කුකුල් කූඩුවේ සිරකළ දරු සෙනෙහස

(19.03.2018 – 22:06 +0530 – hirunews.lk/sinhala)

තම 10 හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වෙළෙඳපොළට ගිය මවක් පිළිබඳ පුවතක් හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ මව විසින් තම දියණිය රදවා ගොස් තිබුණේ මෙම කුඩා කුකුළු කූඩුවේයි.

ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනූව 28 හැවිරිදි එම මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මිට පෙරද මෙම මව මෙවැනි ක්‍රියා සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

දැරියගේ පියා සිය පවුල සරි කරගන්නේ කුලී වැඩ සිදුකරමින්.

****************************************

අවුරුදු හයක දරුවෙකුට ජීවිතය අහිමිකළ අනතුර
(20.03.2018 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – පගරගම්මන මාර්ගයේ මැදඔය ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු හයක පිරිමි දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට යට වීමෙන් දරුවා අනතුරට පත්ව ඇති බවයි මහියංගන පොලීසිය පවසන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ මහියංගනය, දඹගොල්ල, ප්‍රදේශය පදිංචිව සිටි ධනුක ධනංජය නමැති දරුවෙක්.

අනතුර සිදුකිරීමෙන් පසුව ටිපර් රථය නොනවත්වාම ධාවනය කර ඇති අතර රියදුරා රථය සමඟ මහියංගන පොලිසියට භාරවී තිබෙනවා.

මේ අතර වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරන්ගෙන් ප්‍රදේශයේ ජනතාව අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන බව පවසමින් එම ස්ථානයේ උණුසුම්කාරී තත්වයක් ඇතිව ඇති බව සඳහන්.

මිය ගිය දරුවාගේ පියා යුධ හමුදා සාමාජිකයෙක් වන අතර දරුවාට එක් සහෝදරියක් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *