ව්‍යවස්ථාව වනසා ඡන්දය කල් දැමූ හැටි හිටපු අගවිනිසුරු නූලට පහදයි…. හිරු සලකුණ ‘නෝ හෙල්ලුම්….’

(03.10.2017 – 10:00 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ක්‍රියාමාර්ගය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය සතියේදී ගොනු කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් ඔහු ගත් එම පියවරට පාදක වූ සියලු නෛතික කරුණු මෙන්ම එම පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ගත් ක්‍රියාමාර්ගය නිසා මේ රටේ සමස්ථ පුරවැසියන්ට, ජාතියට මෙන්ම රටට සිදු කල හානිය ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ ‘‘සලකුණ’’ වැඩසටහනට සහභාගි වෙමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා කාලීන වැදගත් විවරයක යෙදුණු හ.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය මනා ලෙස පැහැදිලි කිරිමක් ඔහු විසින් පුරා පැය දෙකක් පමණ වැඩසටහන මෙහෙය වූ සුදේව, රංගන සහ දම්මික ගේ බෑරරුම් තර්ක එකිනෙක ඉතා මනා සංයමයකින් පැහැදිලි කිරීම මෙන්ම මෙම වැඩසටහන මෙරටේ සිටින පක්ෂ විපක්ෂ සෑම පුරවැසියෙකුටම විශ්ව දැනුමක් මෙන්ම අවබෝධයක් මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම මෙතෙක් ස්වාධීන මැතිවරණ කොමිසමේ විකාශනය හා එහි වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය ගේ ක්‍රියාකාරකම් සහ හැසිරිම් හරහා ඔහුගේ පෞද්ගලික අරමුණ ඉටුකර ගැනිමට මහින්ද රාජපක්ෂ යුගයේ සිට ක්‍රියා කල ආකාරය ජනතාවට කරුණු පැහැදිලි කලේ ය.

වීඩියෝ :

Salakuna -02-10-2017 (Part 1, 2, 3 & 4)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *