කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

(20.03.2018 – 12:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට මාධ්‍ය ආයතන මිලදීගැනීම සම්බන්ධයෙන් ඊයේ (19) හිරු TV සලකුණ වැඩසටහනේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අදහස් පළකලා.

එම අවස්ථාව පහතින් :

කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

Posted by Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ on Monday, March 19, 2018

***********************************

ආරියදාස කුරේ ඉවත් කළේ තෙල්දෙණිය ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලූ නිසයි
(20.03.2018 – 16:41 +0530 – sinhala.adaderana.lk)

කොන්ත්‍රාත් පදනම මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ධූරය දැරූ ආරියදාස කුරේ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඇත්තේ පසුගිය දා තෙල්දෙණිය හා දිගන ඇති වු ගැටුම් සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබද පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලු නිසා බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය :

ජාතික පොලිස් කොමිෂන් සභාව තෙල්දෙණිය ගැටුම් පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට උත්සහ දැරීම වලක්වා ගැනීමට දේශපාලන නායකත්වයේ බලපෑම මත ලේකම්වරයා ඉවත් කිරීම සිදුව ඇත.

පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල්දෙණිය හා දිගන ගැටුම් උත්සන්න වූ බව මේ වන විට විවෘත රහසකි. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ගැටුමට පසුදින මේ පිළිබද අදහස් දැක්වූ අතර සිද්ධියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, හලීම් යන අමාත්‍යවරුන් ද, පා.ම. දිළුම් අමුණුගම හා යුධ හමුදාපතිවරයා ද පැවසූවේ පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටුම් වර්ධනය වූ බවයි.

ප්‍ර‍හාරය වර්ධනය වන තෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටි බවට පොදු මතයක් රට තුළ පවතින අතර මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. (කැෆේ සංවිධානයේ ඉල්ලීම මේ සමඟ අමුණා ඇත) අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලීසියට චෝදනා කර තිබුණි. පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා මේ පිළිබඳ පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ගේ නොකැමැත්ත පළ වී තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද, අප වෙත දැනගන්නට ඇත.

දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පීඩනයකට ලක්වී ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත එහි කටයුතු සිදුවන බවට චෝදනා එල්ල විය. දිගු කලක් සැඟවී තිබූ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එල්ලවන දේශපාලන බලපෑම් පිළිබඳ ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමත් සමඟ සමාජ අවධානය යොමුවී ඇත. ස්වාධීන කොමිෂන් සභා සඳහා එල්ලවන බලපෑම් පිළිබඳ සමාජ කතිකාවක් ආරම්භ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *