Category «ස්වභාවික විපත්»

ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවාහැරීම ගැන ඇමතිවරුන්ගේ පැහැදිළි කිරීම්

(19.10.2018 – 19:42 +0530 – hirunews.lk/sinhala) ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමේ බලය ඇත්තේ තමාට බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා. ගම්පොල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයා තමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි. ලංකා ආයෝජන මණ්ඩලයල මහජන බැංකුව හා ලංකා බැංකුව යන ආයතන වල අධ්‍යක්ෂ …

ආනයනය සීමා කරන්න ජනපති වාර්තාවක් කැඳවයි

(16.10.2018 – 18:39 +0530 – sinhala.adaderana.lk) ලෝක වෙළෙඳ පොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථීක අභියෝගයන්ට විසඳුම් ලෙස, ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික …

ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති…

(15.10.2018 – 08:40 +0530 – lankacnews.com) නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් – බගවන්තලාව, හැටන් – මස්කෙලිය සහ හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුලට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති. මිට දින …

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති

(10.10.2018 – mawbima.lk) වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කටයුතු කළ සෙමා ආයතනය වසා දැමීමට නියෝග කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව එම ආයතනයේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ‘මව්බිම’ට ඊයේ (09දා) පැවැසූහ. සෙමා ආයතනය විසින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ සටහන් රැසක් දියත් කළ බවත් ඒවා අතිශයින්ම සාර්ථක වූ බවත් රතන …

හෙටත් (10) දිස්ත්‍රික්ක 13 කට තද වැසි

(09.10.2018 – 19:30 +0530 – sinhala.adaderana.lk) හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක 13 කට තවදුරටත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රදේශ කිහිපයකටම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව …

අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950 ක් ආසන්නයේ

(08.10.2018 – 17:15 +0530 – hirunews.lk/sinhala) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950 ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව බස්නාහිර, …

කැළණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට – ආපදා මරණ 4 ක් – තද වැසි තවදුරටත්

(07.10.2018 – 18:57 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබුණ ද දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, කැළණි, කළු සහ ගිං යන ගංඟාවල ජල මට්ටම් තවමත් ඉහළ අගයක පවතිනවා. …

වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

(06.10.2018 – 20:37 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම-මන්නාරම මාර්ගය එලුවම්කුලම ප්‍රදේශයෙන් අවහිරවීම ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ හේතුවෙන් පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පවතින …

මධ්‍යම කඳුකරයට තද වැසි

(01.10.2018 – 17:44 +0530 – hirunews.lk/sinhala) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (01) රාත්‍රී කාලයේත් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ත්, 150 ත් අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් පහත් බිම් සහ මාර්ග කිහිපයක් …

අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ තැන් කීපයකින් මුහුද ගොඩට එයි

(28.09.2018 – 11:23 +0530 – sinhala.adaderana.lk) අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන අයුරු දක්නට ලැබේ. වෙරළ ආරක්ෂාවට ඉදිකර ඇති ගල්වැටි ගිලා බැසීම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ස්ථාන කිහිපයකින් මුහුදු රළ පහර මාර්ගය දක්වා …