ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ ටොනේඩෝවක්

(19.03.2018 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා.

සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවයි.

අද සවස ගාල්ල ප්‍රදේශ කිහිපයකට දිස්වූ ටොනේඩෝ තත්වය පහතින්.

——————-

***************************************

කඳානේ හදිසි ගින්නක්
(19.03.2018 – 18:15 +0530 – hirunews.lk/sinhala)

කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අද (19) සවස මෙම හදිසි ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *