කිරිබත්ගොඩ දී පුද්ගලික බැංකුවක් කොල්ලකා රුපියල් 9,50,000 ක් රැගෙන පළා යයි

(20.03.2018 – 16:14 +0530 – sinhala.adaderana.lk)

කිරිබත්ගොඩ පිහිටි පුද්ගලික බැංකුවකට ගනුදෙනුකරුවෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය ගන්වා මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (20) දහවල් 1.40 ට පමණ මෙය සිදුව ඇති අතර කිරිබත්ගොඩ අලුත්පාරට හැරෙන හංදිය අසල පිහිටි පුද්ගලික බැංකුවකට මෙලෙස කොල්ලකරු ඇතුළු වී තිබේ.

ගනුදෙනුකරුවෙකු ලෙසින් පැමිණි මෙම පුද්ගලයා බැංකු කවුන්ටරයේ සිටි බැංකු සේවිකාව හට පිහිය පෙන්වා මෙලෙස බිය ගන්වා මුදල් රැගෙන යතුරු පැදියකින් පළා ගොස් තිබේ.

කොල්ලකන ලද මුදල රුපියල් නව ලක්ෂ පනස් දහසක් බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

++++++++++++++++++++++++++++++

****************************************

ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ පළ කළ හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්
(20.03.2018 – 15:57 +0530 – sinhala.adaderana.lk)

තම ෆේස්බුක් ගිණුම හරහා ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අද (20) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු බව සඳහන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *