Monthly archives: මාර්තු, 2018

”ඇඩ්මිට් වෙනවනම් පොලීසි යන්න වෙයි..!” ඇක්සිඩන්ට් වෙලා රෝහලට ගිය ලෙඩෙකුට එලොව සිහිවෙන වැඩක් කළ දොස්තර…! වීඩියෝව මෙන්න..!

(28.03.2018 – nethgossip.lk) හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලකට ගිය රෝගියෙකුට කඩිනම් ප්‍රතිකාර ලබා දීම රෝහල් බලධාරීන්ගේ වගකීමක්. කෙසේ නමුත් පසුගියදා හදීසි අනතුරකට ලක්ව රෝහලක හදීසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් වුනු රෝගියෙකු ටිකක් වෙනස් විදියේ අත්දැකීමකට මුහුණ දීලා තිබුණා. ඒ ගැන දිනවල සමාජ ජාලාවල ගොඩක් කතාබහට ලක්වෙනවා. අදාල සිද්ධියට මුහුණ දුන් රෝගියා තමන් මුහුණ දුන් …

ගුවන් මගියෙකු සමග තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(28.03.2018 – 17:03 +0530 – hirunews.lk/sinhala) විදේශීය දුම්වැටි තොගයක් ශීතකරණයක බහා ගුවන්තොටුපලින් පිට කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකු සහ තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතවී පැමිණෙමින් සිටි නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු යොදා ගනිමිනුයි සාප්පු සේවකයන් දෙදෙනා දුම්වැටි තොගය පිට කිරීමට උත්සාහ කර ඇත්තේ. විද්‍යුත් භාණ්ඩ …

මහ බැංකුව ඇතුලු ආයතන 13 ක් අගමැතිගෙන් ඉවතට

(29.03.2018 – 07:27 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන 13 ක් ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (28) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත්ව පැවති …

හිරු සී.අයි.ඒ. : ග්‍රීන් ෆීල්ඩ් හෙළිදරව්ව

(28.03.2018 – 19:48 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා හෙළි කිරීමෙන් අනතුරුව 2013 වර්ෂයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් වනාතවිල්ලුව ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් වංචාවට අදාළ ඉඩම්වල අයිතිය මේ වනවිට පවතින්නේ රජය සතුව බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් චන්දන දිසානායක මහතා පවසනවා. ඒ අනුව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ඉදිරියේදී පළාත් ඉඩම් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ අදාළ ඉඩම් …

ව්‍යසනයක මතකය මකා දමයි..! කිලිනොච්චි නගර මැද බිඳවැටුනු යෝධ වතුර ටැංකිය ජනතා විරෝධය මැද ඉවත් කරයි

(27.03.2018 – News e Lanka) අවසන් යුද සමයේ වූ ගැටුම් වලින් බිමට සමතලා වූ කිලිනොච්චිය නගරය මැද පිහිටි යෝධ වතුර ටැංකිය බොහෝ දෙනෙකුගේ විරෝධය මැද කිළිනොච්චියේ බලධාරීන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ. 2000 වර්ෂයේ ඇති වූ දරුණු යුද ගැටුම් වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝධ වතුර ටැංකිය බිම පතිත වූ අතර යාපනය -මහනුවර මාර්ගයේ ගමන් …

ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයින් අගමැතිට දැනුම්දීමට යයි

(28.03.2018 – 13:28 +0530 – hirunews.lk/sinhala) විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබෙනවා. සුවසිරිපායේ ඊයේ (27) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹි බවයි එම පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, …

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

(28.03.2018 – colombotoday.com) මෙරට රණවිරුවන් යුධ අපරාධ කර ඇති බවට අසත්‍ය කරුණු මත පදනම්ව හැදූ දරුස්මාන් වාර්තාව පිළිගනිමින් ඇමරිකාව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම තුළින් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවා දුන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. හිටපු විදේශ අමාත්‍යවරයා ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දිමට එකවූයේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව බවත්, …

හිටපු ජනාධිපතිවරුන් හතරදෙනකුගේ වාහන සමඟ කේපීගේ නැවත් ගැඹුරු මුහුදේ ගිල්වයි

(26.03.2018 – 16:16 +0530 – lankadeepa.lk) යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි. මේවායේ …

මට මෙහෙම වැඩ කරන්න බෑ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

(28.03.2018 – mawbima.lk) ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දෝෂ දර්ශනයට ලක් කොට තිබේ. ජනාධිපතිවරයා මෙසේ දෝෂ දර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන …

අප්‍රේල් 1 න් පස්සේ ජනතාව මත අසීමිත බදු බරක් – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(27.03.2018 – 18:52 +0530 – sinhala.adaderana.lk) අප්‍රේල් පළමුවැනිදායින් පසු ජනතාව මත අසීමිත බදු බරක් පැටවෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ දේපල විකිණීමේදීද බදු …