නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මකයි

(31.03.2018 – 19:01 +0530 – sinhala.adaderana.lk)

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි.

ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් (100,000) නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ.

කෙසේවෙතත්
රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා 4% ක් ද
රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 02 සියයට 8% ක් ද
රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා සියයට 12% ක් ද
රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 03 දක්වා සියයට 16% ක් ද
රුපියල් ලක්ෂ 03 සිට රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා සියයට 20% ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.
රුපියල් තුන්ලක්ෂ පනස් දහසට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය සියයට 24% කි .

මෙම බදු අයකිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප්, කොමිස් මුදල්, අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී, විදුලි හා දුරකථන දීමනා, විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් රැසක් ඇතුළත්ය.

කෙසේවෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.

මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක් බද්දක් නව බදු ක්‍රමයෙන් අය කෙරෙයි.

මේ අතර අමතර නිවාස, ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ.

ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10 ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.

කෙසේවෙතත් තමන් වසර 03 කට වැඩි කාලයක් පදිංචිව සිටි නිවසක් විකුණනන්නේ නම් එම නිවසින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභ මත බද්දෙන් නිදහස් කර තිබේ.

කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

++++++++++++++++++++++++++++++++

නව දේශීය ආදායම් පනතේ බදු හෙට (01.04.2018) සිට
(31.03.2018 – 19:35 +0530 – hirunews.lk/sinhala)

නව දේශීය ආදායම් පනත හෙට (01.04.2018) සිට ක්‍රියාත්මක වනවා. එහිදී මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කෙරෙන අතර, නව බදු හදුන්වාදීම් ද ඊට ඇතුළත්.

නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මක වීමත් සමග මෙරට බදු ක්‍රමයේ විශාල වෙනස්කම් රැසක් අපේක්ෂා කරනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සදහන් කළේ නව බදු ක්‍රමය යටතේ මෙරට ආයෝජන පරිසරය වැඩි දියුණු වනු ඇති බවයි.

නව දේශීය ආදායම් පනත සමාජයේ විවිධ ක්ෂේත්‍රවලට බලපෑම ද විශේෂත්වයක්. එබැවින් ජනතාව පීඩාවට පත්වන බවටයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ.

නව දේශීය ආදායම් පනත මගින් හෙට සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.

යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම ආයෝජන වත්කමක් වන ‘‘නිවහනක්’‘ විකිණීමේදී වෙළදපොලේ මිල හා විකුණුම් මිල අතර වෙනස සියයට 10 ක බද්දකට යටත් වනු ඇති.

වර්ෂයකට රුපියල් මිලියන 25 යි දශම 5 ක ආදායමක් උපයන වෘත්තිකයන්ට කලින් බලපෑ සියයට 12 ක බදු අනුපාතය සියයට 24 ක් දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

මාසික ආදායම ලක්ෂ 3 කට වඩා වැඩි වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි වෘත්තීකයන්ට මෙය විශේෂයෙන් බලපානු ඇතැයි අපේක්ෂිතයි.

උපයන විට ගෙවීමේ වාර්ෂික බදු සීමා රුපියල් ලක්ෂ හතහමාරේ සිට ලක්ෂ 12 දක්වා වැඩි කර ඇති අතර දැනට අදායම් බදු ගෙවන පිරිසක් ඒ අනුව බදු ගෙවීම් වලින් නිදහස් වනවා.

විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු ශ්‍රී ලංකාවේ බැංකුවක රදවා ඇති මුදලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක බද්දක් පැනවෙනවා.

එය මෙතෙක් ක්‍රියාත්මක නොවූ බද්දක් ලෙස සැලකිය හැකියි.

මෙරට බැංකුවල ඉතුරුම් ගිණුම් වල පොලී ආදායම මත ද සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ද හෙට සිට අය කෙරෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් වල පොලී ආදායම මත ද එය ක්‍රියාත්මක වන නමුදු ඒ සදහා ඉහළ සීමාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක සදහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • This is just the begining. UNPers in charge trying to make up for what they stole from the banks. People must suffer for their leaders criminal activities. Borrow money from Worldbank from which our leaders set aside a 25% commission for their private use, betrayng the people. people get the crums, they get the cherries, and the WB impose taxation to the same rates as in western countries. You have not seen it yet, wait until VAT becomes 20% for everything, and max income related tax becomes 40% and even 50%, and you will be paying a tax for the well water from your garden well. The scamers are at it, our leaders the worst in the world, conning the voters. Vote this government out and don’t forget these burdens that they have imposed on you.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *