් කියයි

(23.05.2021 – nethgossip.lk)

දීර්ඝ කාලයක් තිස්සේ එකම මුව ආවරණය පැළඳ සිටින රෝගීන් තුළ කළු දිලීර රෝග ලක්ෂණ සොයාගෙන ඇති බැවින් සෑම දින 3 කට වරක් ඔබේ මුව ආවරණ වෙනස් කරන ලෙස වෛද්‍ය සංජය පෙරේරා මහතා මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්දියාවෙන් මතුවූ කොවිඩ් රැල්ලත් සමග කළු දිලීර රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් එරට සෞඛ්‍ය කේෂ්ත්‍රය තුල දැඩි අර්බුදයක් ඇති වුවා.

මෙම කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් සොයා ගනු ලැබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. ඒ අම්පාර ප්‍රදේශයෙන්.

කළු දිලීර රෝගය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ පුද්ගලයින් එකම මුව ආවරණය දින ගණන් මාරු නොකට පැළඳීම ඇතුළු දුර්වල සනිපාරක්ෂක ක්‍රියාකාරකම් කොවිඩ් ආසාදනය වූ සහ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට කළු දිලීර රෝගය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බවයි.

ඉන්දියාවේ දෛනිකව කළු දිලීර රෝගය ආසාදනය වූ රෝගීන් 2-3 දෙනෙකු වාර්තා වන බවත් දෛනිකව එම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි එරට වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

මේ හේතුවෙන් ඔබ මුව ආවරණයක් භාවිතා කරන්නේ නම් එය පිරිසිදුව භාවිත කිරීමට සහ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමට පියවර ගැනීමෙන් කළු දිලීර වැනි මාරාන්තික රෝග වලින් ආරක්ෂා වීමට හැකිය ෴

++++++++++++++++++++

අමු පොල්තෙල් දිව ඔසුවක් වෙයි.. කොරෝනාවෙන් පණබේරෙන බව විද්‍යාත්මක පරීක්‍ෂණයකින් සනාථයි..

(23.05.2021 – 10:40 +0530 – lankacnews.com)

කොවිඩ්-19 රෝගය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආහාර වේලට රත් නොකළ නැවුම් පොල්තෙල් යොදාගැනීමෙන් එම රෝගීන්ගේ කොරෝනා රෝග ලක්ෂණ සමනය කරගත හැකි බවත් ඒ තුළින් ඔවුන් හදිසි ප්‍රතිකාර ලැබීමේ තත්ත්වයට වැටීමෙන් වලක්වාගත හැකි බවත් නවතම විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් ඔප්පුවී ඇතැයි මෙරට ප්‍රකට රසායන විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා හෙළිකරයි.

පොල්තෙල්වල 50% ක් පමණ තිබෙන්නේ ලෝරික් අම්ලය බවත් එය ජීර්ණය වූ පසුව හැදෙන මොනලෝරේට් (මොනෝලෝරීන් ?) රසායනිකය මගින් වෛරසවල පිටත ආවරණය දියකළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. මේ සඳහා කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයින් 58 දෙනෙකු පරීක්ෂණයට භාජනය කර තිබෙනවා. මොවුන්ට දින 28 ක් පුරා නැවුම් පොල්තෙල් ලබාදී තිබෙනවා. නැවුම් පොල්තෙල් ආහාරයට එකතු කරපු කොවිඩ්-19 රෝගීන් 28 දෙනාට හුස්ම ගැනීමේ අපහසුතා පැමිණිලා නෑ. කැස්ස වැඩිවෙලා නෑ. නිරෝගී ලක්ෂණ තමයි පෙන්වලා තිබෙන්නේ.

විද්‍යාත්මකව ගත්තොත් මේක පොල්තෙල්වල තියනවා 50% ක් පමණ ‘ලෝරික් අම්ලය’ කියන අම්ලය. ඒක තමයි පොල්තෙල්වල ප්‍රධාන සංඝටකය. ආහාර ජීර්ණය වුණාට පස්සෙ මේක මොනලෝරේට් කියන රසායනිකය බවට පත්වෙනවා. මේ මොනලෝරේට් වලට වෛරසවල තිබෙන පිටත ආවරණය දියකිරීමට හැකියාව තියනවා කියල සොයාගෙන තිබෙනවා.”

+++++++++++

[ https://www.google.com/search?q=Coconut+oil+and+Covid+19 ]

++++++++++++++++

මේ වගේ බෙහෙත් තියෙද්දි මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බෑ ඉක්මනින් මේ දේවල් කරන්න – දේශීය වෛද්‍ය අමිල සංජීව මහතා (23.05.2021)

https://www.youtube.com/watch?v=dVRsGlU9YNU

@@@@@@@@@@@@@@@@@@

22-05-2021

******************************************

23-05-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *