ශ්‍රී ලංකාවේ ෆේස්බුක් අවහිරතාවය ඉවත්කරන්න අමරිකාවත් මැදිහත් වෙයි

(11.03.2018 – nethnews.lk)

ශ්‍රී ලංකාවට පනවා ඇති සමාජ ජාලා වෙබ් අඩවි තහනම කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයට විදෙස් රාජතාන්ත්‍රිකයන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ලක් රජය විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියෙන් මෙරට ජනතාව මෙන්ම විදේශීකයන් ඇතුළු විදෙස් රාජතාන්ත්‍රිකයන් ද පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් සිය ට්වීටර් පිටුව මගින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ජාල මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගන්නා විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේදයක් බවයි.

වෙනස් වන ලෝකයේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකර මහඟු සේවාව අගය කළ යුතුව ඇති අතර එහි ඇති හොඳ සහ නරක යන දෙකම සමසේ වටහා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි මාධ්‍යයන් ඔස්සේ ප්‍රචණ්ඩත්වය පතුරවන්නන් සහ එය දැක නොඉවසිල්ලෙන් කටයුතු කරන පිරිස් ඊට වගකීව යුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවලට කිසිවක් කිරිමට නොහැකි බව ද ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් ශ්‍රී ලංකා රජයට කරුණු පැහැදිළි කර දී තිබෙනවා.

එමෙන්ම වෛරයෙන් පිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් රජය අවදානය යොමු කර ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරිම මිස තවදුරටත් සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරිම සාධාරණ නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දින කිහිපය පුරා මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය හමුවේ එය පාලනය කිරිම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නීති ක්‍රියාත්මක කළ අතර සමාජ ජාල මාධ්‍ය සියල්ල තාවකාලිකව අවහිර කර එහි භාවිතය සීමා කිරිමට කටයුතු කළා.

මේවන විට දිවයිනේ ගැටුම් පැවති ප්‍රදේශවල තත්ත්වය සාමකාමී වුවද සමාජ ජාලා සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකළ අතර රටතුල සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කළ හැකි ද යන්න පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජය කරුණු සොයා බලමින් සිටින බවයි සඳහන් ෴

++++++++++++++++++++++++++++++

පෙට්‍රල් බෝම්බයක් හදන හැටි පියවරෙන් පියවර උගන්නන විස්තරත් තිබිලා – සමාජ ජාලා භයානක නිරීක්ෂණ නිසා තහනම ඉවත් කිරීම කල් යන ලකුණු
(11.03.2018 – gossiplankanews.com)

මේ දිනවල රටේ උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය පහව යනතුරු සමාජ ජාලා කිහිපයක් අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොවනු ඇතැයි වාර්තා පළවේ.

ඒ සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වල පවතින භයානක තත්වය මත තවදුරටත් තහනම පවත්වා යන්නට රජයට සිදුව ඇතැයිද පැවසේ.

මෙම තහනම සම්බන්ධයෙන් ජනපති කාර්යාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍ර දසනායක මහතා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඔහු පවසන්නේ 100 කට වඩා වැඩි හානි කර සමාජ ජාලා පිටු හා කණ්ඩායම් ගැන නිරීක්ෂණ වාර්තාවී ඇති බවත් මේ ගැන සියුම් විශ්ලේෂණයක් කර තීරණ ගන්නා තුරු තහනම දිගටම බලපවත්වනු ඇති බවයි.

මෙම සමාජ ජාලා තහනම මුලින්ම යොදාගත්තේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම හා ජාතිවාදය ඇවිස්සවීම වැනි දේ වැළැක්වීමට වුවත් වැඩිදුර නිරීක්ෂණයේදී ඇතැම් ෆේස් බුක් පිටු හා වට්ස් ඇප් කණ්ඩායම් මගින් ප්‍රචණ්ඩත්වය සෘජුවම භාවිත කරවීමද නිරීක්ෂණය වී ඇත. එක්තරා පිටුවක හඩපටද සහිතව පෙට්‍රල් බෝම්බ නිර්මාණය කරන අයුරු පියවරින් පියවර විස්තර කර තිබී ඇත්තේ මෙම ගැටුම අතරතුර ගිනි තැබීම් කිරීමට ඒවා යොදවන්නට උදව් සපයමිනි.

මේ වනවිට තහනමට පෙර ක්‍රියාශීලීවූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තාවේ. දැනට අත්අඩංගුවට ගත් අය සිංහල බෞද්ධ පමණක් බවට මේවනවිට ඇතැමුන් චෝදනා කරන නමුත්‘මුස්ලිම් මීඩියා‘ නමැති ලක්ෂ තුනකට වැඩි සාමාජිකයින් සිටින සමූහයේ කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම පොලිස් ඇස යොමුවී ඇතැයිද දැනගන්නට ලැබේ.

ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත.

දැනට පවතින හදිසි තත්වය දින 14 ක් දක්වා පවත්වා යාමෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් දීර්ඝ කළ හැකි වන අතර සමාජ මාධ්‍ය තහනම මෙම සියලු තත්වයන් සමනය වීම දක්වා ඇතැම්විට පැවතිය හැකි බවටද වාර්තා පළව තිබේ.

පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think it is about time that foreign business organization like FB or anything else be told to go an jump in the river if they want. A few years ago FB was never heard of, and we did not have any foreign f****s interfering with our lives. Now they are getting involved in the internal administration and governance of the country and this type of messing around must be stopped. The government must show who is governing the country. If I were I will stop all such social media, as people are indisciplined and doe not know the right from wrong in spreading false information like wild fire. Remember that 80% of the people in the world do not have the right intelligence to go beyond secondar education, and that includes the vast majority of Sri lankan politicians. So you can imagine what the general population is like. So ban FB if that is helping the country to get under control in the face of racial and ethnic violence instigated by social media.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *