අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට තවත් චෝදනාවක්

(20.03.2018 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය පිළිබදව තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට රැස්වී සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම අද (20) පෙරවරු 11ට ආරම්භ වුණා.

අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන් විශ්වාසභංගයට ඇතුළත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද (20) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට තවත් චෝදනාවක් එක් කිරීමට කටයුතු කරන බවයි ෴

+++++++++++++++++++++++++++++++++

අගමැතිට එරෙහි විශ්වාසභංගයට එජාප හා ශ්‍රීලනිප අත්සන් නොලැබුණොත් අපේක්ෂිත ප්‍රතිඵල නෑ
(20.03.2018 – 15:49 +0530 – sinhala.adaderana.lk)

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ද අත්සන් තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එහි නායකයන් වෙත පෙන්වා දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 04 දී අද (20) රැස් වූ අවස්ථාවේ දී මෙම මන්ත්‍රීවරුන් පිරිස ඒකාබද්ධයේ පක්ෂ නායකයන් වෙත පෙන්වා දී ඇත්තේ එසේ නොවුවහොත් විශ්වාසභංග යෝජනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යනු ඇති බවය.

ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් මෙම අදහසට පක්ෂව අදහස් දක්වා ඇති අතර ඩලස්, මහින්දානන්ද, උදය ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එම පක්ෂ දෙකෙහි මැති ඇමැතිවරුන්ගේ අත්සන් විශ්වාසභංය ඉදිරිපත් කිරීමේ දී අවශ්‍ය නොවන බවය.

පක්ෂ දෙකෙහි මැති ඇමැතිවරුන්ට විශ්වාසභංගය යෝජනාවට අත්සන් තැබීමේ දී ගැටලු මතුවිය හැකි බැවින් එසේ අත්සන් තැබිම අනිවාර්ය නොවන බවත් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකට ලක්කිරීමේ දී ඔවුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව තීන්දු කර ඇත්තේ කුමන ආකාරයකින් හෝ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙන ආ යුතු බවටය.

ඒ අනුව අද වන විට ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරු එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *