Category «නීතිය සහ අධිකරණ»

කුඩු-අපරාධ පාතාල-කප්පම් ඔක්කොම නැති කරනවා – ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න

(13.06.2020 – mawbima.lk) රටේ ආරක්ෂක ක්ෂේත්‍රයේ පරිපාලන කටයුත්තේ ප්‍රධානතම තනතුර ඔබ වෙත පැවරිලා. කොහොමද මෙය දැනෙන්නේ ඔබට? ඇත්තටම ඕනෑම රජයක තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණයක්. විධායකය, ව්‍යවස්ථාදායකය ආවම එහි අමාත්‍යාංශ තියෙනවා. ව්‍යවස්ථාදායකයේ උඩින්ම තියෙන යාන්ත්‍රණය තමයි අමාත්‍යාංශ. ඒ අමාත්‍යාංශවල ඉතාමත් වැදගත් එකක් ආරක්ෂක අමාත්‍යාංශය. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහළින්ම තියෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. හේතුව ජාතික ආරක්ෂාව තහවුරු …

හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

= මේ පිටුවේ සිරස්තල = • හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා • සහරාන්ගේ සොහොයුරා ගැන තවත් තොරතුරු රැසක් පාස්කු කොමිසමේදී එළියට (විඩියෝ) • ලීසිං වාහන සඳහා දුන් සහනය ක්‍රියාත්මක වීම ගැන රජය අවධානයෙන් (විඩියෝ) • වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ දුනු-ඊතල භාවිත …

ශාහිඩ් ලෙස රෝහලට ගිය සහරාන්ගේ සොහොයුරා

(12.06.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි. ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන මහතායි. ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 …

රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත්කිරීමට පසුබට වන්නේ නෑ – ජනපති

(11.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala) අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) …

ත්‍රීරෝද සංගමයේ සභාපතිට පහරදී ඝාතනය කළ සිද්ධියේ මැර ලීසිං ආයතනය ගැන ….

(11.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) ත්‍රීරෝද සංගමයේ සභාපති පහරදී ඝාතනය කළ සිද්ධියේ ලීසිං ආයතනය ගැන අනාවරණය වූ අලුත්ම කතාව මෙන්න ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා …

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

ගුණරත්නම් ඇතුලු පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට පත් වූ, අධිකරණ නියෝග නොතැකූ විරෝධය

(09.06.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 42 දෙනෙකු පොලීසිය අද (09) අත්අඩංගුවට ගත්තා. ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන …

පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk) මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. කොවිඩ් 19 …

ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසීම සංවිධානාත්මක ක්‍රියාවක ප්‍රතිඵලයක්

(08.06.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk) කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසී ඇතැයි පැහැදිලිව පෙනී යන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම වෙරළ තීරයට අඛණ්ඩව පස් වන දිනටත් අද (08) කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබුණි. ලෝක සාගර දිනය යෙදෙන අද (08) …

මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

(08.06.2020 – sinhala.news.lk) රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය …