FB අයිතිය වෙනුවෙන් ගම්මන්පිල පාරට බහින්න සුදානම්

(12.03.2018 – 15:53 +0530 – sinhala.adaderana.lk)

ෆේස් බුක් සමාජ ඡාලය තුළ ප්‍රකාශන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තරුණ තරුණියන් දහස් ගණනක් සමඟ තමා ද පාරට බැසීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

අද (12) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මහනුවර ඇති වු ගැටුම මේ වන විට අවසන් වී ඇති බවත්, ඒ අනුව ඇඳිරි නීතිය ද අවසන් බවත්, අනිද්දා වන විට හදිසි නීතිය ද අවසන් වීමට නියමිත බව ද පැවසු ගම්මන්පිල මහතා, ෆේස් බුක් තහනම මෙතෙක් අවසන් වී නොමැති බව ද කියා සිටියේය.

ආණ්ඩුව මේ තුළින් දඹුළු ගොස් තලගොයි මරා ගෙන පැමිණීමට උත්සහ දරන බවත්, ජාතිවාදය වැළැක්වීමට යැයි පවසා ආණ්ඩු විරෝධයේ උල්පත වී ඇති සමාජ ඡාලා දඩයම් කිරීමේ යෙදී සිටින බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙම තහනම කිසිසේත් ප්‍රායෝගික නොවන අතර තරුණ තරුණියන් හොරෙන් ෆේස් බුක් ගොස් බලන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් හොරෙන් ෆේස් බුක් පැමිණ ඇති බව ද ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වෛරය පැතිරීමට ෆේස් බුක් යොදා ගන්නවා යන පදනමින් එය තහනම් කිරීම විහිළුවක් බවත්, ලෝකයට විහිළු සැපයීම නතර කොට වහාම ෆේස් බුක් තහනම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය ෴

******************************************

රජයට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා රජයේ ඇමතිවරුන්ටම විශ්වාසයක් නෑ
(12.03.2018 – 16:30 +0530 – sinhala.adaderana.lk)

අද වන විට රජයේ ප්‍රබල ඇමතිවරුන් තුළම රජයට ප්‍රශ්න විසඳිය හැකි බවට කිසිදු විශ්වාසයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා පවසයි.

අද‍ (12) කොළඹ පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් කඩා වැටි ඇති බවත්, රජයේ ක්‍රියාකලාපය නිසා අද වන විට පොලීසිය ද දැඩි ලෙස අපකීර්තියට පත්ව ඇති බව ද පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුන් නිසා රජය අද වන විට සියලු දෙනා අතර ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බව ද ඔහු පැවසීය.

අද වන විට කිසිවෙකුත් හරි ආකාරව කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් නොමැති බව ද කියා සිටියේය ෴

****************************************

ප්‍රමිති සහතිකය සහිත ගෙඹි ලුණු
(12.03.2018 – 16:35 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිති සහතිකයක් ලැබුණ ලුණු පැකට්ටුවේ ගෙම්බෙක්

පරිභෝජනය සඳහා වෙළඳසැලෙන් රැගෙන ආ ලුණු පැකට්ටුවේ මියගිය ගෙම්බෙක් සිටි බව පොළොන්නරුව බැදිවැව අයුර්වේද වෛද්‍යවරයෙකු වන කේ ජි රවින්දු කුමාර මහතා පවසයි.

අද (12) උදෑසන මෙම ලුණු පැකට්ටුව විවෘත කොට පරිභෝ‍ජනය සඳහා ගැනීමේදී යාමේදී මෙම ගෙඹි මළ සිරුර හමුව තිබේ.

මෙම ලුණු පැකැට්ටුව ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය මඟින් පවා සහතික කර තිබෙන නමුත් ලුණු පැකට්ටුව සම්බන්ධයෙන් පරිභෝගික අධිකාරීයට පවා පැමිණිලි කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරීන් දැඩි කි‍්‍රයා මාර්ග ගත යුතු යැයි ඒ මහතා වැඩිදුරත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *