මහනුවර සිද්ධියට මුවා වී ආණ්ඩුව අමතක කළ ප්‍රශ්න

(11.03.2018 – 20:01 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇතිවූ කළහකාරි සිද්ධියට මුවා වී ආණ්ඩුව රටේ උද්ගතවී තිබූ ප්‍රශ්න සියල්ල අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඇල්පිටිය ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකින් අනතුරුවයි.

ඇල්පිටිය, නවදගල ශ්‍රී ශිලාලේඛනාරාමය විහාරස්ථානයේ චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද (11) පස්වරුවේ සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

++++++++++++++++++++++++++++++

මහනුවර සිද්ධියෙන් හානියට පත් දේපළ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක්
(11.03.2018 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි සිද්ධියෙන් හානියට පත් දේපළ පිළිබඳව මෙතෙක් පැමිණිලි කර නොමැතිනම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 161 දෙනෙකු සහ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක එවැනි ආකාරයට කලහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *