Category «අධ්‍යපනය»

අධ්‍යාපන අමාත්‍යංශයේ මුලික අරමුණ ඇමති අකිල පහදයි

(16.10.2017 – 17:17 +0530 – hirunews.lk/sinhala) ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුත් දරුවකු බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික පරමාර්ථය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ සඳහා අවශ්‍ය පරිදි විෂය නිර්දේශ සම්පාදනය කිරීමට තමන් ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබාදුන් බවයි ඔහු කියා සිටියේ. තවමත් බොහෝ විෂයන් හි සිසුන්ට දරාගත නොහැකි මට්ටමේ විෂය කරුණු …

පළමු කඩඉම ඉහළින් ජයගත් ඉබ්බාගමුව දිරිය දරුවාගේ සැබෑ වූ සිහිනය

(15.10.2017 – 20:17 +0530 – hirunews.lk/sinhala) මව්පියන් කථන හා ශ්‍රවණාබාධවලින් පෙලුනත් ඒ සියලු බාධක හමුවේ තම පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ ඉබ්බාගමුව දිරිය දරුවාට නව නිවසක් ඉදිකර දීමට නිවාස සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා. ඒ, අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනවරණයත් සමගයි. දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 166 …

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

(15.10.2017 – 13:29 +0530 – sinhala.adaderana.lk) සයිටම් ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ බව පවසා තිබේ. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක …

ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා අසත්‍ය බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් කියයි

(14.10.2017 – 19:39 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය යුධ අපරාධ චෝදනා ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉවත් කරගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැරන් නෙස්බි මහතා පවසනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසියකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ******************************************** පියාගේ දුක ජයගත් පුතා (14.10.2017 – 20:07 +0530 – hirunews.lk/sinhala) …

සාක්කිකාර හමුදා නිලධාරීන්ගේ වුවමනාවට නඩු 3 ක් සිංහල පමණක් දන්නා අධිකරණ වලට මාරු කිරීමේ අමුතු නීතිය නිසා උතුර අඩපණ වෙයි

(14.10.2017 – 03:00 +0530 – lankaenews.com) දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධිත ස්වේච්ඡා සංවිධාන 14 ක් විසින් ඊයේ 13 දා උතුරු ප්‍රදේශය තුළ දියත් කළ හර්තාලයක් හේතුවෙන් උතුරේ ප්‍රධාන නගර වල එදිනෙදා සාමාන්‍ය කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබුණි. හර්තාලයට සහය දැක්වීම සඳහා උතුරේ ප්‍රධාන නගර වල වෙළඳ සැල් වසා දමා තිබූ අතර හෝටල් ආපන ශාලා කීපයක් …

“ෆින්ලන්තයේ විභාග පාදක අධ්‍යාපනයක් නෑ : අපේ ක්‍රමය දරුවන්ට පීඩනයක්..!“ – ලෝකයේ හොඳම අධ්‍යාපනය තිබෙන ෆින්ලන්තය සමග ගිවිසුම් ගැසීමෙන් පසු අධ්‍යාපන ඇමැති අඛිලගෙන් විශේෂ ප්‍රකාශයක්..!

(12.10.2017 – 14:45 +0530 – lankaenews.com) ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය විභාග පදනම් නොවූ එකක් බවත් ලංකාවේ ක්‍රමය දරුවන්ට පීඩනයක් බවත් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ගිවිසුම්වලට එළැමීමෙන් පසු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන ෆින්ලන්තය සමග ඇතිකරගත් මෙම ගිවිසුම් හරහා ශ්‍රී …

SLVLOG ජවිපෙ අමුඩ රෙද්ද කඩයි.. දුෂණ විරෝධී නායකයා බදු උපදේශක ළගට කිරිසුදු සැප රියක සැගවී එයි..

(12.10.2017 – 00:14 +0530 – lankacnews.com) දුෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සබා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක් SLVLOG ඔස්සේ මාධ්‍යවේදී දර්ශණ හදුනේගොඩ චෝදනා කරයි. රාජන් සුන්දරම් පිල්ලේ නම් ප‍්‍රකට ආදායම් බදු උපදේශකයෙකු වෙත වසන්ත සරමසිංහ මහතා ගොස් ඇති බවත් ඔහු සමග එම ගමනට ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන එක්ව සිටි …

කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී සයිටම් විරෝධී පා ගමනට කඳුළු ගෑස්

(10.10.2017 – 16:36 +0530 – sinhala.adaderana.lk) සයිටම් විරෝධී පාගමනේ විරෝධතා කරුවන් විසුරුවා හැරීම පිනිස කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවැසීය. ++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++ ********************* ( නැවත මුල් පිටුවට ….. ) – ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත …

දහසකුත් ප්‍රශ්න හමුවේ සිය පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ දිරිය දියණිය

(09.10.2017 – 07:38 +0530 – hirunews.lk/sinhala) දහසකුත් ප්‍රශ්න හමුවේ සිය පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ දිරිය දියණියක් පිළිබඳ ගලේවෙල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දුලාංජලි මදුමාලි ගලේවෙල දේවහූව පහල දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දිරිය ශිෂ්‍යාවක්. වසර කිහිපයකට පෙර දුලාංජිගේ පියා වකුගඩු රෝගය වැලදීමෙන් මිය යාමත් සමග ඔවුන් පත්වන්නේ දැඩි දුෂ්කරතාවයකටයි. වැඩිමහල් පුතණුවන්ද සමගින් දුලාංජිගේ …

තායිවාන බැංකුවකින් සොරාගත් කෝටි 11 ක් ලංකාවට

(08.10.2017 – 20:21 +0530 – lankadeepa.lk) තායිවානයේ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමට ජාත්‍යන්තර අපරාධකරුවන් පිරිසකට උපකාර කළැයි කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් සැකකරුවෙක් කොළඹ අලුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය. කොළඹ පිහිටි බැංකු ශාඛාවකින් රුපියල් කෝටි අටක මුදලක් ලබා …