Category «ආරක්ෂක»

හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා

= මේ පිටුවේ සිරස්තල = • හෙට (14) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි : දිනපතා මධ්‍යම රාත්‍රී 12:00 සිට අලුයම 04:00 දක්වා • සහරාන්ගේ සොහොයුරා ගැන තවත් තොරතුරු රැසක් පාස්කු කොමිසමේදී එළියට (විඩියෝ) • ලීසිං වාහන සඳහා දුන් සහනය ක්‍රියාත්මක වීම ගැන රජය අවධානයෙන් (විඩියෝ) • වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ දුනු-ඊතල භාවිත …

ශාහිඩ් ලෙස රෝහලට ගිය සහරාන්ගේ සොහොයුරා

(12.06.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි. ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන මහතායි. ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 …

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

“ගොනා කෝවිලේ රාජා” පොලිස් වෙඩි පහරින් මරුට

(07.06.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala) මිනීමැරුම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා නැමති සැකකරු පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අද (07) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි. මිනුවන්ගොඩ – බල්ලපාන – දූනගහ පාරේදී …

ජනපති කොමිසම හමුවේ දිගහැරෙන පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන්

(06.06.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු …

දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් පාස්කු කොමිසම හමුවට

(06.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට එවක ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්. මුදිත පුස්සැල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (06) අනාවරණ වුණි. ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද (06)කොමිසම …

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා

(05.06.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala) හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන …

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

(04.06.2020 – colombotoday.com) රජයේ මර්මස්තානවල චින්තන ජිහාදයක් ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (04) සුවිශේෂී හෙළිදරව්වක් කර සිටියා. සහරාන් පිළිබඳව 2013-2015 කාලයේදී තමන් වහන්සේ හෙළි කළා මෙන්ම අනාගතයේදී අද සිදුකල හෙළිදරව්ව යථාර්තයක් වීමට ඉඩ ඇති බවත් ඊට පෙර බලධාරීන් මීට එරෙහිව පියවරක් …

දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට

(03.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) 2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ සී.සි.ටී.වී. දර්ශන, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළා. කොමිසම හමුවේ අනාවරණ වූයේ ෂැංග්‍රීලා බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1 ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා …

සියෝන් බෝම්බකරු ගැන රහස් එළියට – දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ

(31.05.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට (2) පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ (30) අනාවරණය වුණි. සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් …