ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? – ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? – ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA

රටේ මිනිස්සුන්ට කියන බොරු ලෝකෙට කියන්ඩ බෑනේ (02.10.2026)

ජේවීපීකාරයින්ගේ බහුබූත ප්‍රතිපත්ති නිසා… විදෙස් ආයෝජන නවතී ? (02.10.2026)

සිරස වර්ජන රැල්ලක් දැන් ක්‍රියාත්මකයි… මහරාජා, අපි ඔයාගේ යටත් වැසියෝ නෙවෙයි (02.10.2026)

නාමල්ට රු. කෝටි 07 ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය (02.10.2026)

‘පොඩි පැටී’ ඝාතනයත් සමඟ දකුණේ පාතාලය ගිනි ගනීද? ‘කරන්දෙණියේ සුද්දා’ තවත් ඝාතන වලට සුදානමක්! (02.10.2026)

ජවිපෙ සාමාජිකයිනි ප්‍රවේසම් වන්න (02.10.2026)

කොත්තමල්ලිත් නැති වෙන අය වැයක් (02.10.2026)

පොලිස් ඇප් එකකින් යටගැසූ VIP ප්‍රහාරය සහ තෙල් මිල නාටකය (02.10.2026)

එකම චෝදනාවට මන්ත්‍රී හිරේ යද්දී සිරසේ චන්ඩියා පොලිස් ඇප ගෙන ගෙදර යන්නේ කොහොමද? (02.10.2026)

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට සිරස මාධ්‍යවේදියා පහරදුන්නාද? | ඇත්ත කතාව මෙන්න (02.10.2026)

මහපොළට මරා ගන්න ආණ්ඩුවට – අන්තරේට ලැජ්ජා නැද්ද? (03.10.2026)


ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? – ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

(02.10.2026 – sinhala.adaderana.lk)

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක එල්ලවිය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත පවසා තිබේ.

මෙම ඉල්ලීම ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් සිදුකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අමෙරිකානු අවහිරකිරීම් නිසා දින ගණනක් පුරා කොටුවී ඇති මෙම නෞකාවලින්, ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව සේවා සැපයිය නොහැකි බවට මෙරට නැව් නියෝජිතයින් පවසා ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

ඉරානයට අයත් හිස් ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ඉන්දිය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපය නුදුරින් නැංගුරම් ලා ඇති බව විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම අනාවරණ කළේය.

ඒ අමෙරිකාව හෝමුස් සමුද්‍රසන්ධියේ නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජුලි මාසයේ සිටයි.

මෙරට නිරතදිග වෙරළේ සිට සැතපුම් 15 ක පමණ දුරකින් නවත්වා ඇති මේ නෞකාවල කොටුවී සිටින නාවිකයින් බරපතළ ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟකමින් පීඩාවට පත්ව ඇතැයි අමෙරිකාවේ ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් මෙලෙස කොටු වී ඇත්තේ, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන බොරතෙල්, චීනය වෙත ප්‍රවාහනය කළ නෞකායි.

එම නෞකා මැලේසියාව ආසන්නයේ දී චීනය වෙත ඉන්ධන තොග ලබාදී ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස මෙරට ආසන්නයේ නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.

‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ අනාවරණයට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් කිහිපයක් ආසන්නයේම මෙවැනි නෞකා නැංගුරම් ලා තිබේ.

දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට සැපයුම් ලබාදීමෙන් වළකින්නැයි ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් වැඩි කොටසක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ, ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබාදීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව ජර්නල් පුවත් වාර්තා පවසයි.

මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.

ඒ, එසේ නොකළහොත් ද්විතීයික සම්බාධකවලට යටත්වීමේ අවදානමට ලක්වන්නැයි ද අනතුරු ඇඟවමිනි.

මෙවන් පසුබිමක, ඉරාන ධජය දරන බහාලුම් නෞකා දෙකක් (2) කොළඹ වරාය සීමාව වෙත පැමිණියත් එම නෞකාවලට ද සේවා සැපයීම “නුවණට හුරු ක්‍රියාවක් නොවන” බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමන්ට දැන්වූ බව ජර්නල් පුවත්පත පවසයි.

සම්බාධක මතුවීමේ අවදානම මත ඔවුන් මෙලෙස පැවසූ බව එහි සඳහන් වෙයි.

මෙවැනි තත්ත්වයක මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලාංකික නිලධාරීන් 40 ක කණ්ඩායමක් සඳහා තෙදින පුහුණු සැසියක් ද පවත්වා තිබේ.

ඒ නැව් නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ වෙනත් සේවා සමාගම්, සම්බාධක පනවා ඇති නෞකාවලට “දැනුවත්ව හෝ නොදැනුවත්ව” සහාය වුවහොත් අමෙරිකානු දඬුවම්වලට ලක්වීමේ අවදානම පෙන්වා දීමට බව පුවත් වාර්තාව පවසයි.

ඩුබායි පාදක කරගත් නාවික ඒජන්තවරු, එම නෞකා වෙත ආහාර සහ ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් රැසක් කර ඇතත්, අමෙරිකාව සම්බාධක පැනවීමට ඇති අවදානම සලකා මෙරට සැපයුම්කරුවන් එම නැව්වලට සහාය දැක්වීමට මැලිබවක් දක්වන බවද වාර්තා වෙයි.

මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි.

+


2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA

(02.10.2026 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙන් 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට හෝ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එහි ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මෙම අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇති බවය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක් පීඨයක 2024 උසස් පෙළ සිසුන්ගේ පළමු සතියේ අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ ද පසුගිය සතියේ වන බවය.

මෙවැනි තත්ත්වයක් හමුවේ 2025 කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත්, ශිෂ්‍ය කණ්ඩායම් 04 ක් සිටිය යුතු විශ්වවිද්‍යාල තුළ දැනටමත් කණ්ඩායම් 05 ක් හෝ 06 ක් රැඳී සිටින බවත් ඔහු පැවසීය.

උසස් පෙළ අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට වසර 02 ක් හෝ 03 ක් නිවසට වී බලා සිටීමට සිදුවී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී එය වසර 04 ක් දක්වා දීර්ඝ වීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය කාලය පුරා මෙම ශිෂ්‍ය කණ්ඩායම් කළමනාකරණය කරගැනීමට ආචාර්යවරුන් කටයුතු කළ ද, තවදුරටත් මෙවැනි තත්ත්වයක් යටතේ කටයුතු කිරීමට ආචාර්යවරුන් සූදානම් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා :

“මේක මං හිතන්නේ හැම වසරකම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂයෙන්ම ආණ්ඩුව එකතු වෙලා කරන වැඩක් තමයි, ඔය බඳවා ගැනීම් එක්කම ඉන්න ශිෂ්‍ය ප්‍රමාණයත් වැඩි කරනවා. දැන් මේ පාරත් ඒකම තමයි කරලා තියෙන්නේ. දැනට බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එකතු කරලා බඳවා ගන්න කියලා එවලා තියෙනවා. අපි පැහැදිලිවම කියන්නේ සැප්තැම්බර් නෙමෙයි අපිට කවදා මේක බඳවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මේ පද්ධතියේ තියෙන අර්බුදය නොදැන කරන වැඩක් නෙමෙයි මේක. අපි එක විශ්වවිද්‍යාලයක් ගත්තොත්, දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක පීඨයක 2024 උසස් පෙළ කරපු ශිෂ්‍ය කණ්ඩායමේ පළවෙනි සතිය තමයි ගිය සතිය. එතකොට 2025 කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒ වගේ තමයි මේ පද්ධතියේම විශ්වවිද්‍යාලවල සිටිය යුතු ශිෂ්‍ය කණ්ඩායම්වලට වැඩි ප්‍රමාණයක් දැනටත් ඇතුළේ ඉන්නවා. ශිෂ්‍ය කණ්ඩායම් හතරක් (4) ඉන්න ඕනේ තැන හයක් (6) දක්වා ඉන්න තැන් තියෙනවා. එතකොට එහෙම තැනක 2025 ශිෂ්‍ය කණ්ඩායම කොහොමද සැප්තැම්බර් බඳවා ගන්නේ? ඒක නිසා අපි දැන් මේ වෙනකොට බලලා තියෙන කාරණය තමයි මේක තව මාස ගාණකට 2025 කණ්ඩායම බඳවා ගන්න බැහැ. ඒ වගේම දැන් 2026 උසස් පෙළත් අවසන්, එතකොට ඒ ශිෂ්‍ය කණ්ඩායමත් එකතු වෙනවා…

අපි දන්නවා උසස් පෙළ අවසන් කරලා තමන්ගේ දරුවා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ගෙනැල්ලා එතනින් එහාට මේ කටයුතු ඉක්මනින් අවසන් කරන්න දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන දේ තමයි උසස් පෙළ අවසන් කරලා වසර දෙකක් තුනක් (2-3) එළියේ ඉන්න වෙලා තියෙනවා. දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය උඩ සමහරවිට මේක වසර හතරක් (4) විතර විශ්වවිද්‍යාලවලට එන්නේ නැතුව ශිෂ්‍යයින්ට ගෙදරට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ කාලය, එතකොට මේ කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වීමෙන් ඇතිවෙන තත්ත්වය මේක ඉතාම මේ රටේ ඉතාම බරපතල සමාජ අර්බුදයක්. ඉතින් ආණ්ඩුව මේක තේරුම් ගන්නේ නැති එක තමයි ප්‍රශ්නය. ඉතින් මේ තත්ත්වය UGC එක එහෙම නැත්නම් ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’ ගන්න කිව්වට විශ්වවිද්‍යාලයට ගන්න විදිහක් නැහැ. ඒක තමයි දැන් අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේක සාකච්ඡා කළේ, මේ පහුගිය වසරවල තමන්ට දරාගන්න බැරි තරම් විශාල වැඩප්‍රමාණයක් කරලා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ දක්වා මේ ශිෂ්‍ය කණ්ඩායම් හතර, පහ, හය (4-5-6) තියාගෙන ආවේ. හැබැයි තවදුරටත් මේක කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු සූදානම් නැහැ.”

+


රටේ මිනිස්සුන්ට කියන බොරු ලෝකෙට කියන්ඩ බෑනේ (02.10.2026)

+


ජේවීපීකාරයින්ගේ බහුබූත ප්‍රතිපත්ති නිසා… විදෙස් ආයෝජන නවතී ? (02.10.2026)

+


සිරස වර්ජන රැල්ලක් දැන් ක්‍රියාත්මකයි… මහරාජා, අපි ඔයාගේ යටත් වැසියෝ නෙවෙයි (02.10.2026)

+


නාමල්ට රු. කෝටි 07 ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය (02.10.2026)

+


‘පොඩි පැටී’ ඝාතනයත් සමඟ දකුණේ පාතාලය ගිනි ගනීද? ‘කරන්දෙණියේ සුද්දා’ තවත් ඝාතන වලට සුදානමක්! (02.10.2026)

+


ජවිපෙ සාමාජිකයිනි ප්‍රවේසම් වන්න (02.10.2026)

+


කොත්තමල්ලිත් නැති වෙන අය වැයක් (02.10.2026)

+


පොලිස් ඇප් එකකින් යටගැසූ VIP ප්‍රහාරය සහ තෙල් මිල නාටකය (02.10.2026)

+


එකම චෝදනාවට මන්ත්‍රී හිරේ යද්දී සිරසේ චන්ඩියා පොලිස් ඇප ගෙන ගෙදර යන්නේ කොහොමද? (02.10.2026)

+


රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට සිරස මාධ්‍යවේදියා පහරදුන්නාද? | ඇත්ත කතාව මෙන්න (02.10.2026)

+


මහපොළට මරා ගන්න ආණ්ඩුවට – අන්තරේට ලැජ්ජා නැද්ද? (03.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤