IDH රෝහලෙන් පලාගිය කාන්තාව සොයන්න බුද්ධි අංශත් කැඳවයි
‘කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනේ’ : ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු
*********************************************
IDH රෝහලෙන් පලාගිය කාන්තාව සොයන්න බුද්ධි අංශත් කැඳවයි
(21.11.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වයිරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා බුද්ධි අංශ යොදා විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් පොලිස් මූලස්ථානයේ 011 242 1111 යන දුරකතන අංකයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 011 243 3333 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය වනවා.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.
එම සේවිකාව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල සේවිකාවක් ලෙස කටයුතු කරන අතර, ඇය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා ආහාරපාන සැපයීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් අද (21) නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර, අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
අදාළ පරීක්ෂණ අනුව මහ බැංකු පරිශ්‍රය තුළින් වෙනත් කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බව එම නිවේදනයේ සඳහන්.
හදිසි අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ‘හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔවුන් වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ.
අද (21) දිනයේදී ආසාදිතයින් 319 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,590 දක්වා ඉහළ ගියා.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,873 දෙනෙකු පමණයි.
අද (21) තවත් ආසාදිතයින් 257 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,537 ක්.
එසේම, බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මීට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අටලුගම පදිංචි 04 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟයි.
මේ අතර, හුදෙකලා කර ඇති කොළඹ – මෝදර ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු අද විරෝධතාවක නිරත වුණා.
මෝදර – අලුත්මාවත – ඉබ්බාවත්ත මංසන්ධියේ පැවති විරෝධාතාවයට එක්වූ ඔවුන් කියා සිටියේ ආහාරපාන සපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇති බවයි.
කෙසේ වෙතත්, පොලිසිය මැදිහත්ව ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ පිරිස විසිර ගියා.
එසේම, ජින්තුපිටිය – 125 වත්තේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පවුල් කිහිපයකට මෙතෙක් කිසිදු සහනයක් හිමිව නොමැති බව එහි පදිංචිකාරිනියක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
++++++++++++++++++++
(21.11.2020 – 22:44 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වයිරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයාගෙන තිබෙනවා.
ඇය ඇහැළියගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
+++++++++++++++++++++
(21.11.2020 – 22:39 +0530 – hirunews.lk/sinhala)
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 230 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
මෙම ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මෙම ආසාදිතයින් 230 දෙනා සමඟ අද (21) දිනයේ මේ වනවිට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 487ක් ෴
++++++++++++++++++++++
(21.11.2020 – 23:33 +0530 – hirunews.lk/sinhala)
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 09 ක් අද (21) දිනයේ වාර්තා වනවා.
මෙම මරණ 09 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති අය අතර කාන්තාවන් 04 ක් සහ පිරිමි පුද්ගලයින් 05ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අවසන් වරට වාර්තා වූ මරණ 09 පිළිබඳ විස්තරය :
==========================================
***************************************
(21.11.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ හොඳම ක්‍රමය වන්නේ සංචරණය සීමා කර නිවසටම වී සිටීම.
නමුත් බිල්පත් ගෙවීම වැනි විවිධ එදිනෙදා අවශ්‍යතා සඳහා නිවසින් පිටතට යන්න අපි කාලක් තිස්සේ පුරුදුවෙලා ඉන්නවා.
ඔබ දැන සිටියාද..? මේ දියුණු වන තාක්ෂණයත් සමඟ ඔබේ බොහෝ අවශ්‍යතා සඳහා තිබෙන්නේ ඇඟිලිතුඩක දුරක් පමණක් බව.
මේ කියන්න යන්නේ, නිවසේ ඉඳන්ම ඒ වැඩ ටික කරගන්න විදිහ.
***************************************
(21.11.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ වාහන ආනයන තහනම පිළිබඳ යළි සලකා බලන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාහන ආනයන තහනම මෙරට ආර්ථිකයට මෙන්ම, වාහන ආනයනකරුවන් සහ ඊට අනුබද්ධ කර්මාන්තවලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන බවයි.
එමෙන්ම, තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දැමීමට සිදුවිය හැකි බවත්, එය මෝටර් වාහන කර්මාන්තය මගින් ඍජුව සහ වක්‍රාකාරව දිවිපෙවත පවත්වා ගන්නා ලක්ෂයකට අධික පිරිසකට දැඩි මූල්‍ය දුෂ්කරතා ඇති කරන බවත් එමගින් පෙන්වා දෙනවා ෴
*********************************************
‘කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනේ’ : ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු
(21.11.2020 – colombotoday.com)
වසංගතවලින් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමිදානය කළහොත් සිදුවන අවදානම් තත්වය පිළිබඳව තමන් මහාචාර්යවරියක් ලෙසත්, තමාගේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් ඇත්තේ ජල භූ විද්‍යාව ආශ්‍රිතව වීම හේතුවෙනුත්, ඈත අතීතයේ සිටම මෙවැනි කරුණු සම්බන්දයෙන් ඇති විද්‍යාත්මක සටහන් පරිශීලනය කර ඇති බැවිනුත්, කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමිදානය කිරීම අවදානම් බවට මතයක් ප්‍රකාශ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කර සිටිනවා.
වෙනත් රටවල භූමිදානය කරනවානම් අපිට බැරි ඇයි ?
අනෙක් රටවල භුමි ප්‍රමාණය ඉතා විශාලයි. ශ්‍රී ලංකාවේ ජන ගණත්වය ඉතා අධිකයි. ඊට අමතරව ලංකාවේ භූ විෂමතාවයට අනුව ගංගා විශාල ප්‍රමාණයක් රට පුරාම අරීයව විහිදෙනවා. ලංකාවට ලැබෙන වර්ෂාපතනය සහ උෂ්ණත්වය ඉහලයි. සුවිශේෂිතම කාරණය වන්නේ අනෙක් රටවල් භූගත ලිං ජලය භාවිතා කරන්නේ නෑ. අපේ රටේ ලිං ජලය පානය කරනවා. අනෙකුත් එදිනදා කටයුතුවලට යොදා ගන්නවා. අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සුවෙශේෂී තත්වයක්. අපේ රටට අනන්‍ය වූ භූ විෂමතාවයක් තිබෙන්නේ.
අදහස් ප්‍රකාශ කරන්න, භූමිදානය පිළිබඳව පර්යේෂණ කරන්න ඕනිද?
නැහැ. අපි විද්‍යාඥයන් ලෙස අදහස් පළකරන්නේ ලෝකයේ දැනට පලවෙලා තියෙන පර්යේෂණ පත්‍රිකා ඇසුරු කරගෙන. මම ජල භූ විද්‍යාඥයෙක් ලෙස ජල භූ විද්‍යාවට අදාළ සියලුම දේ පිළිබඳව පර්යේෂණ නොකරන්න පුළුවන් නමුත් අපිට විද්‍යාත්මක පර්යේෂණවල දත්ත තිබෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක් තිබෙනවා. පර්යේෂණයට පෙර ලෝකයේ මීට ඉහතදී සිදුකර ඇති පර්යේෂණයන්හි පර්යේෂණ පත්‍රිකා කොහොමත් අපි කියවනවා. මම සිදුකර ඇති පර්යේෂණ මත ජල භූ විද්‍යාවට අනුව භූගත ජලය දුෂණය වන ආකාරය, දුෂණය වුවහොත් කලයුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
අඩි 5 ක් යටට දැම්මහම කොහොමද වයිරසය බෝ වෙන්නේ?
විද්‍යාත්මක පරීක්ෂණ කරන්න කරන්න අපිට ලැබෙන දත්ත වෙනස් වෙනවා. මේ වයිරසය වතුරෙන් සම්ප්‍රේෂණය වන බවක් දැනට සොයාගෙන නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ වතුරෙන් සම්ප්‍රේෂණය වන්නේ නැහැ කියලා. නැත්නම් මේ වයිරසය වතුරට ගිහිල්ලා ඒ වතුර පානය කිරීම හේතුවෙන් ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ කියන එක තවම හොයාගෙන නැහැ. ‘නැහැ’ කියන එකෙන් අපිට කියන්න බැහැ වැළඳෙන්නේ නැහැ හෝ වැළඳෙනවා කියලා. අපි දැන් ඉන්නේ අවිනිශ්චිත තත්වයක. මේ වයිරසය වතුරට එකතුවූ විට අක්‍රියව පවතින්න පුළුවන්. වතුර මගින් ශරීරයට ගියහොත් ක්‍රියාකාරී වන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ අපි නොදන්නා කරුණු මෙතැන වැඩියි කියා. දන්නේ අධික උෂ්ණත්වයේදී මේ වෛරසය විනාශ වනවා කියන එක නිසා ඒ දන්නා ක්‍රමවේදය අපි යොදාගත යුතුයි කියන එක කියන්නේ ඒ නිසයි.
මළ සිරුරක් වලදැම්මොත් කිලෝ එකකට ලීටර එකක් ඕජස් වහනය වෙනවා. කිලෝ 60 ක සිරුරක් වල දැම්මොත් ලීටර 60 ක ඕජස් වහනය වෙනවා. මේවා ලිං ජලයට එකතුවෙන බව සුසාන භුමි ආශ්‍රිතව වසර 20 කට පෙර කැනඩාවේ සිදුකල පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා තමයි සුසාන භුමි ආශ්‍රිතව ලිං භාවිතා නොකරන්නේ සහ සියලුම සුසාන භූමිවල ආදාහනාගාර ඉදිකර තිබෙන්නේ.
අපිට වඩා මුහුදු මට්ටම අඩු රටවලට නැති ප්‍රශ්නයක් ඇයි අපේ රටට ?
මම පශ්චාත් ආචාර්ය උපාධිය හැදෑරුවේ නෙදර්ලන්තයේ. නෙදර්ලන්තයේ සහ මාලදිවයිනේ භූගත ජලය පරිභෝජනය කරන රටවල් නොවෙයි. ඔවුන් පරිභෝජනය කරන්නේ මුහුදු ජලය නිර්ලවනිකරණය කරලා. නමුත් ලංකාවේ භාවිතා කරන්නේ ලිං ජලයයි. එනිසා මේ රටවල් සහ ලංකාව අතර තත්වය වෙනස්.
කොරෝනා රෝගීන්ගේ මලමුත්‍ර පරිසරයට මුදා හරිම හරිද?
කොරෝනා රෝගීන්ගේ මලමුත්‍රවලින් මේ වයිරසය පිටවෙනවා. අපි පරෙස්සම් වියයුතුයි රෝගීන්ගේ ද්‍රව්‍ය බැහැර කිරීමේදී අපි පරෙස්සම් විය යුතුයි.
කොරෝනා රෝගීන්ගේ අපද්‍රව්‍ය විනාශ වීමට විශාල කාලයක් ගතවෙන්නේ නෑ. නමුත් මළ සිරුරු ජීර්ණය වීමට විශාල කාලයක් ගත වෙනවා. විශාල කාලයක් පුරාවට ඕජස් ගලනවා. විද්‍යාත්මක පරීක්ෂණ කියන්නේ ටිකක් කල් ගත වෙනවා. පරීක්ෂණවලින් තහවුරු කරගන්නා තුරු නොදන්නා දෙයක් කරලා අමාරුවේ නොවැටිය යුතුයි කියන එක තමයි මගේ අදහස.
උදාහරණයක් ලෙස ඩෙන්මාර්කයේ, ස්වීඩනයේ ලොම් සඳහා ඇතිකරන මුගටි විශේෂයකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ රටවල මේ මුගටින් විශාල ප්‍රමාණයකින් මරා දමමින් සිටිනවා. ලංකාවෙත් ඉන්නවා මුගටි වගේ පොලව හාරන මීයන්. අපි භූමිදානය කිරීමෙන් පසුව මළ සිරුරකින් මී ගහනයට වෛරසය ආසාදනය වුනොත් මොකද කරන්නේ. ඩෙන්මාර්කයේ මුගටි මරනවා වගේ මී ගහනය වනසන්න අපිට පුලුවන්ද? ඒ නිසා හොඳින් හිතා මතා තීරණ ගත යුතුයි. මොකද මේ වෛරසය පිළිබඳව අපි දන්නා කරුණු ඉතා අල්පයි.
මන්නාරමේ භූමිදානය කලාට කමක් නැද්ද?
තලෙයි මන්නාරම වගේ දුපතක් ගත්තොත් වැලි පසක් තිබෙන්නේ. කල්පිටියට සමානයි. කල්පිටියේ ගොවීන් පසට එකතු කරන පොහොර ඉතා ඉක්මනින් භූගත ජලයට එකතු වෙනවා. වැලි සහිත පසක් තිබෙන නිසා මන්නාරමේ ද ඉතා ඉක්මනින් ද්‍රව්‍ය පසට එකතු වෙනවා.
මන්නාරම ප්‍රදේශයේ තිබෙන්නේ හුණුගල් තට්ටුවක්. ඉතා විශාල හුණුගල් කුහර තිබෙනවා. මේ කුහර එකිනෙකට සම්බන්ධයි. භූගත ජලය මේ කුහරවල පිරිලා තිබෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි භූමිදානය කළහොත් ඉතා ඉක්මනින් මේ භූගත ජලයට එකතුවෙන්න පුළුවන්.
නිදර්ශනයකට ගන්න පුළුවන් යාපනයේ චුන්නාකම් කියන ප්‍රදේශයේ තිබුන ඩිසල් විදුලි බලාගාරයකින් ඉන්දන පසට එකතුවෙලා තිබුනා. එම ස්ථානයේ සිට කිලෝමීටර 5 කට එහායින් තිබුණු ලිංවලින් මේ ඩිසල් මතුවෙන්න ගත්තා.
භූගත ජලය දුෂණය වීම ඉතා දරුණු තත්වයක් මොකද භූගත ජලය අපිට පිරිපහදු කරන්න බෑ.
ජේෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ සම්පුර්ණ අදහස් දැක්වීම :
***************************************
ආශ්චර්යා පීරීස් මහත්මිය ඇස් හොඳ කරගන්න ගිහින් සිදුවුණ දේ …
(11.11.2020 – FB : LAK FM)
– කවුද හොර වෙදා ? ඇලියන්ති වයිටි ද ? ජනා අරමුදල ද ? අපේ සල්ලි ද ? මැරිල යන්නෙ මොන අපායට ද?
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴