Category «ස්වභාවික විපත්»

පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා අධිවේග මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

(29.11.2017 – 22:00 +0530 – sinhala.adaderana.lk) පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. මේ වන විට දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අධික වර්ෂාවක් හා සුළඟක් හමා යමින් පවතියි. +++++++++++++++++++++++++++++++ …

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

(21.11.2017 – 14:05 +0530 – sinhala.adaderana.lk) පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින පුවතක් වාර්තා වෙයි. ඔහු නමින් ජී.ජී රුක්ෂාන් නයනකාන්ත (19) වන අතර හැටන් – වටවල – ටෙම්පල්ස්ටෝ ජනපදයේ පදිංචි කරුවෙකි. හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය …

අධික වර්ෂාව නිසා යාපනයේ 9100 ක් අනාථයි : 2009 න් පසු ලොකුම විපත

(12.11.2017 – News e Lanka) යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත් වර්ෂාව හේතුවෙන් 11 වෙනිදා වනවිට පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 ක් විපතට පත් ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. යාපනය දිසාපති කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ දිසාපතිවරයා තවදුරටත් කියා සිටියේ යාපනයේ නිවාස හතරකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තවත් නිවාස 159 …

අවුකන පිළිමය අවදානමක – වගකීම ඇමති බාරගත යුතු බව විහාරධිපති හිමියෝ කියති

(01.11.2017 – 10:22 +0530 – sinhala.adaderana.lk) ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති. මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී …

වී වේලද්දී අකුණුසැර වැදිලා – 3 ක් අවසන් ගමන් යයි

(29.10.2017 – 15:40 +0530 – sinhala.adaderana.lk) වීරකැටිය මැදමූලන ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. මැදමූලන ප්‍රදේශයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානයක වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණුසැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකි. මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර වීරකැටිය පොලීසිය මේ …

බදුල්ල, මීගහකිවුලේ කුඹුරක අඩි 15 කොටසක් ගිලා බසියි

(21.10.2017 – 14:42 +0530 – lankadeepa.lk) මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න කුඹුරක මැද අද (21) ගිලා බැසීමක් හේතුවෙන් විෂ්කම්භය අඩි 15 ක් පමණ වූ විශාල ආවාටයක් සෑදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම ගිලා බැසීම දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන අතර එය අනතුරුදැයක නිසා එහි පැමිනෙන පිරිස සීමා කිරීමට එහි පැමිණි මීගහකිවුල සහකාර ප්‍රාදේශිය ලේකම් චාමර මහතා කටයුතු …

මහා එලියක්,. මහා ශබ්දයක්.. දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට යමක් කඩා වැටේ.. (යාවත්කාලිතයි)

(18.10.2017 – 22:27 +0530 – lankacnews.com) විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ. දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත. ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු බවයි. අද රාත‍්‍රි 09.00 ට පමණ මෙම …

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි – ගමනාගමනයට බාධා

(15.10.2017 – 13:49 +0530 – sinhala.adaderana.lk) බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගයේ මිදලන ප්‍රදේශය මේ වන විට ජලයෙන් යට වී ඇති බව සඳහන්ය. එමෙන්ම හැඩිගල්ල ප්‍රදේශයද ජලයෙන් යටවී ඇති අතර එම …

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට, පානදුගමට මහ ගං වතුර තත්ත්වයක් – අකුරැස්සේ මාර්ග රැසකුත් ජලයෙන් යටවේ

(15.10.2017 – 6:28 +0530 – hirunews.lk/sinhala) අද දිනයෙන් පසු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද දිනයේත් සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින වැසි තත්ත්වයත් සමඟ නිල්වලා ගෙඟ් ජල මට්ටම ඉහළ යාම …

වසරක් පුරා අවතැන් කඳවුරු 7 ක ජීවත්වෙමින් ශිෂ්‍යත්වය ජයගත් සාමසර කන්දේ දිරිය දියණියන් දෙදෙනා

(06.10.2017 – 17:47 +0530 – hirunews.lk/sinhala) අරණායක සාමසර කන්ද නායයාම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කුඩාරම් 7 ක දිවිගෙවූ උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185 ක් ලබා ඉහළින් සමත් වීමට සමත් වී තිබෙනවා. කන්ද නායයාමට පෙර ඇය අරණායක දෙයියන්වල බෙරවිල ප්‍රදේශයේ ජීවත් වූ අතර ඇය නමින් සේමිණී උදානධවනි විජේසූරිය …