බුද්දදාස පන්නා දමා කඩුවෙල මුදාගනී.. විමල්ගේ ගෝලයා බුද්ධික කඩුවෙල නගරාධිපති වේ..

(30.03.2018 – 10:00 +0530 – lankacnews.com)

දීර්ඝ කාලයක් තිස්සේ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කල ජී.එච්. බුද්ධදාස මහතා පරාජයට පත් කරමින් එහි නව නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ බුද්ධික ජයවිලාල් මහතායි.

ඔහු වැඩ බාර ගැනීමේ උත්සවය ඊයේ දිනයේ පැවැත්වුයේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

බුද්ධික ජයවිලාල් මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන්නෙකු වන අතර විමල් වීරවංශ මහතාගේ සමීපතම හිතවතෙකුද වෙයි.

එම උත්සවය අමතමින් විමල් විරවංශ මහතා කියා සිටියේ මෙතෙක් කලක් මුදා නොගත් ප‍්‍රදේශයක්ව පැවති කඩුවෙල ඊයේ සිට නැවතත් මුදාගත් ප‍්‍රදේශයක් බවට පත්ව ඇති බවයි.

හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී සිය කොට්ටාශයද පරාජයට පත් වූ අතර නාගරික මන්ත‍්‍රී ධුරයකට හෝ පත්වීමට අපොහොසත් විය.

පරාජයෙන් පසු ඔහුගේ නිවසේ නිතරම පාහේ අමු සිංහලෙන් කාට හෝ බැණ වදිනු ඇසෙන බවද වාර්තා වෙයි ෴

*****************************************

නැවත ජනාධිපති පොදු අපේක්‍ෂකයන්ට සහායක් නෑ.. චම්පිකගේ හීනයට පයින් ගසමින් එජාපය කියයි..
(30.03.2018 – 13:20 +0530 – lankacnews.com)

යළිත් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයෙකුට සහාය දෙන්නේ නැති බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ඊයේ පැවති පක්‍ෂ කෘත්‍ත්‍යාධිකාරී මණ්ඩලයට තමන් මේ අදහස පැවසූ බවද ඇමතිවරයා සදහන් කරයි.

සිංහල අලුත් අවුරුද්දට පෙර පක්‍ෂය තුල පැහැදිලි වෙනසක් සිදුවනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඊයේ සිරිකොතේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් ඇමති චම්පික රණවක මහතා ආසන්න දිනකදී කියා සිටියේ 2020 සදහාද පොදු අපේක්‍ෂකයෙකු ගෙන එන බවත් නායකයන් පයින් ගසා එලවන්නට පෙර ඉවත් වන්නට දැනගත යුතු බවත්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *