උදයංග පිටුවහල් කරන්න

(31.03.2018 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව පසුගිය 16 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කළා.

ඒ අනුවයි පසුගිය 25 වන දා ඩුබායි හි හෝටලයක නවාතැන් ගෙන සිටියදී ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ පිලිබදව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දැනුවත් කළ අතර ඉන් අනතුරුව ඔහු මෙරටට ගෙන ඒ සඳහා පොලීසිය කටයුතු ආරම්භ කළා.

ඒ අනුව ඔහු එරටින් වහාම පිටුවහල් කරන ලෙසට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

***************************************

ශ්‍රී ලංකා සාමසාධක භටයින්ට, මාලි රාජ්‍යයේදී බෝම්බ ඇටවූ, ත්‍රස්තවාදියා අත්අඩංගුවට
(31.03.2018 – 12:24 +0530 – hirunews.lk/sinhala)

සාමසාධක කටයුතු සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක රිය පෙළක් ඉලක්ක කරගෙන් බෝම්බයක් ඇටවූ ත්‍රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මෙරට සාම සාධක භට පිරිස් කටයුතු කර තිබෙනවා.

පසුගිය 28 වනදා මාලි රාජ්‍යයේ ග්‍රාවෝ සිට මොප්ටි දක්වා මෙම සාමසාධක භට කණ්ඩායම් ආරක්ෂක රිය පෙළකින් ගමන් කරමින් සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු දැක ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පලායාමට උත්සාහ කර තිබෙනවා.

පසුව ඔහු මෙරට හමුදා නිලධාරීන් විසින් අල්ලාගෙන ඇති අතර පසුව එම ප්‍රදේශය සෝදිසි කිරීමේදී දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැරීමට සැළසුම් කර තිබූ කිලෝ 35 ක් බරැති බෝම්බයක් සොයාගෙන ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා මාලි රාජ්‍යයේ ආරක්ෂක අංශ වෙත භාරදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මෙම යුද හමුදා කණ්ඩායමට වන්නි මානුෂීය මෙහෙයුමේදී මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලද අත්දැකීම් තුළින් මෙලෙස ඉමහත් විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *