ළමා අපයෝජන පැමිණිලි භාරගන්නා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවත් ශක්තිමත් කරයි

(02.02.2018 – 14:11 +0530 – sinhala.adaderana.lk)

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කඩිනම් යාන්ත්‍රණය වන ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 වන වගන්තියේ “ඔ” උප වගන්තිය ප්‍රකාරව, ළමා අපයෝජන පිළිබඳව මහජන පැමිණිලි භාරගැනීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සුවිශේෂී කාර්යභාරයක් ලෙස හඳුන්වා දී ඇත.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම් යාන්ත්‍රණය ලෙස 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ක්‍රියාත්මක වේ.

දවසේ පැය 24 පුරාවට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වන මෙම ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් නොමිලේ ප්‍රවේශවීමේ හැකියාව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය භාවිත කරමින්, 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත්කෙ රෙනු ඇත. එමෙන්ම එයට අනුයුක්තව කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ශක්‍යතාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ යටතේ එම නිලධාරීන් සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පුහුණුවීම් ලබාදීමටද අපේක්ෂා කෙරේ. මේ සඳහා ජාත්‍යන්තර සංවිධාන හා සිවිල් සංවිධාන වල සහයෝගය ලබාගැනේ.

කායික, මානසික, ලිංගික හා නොසලකා හැරීම ආදී වශයෙන් ළමයින්ට සිදුවන හිරිහැර වෙතොත් ඒ පිළිබඳව 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් සභාපතිනිය ඉල්ලා සිටියි ෴

****************************************

බැන්දාම නිළි රස්සාවෙන් ඉවත් කළ නිසා නැතිවුණ ආදායම අයකරදෙන්න දික්කසාද වූ නිළිය නදී සැමියාට එරෙහිව නඩු මගට
(02.03.2018 – gossiplankanews.com)

තමන් සමග විවාහවී සිටි සැමියා තවත් විවාහයක් සිදු කරගෙන සිටි අයෙකු බව පවසමින් පසුගියදා දික්කසාදය ලබාගත් ටෙලි නාට්‍ය නිළි නදීකා චන්ද්‍රසේකර එම සැමියාට එරෙහිව නැවත නඩුවක් පවරමින් කියා ඇත්තේ තමා කසාද බැන්ද පසු චිත්‍රපටවල රඟපෑමට සැමියා විරුද්ධවූ බවත් එම බලපෑම් බාධා කිරීම් නිසා තමාගේ වෘත්තීය කටයුතු අඩාල වීමෙන් ආදායම අහිමිවූ බවත්ය. මේ හේතුවෙන් අදාල කාලය තුළ තමන්ට රැකියාවක් කළේ නම් ලැබෙන්නට තිබුණ ආදායම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සැමියාගෙන් අයකරදෙන ලෙසත්ය.

ඇගේ හිටපු සැමියා වන පානදුර ප්‍රදේශයේ පදිංචි යසන්ත සමරවීර නමැති අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී පැමිණිලිකාර ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය ඔහුගේ දේශීය හා විදේශීය ව්‍යාපාර ඇතුළු දේපළ වත්කම් සනාථ කළ හැකි ලේඛන පිටපත් ගණනාවක්‌ සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට බාර දුන්හ.

ඇය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමා දිර්ඝ කාලයක්‌ තිස්‌සේම ‘රයිගම්’ හා ‘සුමති’ ඇතුළු කලා සංවිධාන කිහිපයකදීම හොඳම ටෙලි නාට්‍ය ශිල්පිනිය වශයෙන් උපහාර සම්මාන හිමිකර ගෙන ඇති බවයි.

වගඋත්තරකරු දැනට තමාගෙන් වෙන් වී වෙනත් කාන්තාවක්‌ සමඟ විවාහ වී සිටින බවත්, කලකට පෙර හුදකලා ජීවිතයක්‌ ගත කිරිමට සිදු වූ බවත් මේ නිසා තමා අන්ත අසරණ තත්ත්වයට මුහුණ පා සිටින බවත් ඇය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් පැවසුවාය.

වගඋත්තරකරු සතුව දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාර ගණනාවක්‌ පවත්වාගෙන යන බවත් පැවසූ ඇය ඒ අතර තමාගේ නමින් කරගෙන යන වෙළෙඳ ආයතනයක්‌ ද තිබෙන බවත් හෙළි කළාය. නිතර නිතර විදේශ සංචාරවල යෙදෙන වගඋත්තරකරු මාසිකව විශාල ආදායමක්‌ ලබන කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පැවසූ පැමිණිලිකාරිය ඔහුගෙන් නඩත්තු මුදලක්‌ ලබා දෙන ලෙසට අධිකරණයෙන් අයැද සිටියාය.

ඇය වන්දි මුදල් ඉල්ලා කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩත්තු නඩුව විභාගයට ගත් මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා වැඩිදුර විභාගය ලබන අප්‍රේල් 05 දිනට කල් තබමින් දෙපාර්ශ්වයටම එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *