කාන්තාවකට අතවර කරන්න පැමිණි ‘සාදු බල්ලෙකු’ අත්අඩංගුවට

(02.03.2018 – 16:23 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

නිවසේ නාන කාමරයේ දිය නාමින් සිටි කාන්තාවකට ලිංගික අතරව කිරිමට තැත්කල බව කියන ‘සාදු බල්ලෙකු’ අද (02) කෑගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, පුවක්දෙනිය ප්‍රදේශයේ විහාරස්ථානයක ‘සාදු බල්ලෙකු’ බවයි වාර්තා වන්නේ.

සැකකාර ‘සාදු බල්ලා’ විසින් 42 හැවිරිදි කාන්තාවකට මෙලෙස අතරව කිරිමට උත්සහ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

විහාරස්ථානයට යාබද නිවසක කාන්තාවක් සිය නිවසේ නාන කාමරයට ගොස් දිය නාමින් සිටියදි සැකකාර ‘සාදු බල්ලා’ නිවසේ නානකාමරයට ඇතුල් වී එම කාන්තාවට අතවර කිරිමට තැත්කර ඇති බව සඳහන්.

පසුව අදාල කාන්තාව ‘සාදු බල්ලා’ගේ ග්‍රහනයෙන් මිදි සිය පවුලේ ඥාතීන්ට සිද්ධිය පිළිබඳව දනුවත්කර ඉන් පසු කෑගල්ල පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

සැකකාර ‘සාදු බල්ලා’ සිය ‘කහ-රෙද්ද’ අදාල කාන්තාවගේ නාන කාමරයේ දමා ගෙමිදුලේ රෙදි වැලක දමා තිබු කාන්තවගේ කලිසමක්ද හැඳ විහාරස්ථානයට ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් සිද්ධියට මුහුණ පෑ කාන්තවගේ නිවසේ නාන කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකාර ‘සාදු බල්ලා’ගේ ‘කහ-රෙද්ද’ සොයා ගැනිමට හැකිවි ඇති අතර පසුව විහාරස්ථානය සෝදිසි කිරිමේදී අදාල කාන්තාවට අයත් ‘සාදු බල්ලා’ විසින් හැඳ ගෙන ආ බව කියන කලිසමද සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර ‘සාදු බල්ලා’ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) දින ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බව සඳහන් ෴

*************************************

දියතලාව බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සෙබළා අත්අඩංගුවට
(02.03.2018 – 15:19 +0530 – hirunews.lk/sinhala)

දියතලාව කහගොල්ලේදී බස් රථයක පුපුරාගිය අත් බෝම්බය රැගෙන ආ හමුදා සමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම සැකකාර සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 21 වනදා දියතලාව බණ්ඩාරවෙල මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල සිදුවු පිපිරීමෙන් 19 දෙනෙකු තුවාල ලැබුවා.

යුද හමුදා සෙබලුන් 7 ක්, ගුවන් හමුදා සෙබලුන් 5 ක් සහ සාමාන්‍ය පුද්ගලයන් 7 දෙනෙක් ඊට අයත්.

මෙම සිද්ධියට අදාළව පොලිසිය සිදු කළ විමර්ශණවලින් අනතුරුවයි අදාළ බස් රථයේ ගමන් කළ හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු යුද හමුදාවේ 6 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරියෙක් බව පොලිසිය සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++

බිරිඳ හා දරුවා වෙනුවෙන් දියතලාවේ බෝම්බය පිපිරුණාද..? – සැකකාර සාජන් මේජර්වරයා ඇත්ත වමාරයි
(02.03.2018 – webgossip.lk)

දියතලාව බස් රථයේ සිදුවූ පිපිරීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සාජන් මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමාගේ මරණයෙන් පසු බිරිඳට සහ දරුවන් දෙදෙනාට යුද හමුදාව විසින් ලබාදෙන විශ්‍රාම වැටුප සහ දීමනා ලබාගැනීමේ අරමුණින් දියතලාව කඳවුර තුළදී බෝම්බය පුපුරවා ගනිමින් සියදිවි හානිකර ගැනීමට තමන් සැලසුම් කර සිටි බව එම සාජන් මේජර්වරයා ‍පොලිසියට පවසා ඇති බවට වාර්තා වනවා.

ආර්ථික ප්‍රශ්න රැසක් හමුවේ තමන්ට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් තමන් ණයට මුදල් ලබාගත් පුද්ගලයන් දිගින් දිගටම නිවස වෙත පැමිණීම නිසා පදිංචිව සිටි ප්‍රදේශයේ ජනතාව අතර අවමානයට ලක්ව සිටි බවත් පැවසෙනවා.

පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ අදාළ බෝම්බය 2015 වසරේදී මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගත් එකක් බවයි. එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක මෙම අත්බෝම්බය තිබී හමු වූ බව ද පසුව ඔහු එය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවද සාජන් මේජර්වරයා පාපෝච්චාරණය කර තිබෙනවා. නිවෙසේ සඟවා තිබූ එය සිය ගමන් බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටි බව ද බස් රියෙන් බැසීමට සුදානම් වීමේදී එය වැටී පුපුරා ගිය බව ද සාජන් මේජර්වරයා පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබෙනවා.

ණය බරින් මිදීම සඳහා තමන් මිතුරන් කිහිප දෙනකුගෙන්ම මුදල් ඉල්ලා සිටි අවස්ථා කිහිපයක් තිබූ බවත් ඔවුන්ගෙන් ද ඊට සහනයක් නොලැබුණු බවත් මොහු ‍පොලිසියට පවසා ඇති බවටද වාර්තා වනවා.

සැකකාර සාජන් මේජර්වරයා වෑන් රථයක් ලිසිං ක්‍රමයට මිලදී ගෙන ඇති අතර එහි මාසික වාරිකය රුපියල් 75,000 ක් බවද පැවසෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *