පුද්ගලික ප්‍රසාදය මත තීරණ ගන්න එපා – මල්වතු නායකහිමියන්ට ඉල්ලීමක්

(03.10.2017 – 13:53 +0530 – sinhala.adaderana.lk)

රටක අනාගතය පිළිබඳව තම පෞද්ගලික මතය අනුව තීරණය නොගන්නා ලෙස මල්වතු මහානායක හිමියන්ගෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඉල්ලීමක් කරයි.

අද (03) එළිය සංවිධානය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය.

තමාද මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේ නමක් වන බවත් අතුරු වාර්තා නිවැරදිව අධ්‍යනය කර බලා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයකින් ගන්නා ලෙස ද උන්වහනසේ ඉල්ලා සිටියි.

සමහර භික්ෂුන් වහන්සේලා පසුගිය කාලයේ ජනතා අප්‍රසාදයට පත්වු බවත් මල්වතු හිමියන්ට එවන් අභාග්‍ය තත්ත්වයක් අත්වීමට පෙර මෙම තත්ත්වය නිවැරදිව සොයා බලා කටයුතු කරන ලෙස ද අභයතිස්ස හිමියන් පැවසීය.

කෙසේ වෙතත් ලංකාව නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් ආණ්ඩුවක් බවට පත් කිරීමට ‘යුනිටරී’ යන වචනය සමඟ රජය උත්සහ ගන්නා බව පෙනී යන බව ද උන්වහන්සේ කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු සරත් වීරසේකර මහතා කියා සිටියේ, විද්‍යා ඝාතන නඩුවේ දී එහි වගකීම හමුදාව පිට එල්ල කිරීමට උත්සහ කළ බවත් එය බුද්ධි අංශවල දක්ෂතාවය මත ගිලිහි ගිය බවයි.

කෙසේ නමුත් මෙම නඩුවේ ප්‍රධාන සැකකරු නිදහස් කර ගැනීමට විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කටයුතු කළ බවත් ඇයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ද වීරසේකර මහතා ඉල්ලීමක් කරයි.

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

දේශද්‍රෝහින්ට දිය යුත්තේ මරණ දඬුවම

හුසේන් කියන පර සුද්දා කියනවා අපි බඩු යැවුවේ නෑ කියලා – අද්මිරාල් සරත් වීරසේකර මහතා

++++++++++++++++++++++++++++++++

13 සම්පූර්ණයෙන් දීම රජයේ අරමුණයි
(03.10.2017 – 16:50 +0530 – sinhala.adaderana.lk)

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය හිතාමතා ජනතාව නොමඟ යවමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අදාළව රජය කරනු ලබන අසත්‍ය ප්‍රකාශ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මහජන සභාවේ අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් රට තුළ නිර්මාණ කර ඇති බව ද අමරසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු කිරීමට ගියේ මෙවැනි කියා වලියක් බවත් අද වන විට ඒකාබද්ධ විපක්ෂය පවා කිසිදු විරෝධතාවයක් මේ සම්බන්ධයෙන් ගොඩ නොනගන බව ද අමරසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කළ යුතු කරුණු බොහෝමයක් තිබියදී සියලු දෙනා එහි එක් එක් කොටස් පමණක් පිළිබඳ කථා කරමින් සිටින බවත් 13ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම තුළින් රට සම්පූර්ණයෙන් ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වන බවත් ගුණදාස අමරසේකර මහතා කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *