Category «මුස්ලිම් ව්‍යප්තවාදය / ත්‍රස්තවාදය»

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

ජනපති කොමිසම හමුවේ දිගහැරෙන පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන්

(06.06.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු …

දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් පාස්කු කොමිසම හමුවට

(06.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට එවක ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්. මුදිත පුස්සැල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (06) අනාවරණ වුණි. ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද (06)කොමිසම …

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

(04.06.2020 – colombotoday.com) රජයේ මර්මස්තානවල චින්තන ජිහාදයක් ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (04) සුවිශේෂී හෙළිදරව්වක් කර සිටියා. සහරාන් පිළිබඳව 2013-2015 කාලයේදී තමන් වහන්සේ හෙළි කළා මෙන්ම අනාගතයේදී අද සිදුකල හෙළිදරව්ව යථාර්තයක් වීමට ඉඩ ඇති බවත් ඊට පෙර බලධාරීන් මීට එරෙහිව පියවරක් …

දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට

(03.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) 2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ සී.සි.ටී.වී. දර්ශන, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළා. කොමිසම හමුවේ අනාවරණ වූයේ ෂැංග්‍රීලා බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1 ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා …

සියෝන් බෝම්බකරු ගැන රහස් එළියට – දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ

(31.05.2020 – 22:06 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින දෙකකට (2) පෙර එනම් මහ සිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ (30) අනාවරණය වුණි. සියෝන් දේවස්ථානය භාර දේවගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වු අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් …

පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ) • සහරාන්ගේ අරමුණු ජනපති කොමිසමේ දී හෙළිවෙයි (විඩියෝ) • ‘හිරු සී.අයි.ඒ.’ : ජනාවාසකරණය වන දෙවනගල (විඩියෝ) • ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල (විඩියෝ) • මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05 ක් (විඩියෝ) • ඊයේ (30) …

පාස්කු බෝම්බකරුවන් වසර කිහිපයකට පෙර සිදුකළ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු එළියට

(29.05.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් ප්‍රහාරකයා සහ ෂැංග්‍රිලා හෝටලයේ දෙවන බෝම්බකරු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට වසර කිහිපයකට පෙර තොරතුරු පැවති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ බුද්ධි අංශ උසස් නිලධරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. කොමිසම හමුවේ ඊයේ (28) රාත්‍රියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි …

‘හිරු CIA’ : ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන

(27.05.2020 – 21:21 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන එල්ල වූ බව පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා. පුදබිම අවට ඉඩම් ආක්‍රමණය පිළිබඳ ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු එම පුදබිම වෙත පැමිණි රාජ්‍ය නිලධාරීන් එම තර්ජනය පිළිබඳ පළමුවරට කරුණු හෙළිකළා. තවත් ආසාදිතයින් 81 ක් – මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට …

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක් • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 කට සිතාසි නිකුත් කිරීම ගැන ජනපති කොමිසමේ අවධානය • අම්බලන්තොට දුම්රියපොළේ සිදුවීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්න – අමාත්‍ය මහින්ද අමරවීර • අමෙරිකාවේ …