මොල සෝදන්නා නොදන්න අටමගලක් කියන්න ඇවිත් මදි නොකියන්න නාගනී.. ජනාධිපතිගේ ඇගෙත් ගෑවේ….

(28.09.2017 – 10:40 +0530 – lankacnews.com)

මෙතෙක් ලංකා ඉතිහාසයේ බිහිවූ ජනාධිපතිවරුන් අතරින් අධිකරණයට බරපතලම ලෙස මැදිහත් වී බලපෑම් කල ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයට නොව ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ ලිපියකින් පමණක් බවත් මහේස්ත‍්‍රාත් විභාගයද අසමත් වූ රාමනාදන් කන්නන් නම් නීතීඥයා මහාධිකරණ විනිසුරු ලෙස ජනාධිපති විසින් පත් කරනු ලැබුවේද ඒ ආරයෙන් බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රී අධිකරණයට කිසිම බලපෑමක් නොකරන බවට නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර විසින් කරන ලද ප‍්‍රකාශයකට පිලිතුරු ලෙසයි.

වීඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *