Category «යහපාලන ටිකිරි මොළේ»

සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙන් ලංකාවේ බැංකු කොල්ලකරුවන් ලෝක ප‍්‍රසිද්ද වේ..

(13.10.2017 – 03:27 +0530 – lankacnews.com) බලය ලැබුනු ගමන් මහ බැංකුව කොල්ල කෑ අය දැන් විදේශ රටවල බැංකු කොල්ල කෑමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය. සෝමාලයේවේ සිටින්නේ මුහුදු මංකොල්ලකාරයින් බවට ලෝකයේ ප‍්‍රසිද්ද වී ඇති ආකාරයටම ලංකාවේ සිටින්නේ බැංකු …

හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

(12.10.2017 – 09:20 +0530 – lankacnews.com) හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත. රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ …

ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් ජනපති හමුවෙයි

(11.10.2017 – 19:44 +0530 – hirunews.lk/sinhala) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. ඒ ජනාධිපති නිල නිවසේදී. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් අද පස්වරු 5.30 ට පමණ සාකච්ඡාවක් සඳහා ජනාධිපති නිල නිවස වෙත පැමිණියා. එහිදී ජාතික නිදහස් පෙරමුණ විසින් ජාතික …

එජාප නායකයෝ බැඳුම්කර කොමි-සමයම ඉදිරියට : මලික්-කබීර් කීවෙත් රවි කී කතාවමයි..!

(11.10.2017 – 16:00 +0530 – lankaenews.com) එජාප නායකයන්ට මඩ ගැසීම පමණක් එකම අරමුණ කර ගැනීම හේතුවෙන් මේ වන විට තම ගරුත්වය නැතිකරගෙන තිබෙන ජනාධිපති බැඳුම්කර කොමි-සමයම ඉදිරියට එජාප සභාපති මලික් සමරවික්‍රම සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහත්වරුන් දෙදෙනා අද කැඳවා තිබිණ. ඔවුන්ගේ ප්‍රකාශ වලින්ද තහවුරු කරන ලද්දේ මීට පෙර එජාප උප නායක රවි කරුණානායක …

පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි

(11.10.2017 – 16:05 +0530 – lankadeepa.lk) හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අද (11) නියම කළේය. පර්පචුවල් ට්‍රෙෂරීස් …

අගමැති රනිල් වික්‍රමසිංහ කොමිසමට කැඳවන්න – බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

(11.10.2017 – mawbima.lk) තමා මහ බැංකුව භාර ගත්තේත්, මහ බැංකුව බැඳුම්කර වෙන්දේසි ආරම්භ කළේත්, අර්ථසාධක අරමුදල හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තේත් මහ බැංකුව භාර වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයන්ට අනුව බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු කැඳවා ඔහුගෙන්ම විමසිය යුතු බවත් ඊයේ (10දා) බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් …

‘ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ ඉල්ලීමට ආණ්ඩුව පයින් ගහලා’ – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

(11.10.2017 – mawbima.lk) ලංකා ඉතිහාසයේ අන්තිම අවාසනාවන්ත කාල වකවානුවක් උදා වෙලා තිබෙන්නේ. ජාතිය නැවැත ගොඩනැඟීමට නොහැකි වන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් අප ඉදිරියට ගෙනත් තිබෙනවා. මෙහි තිබෙන භයානකම කාරණාව වන්නේ රටට එරෙහි දේශද්‍රෝහී බලවේග සහ දේශප්‍රේමී යැයි සිතාගෙන හිටපු පාර්ශ්වය පවා නිහඬව හෝ වක්‍රකාරයෙන් එයට සහාය දැක්වීමයි. 13 වැනි සංශෝධනයට අදාළ සමගාමී ලැයිස්තුව ඉවත් කර, …

අගමැති රනිල් බැදුම්කර කොමිසමෙන් ප‍්‍රශ්න කරන්න කැදවයි.. එජාපය සුන් කරන දේශපාලන ප‍්‍රහාරය සූදානම්..

(11.10.2017 – 00:14 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවා ප‍්‍රශ්ණ කෙරෙනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කර ඇත. මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් මෙම …

ලිත්‍රො ගෑස් සභාපතිගේ ගිනුම්වල කෝටි 500 කට වැඩි කලු සල්ලි.. මෙතෙක් එක් පුද්ගලයකුට තිබු ලොකුම මුදල.. හෙලිදරව් කිරිමට පෙර ඉහළින් බලපෑම්…

(10.10.2017 – 22:13 +0530 – lankacnews.com) ලෝක බැංකු කොල්ලකරු, යහපාලන හංස පක්‍ෂයේ හා ලිත්‍රො ගෑස් සභාපතිගේ ගිනුම්වල කෝටි 500 කට වැඩි කලු සල්ලි.. මෙතෙක් එක් පුද්ගලයකුට තිබු ලොකුම මුදල.. හෙලිදරව් කිරිමට පෙර ඉහළින් බලපෑම්… ලිත්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යපාරයක් වන අතර එහි වර්තමාන සභාපතිවරයා වන ශලිත මුණසිංහ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධව පොලිසියට කට්ටි පනිමින් සිට …

මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

(10.10.2017 – 00:11 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියා ප්‍රකාශ කර තිබුණා. නමුත් අපේ මහ නායක හාමුදුරුවන්ගේ දේශනාව බුදු හාමුදුරුවන්ගේ …