Monthly archives: ජූනි, 2019

‘STOP USA – මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා’ මංගල මාධ්‍ය හමුව (25.06.2019)

ලෝකයේ මෙවැනි තකතීරු වැඩ කරපු වෙනත් රටක් නෑ – ගම්මන්පිල (25.06.2019 – 18:25 +0530 – sinhala.adaderana.lk) රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත්වන පාලකයින් සිටින වෙනත් රටක් ලොවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ‘මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් යූ.එස්.ඒ. සංවිධානය’ අද (25) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක්

(25.06.2019 – 10:17 +0530 – hirunews.lk/sinhala) කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියක් වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින පෙරවරු 9 සිට පසුදා (27) පෙරවරු 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහරගම, …

කිරින්දේදී දළ රළට බිළි වුණු එකම පවුලේ තුන්දෙනා; හතරවෙනියා – මව – 29 වනදා මියයයි

(23.06.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk) කිරින්දේදී දළ රළට බිළි වුණු ජීවිත කිරින්ද මුහුදු තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ තිදෙනකු අද (23) රළ පහරකට හසු වී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත් වුණි. විනෝද චාරිකාවක් සඳහා කිරින්දේ ගිය එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස මිය ගිය අතර දියණියන් දෙදෙනාගේ මව බරපතළ තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි. …

පොල්අතු නිවහන ගිනි අරන් දිඹුලාගල පවුලක් අවතැන්

(25.06.2019 – mawbima.lk) අවුරුද්දක් වයසැති කුඩා දරුවකු සමඟ ගැබිනි මවක සහ පියකු පදිංචිව සිටි දිඹුලාගල විජයබාහුපුර දේවගල ගම්මානයේ පොල්අතු සෙවිලිකළ කටුමැටි ගෙයක් ඉකුත්දා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් එම දරු පවුලම අවතැන් වී ඇතැයි වාර්තා වේ. මෙම ගින්නෙන් තම හැඳුනුම්පත්, රෙදිපිළි උප්පැන්න සහතික, සායන පොත් මෙන්ම නිවෙසේ තිබූ මුළු සේසතම දැවී අළු වී යෑමෙන් තමන් දැඩි …

වඳ සැත්කමට රාජ්‍ය අනුග්‍රහයත් තියෙනවා – ගම්මන්පිල

(24.06.2019 – 16:00 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය …

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා ?

(24.06.2019 – ada.lk) නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි …

ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..

(24.06.2019 – 10:00 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි. මේ බව සදහන් කරමින් එහි සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා …

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(23.06.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අද (23) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. දරුවන් 3 දෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට පසු වූයේ 83 වන වියේයි. හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට දින දෙකකට පෙර ඇය කොළඹ …

සහරාන් වැඩ කළේ එජාපයට බව ඔප්පු වෙයි.. – විමල් වීරවංශ

(23.06.2019 – 10:00 +0530 – lankacnews.com) පාස්කු ඉරිදා වින්දිතයන්, වහාබ්වාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස ලෙස මෙරට ඉතිහාස කතාව තුළ ලියා තැබිය යුතු බවත් එය එකී මිනිසුන්ට අපට කළ හැකි එකම සාධාරණය බවත් ඒ ඉතිහාස කතාව ලිවිය හැකි දේශපාලන නායකත්වයක් වහාම මේ රට ගෙන ආ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. කොළඹ විහාරමහාදේවී …

රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

(22.06.2019 – divaina.com) කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‘දිවයිනට’ පැවැසීය. මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව …