මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට

(26.02.2018 – 11:02 +0530 – sinhala.adaderana.lk)

මත්ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත් ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

හොරණ ගෝනපල ප්‍රදේශයේදී රාත්‍රී සාදයක ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර විශාල වශයෙන් භාවිත වන බවට ලද තොරතුරකට අනුව කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය සමඟ එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් දියත් කළේය.

එහි පළමු පියවර වශයෙන් ෆේස් බුක් හරහා සංවිධාන කර තිබූ මෙම රාත්‍රී සාදයේ ප්‍රවේශ පත්‍ර ඇණවුම් කරගනු ලැබීය.

අනතුරුව උකුස්සා සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් සමඟින් එක්ව හොරණ ගෝනපල ප්‍රදේශයේ රාත්‍රී සාදය පැවති ස්ථානයට රහසිගතව ළඟා විය.

ඒ වනවිටත් සාදය ආරම්භ වී තිබුණේ තිබුණි.

අනතුරුව ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරින් මෙම සාදයේ ඩී.ජේ. සංගීතය මෙහෙයවමින් සිටි විදේශීය පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂා කරනු ලැබීය.

හිදී ඔවුන් සතුව තිබී ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර 40ක් පමණ සොයා ගත්තේය.

වැඩිදුරටත් මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ මාලදිවයිනේ සිට මෙම විදේශිකයින් දෙදෙනා පැමිණි බවත් කලක පටන් ඔවුන් දිවයිනට පැමිණ මෙවැනි රාත්‍රී සාද පවත්වන බවයි.

අනතුරුව මොවුන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ඉදිරියේදී තරුණ පරපුරට වින කටින මෙවැනි ජාවාරම් නීතියේ රැහැනට හසු කර දීමට ඉදිරියටත් අද දෙරණ උකුස්සා සීරුවෙන්.

*************************************

මහින්ද මෙවර පරද්දන්නත් ඇමරිකාවෙන් සල්ලි
(18.02.2018 – divaina.com)

මෙරට පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්‌ටුව පරාජයට පත් කිරීම සඳහා ඇමරිකාවේ ජොර්ඡ් සෝරස්‌ පදනම මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට ඩොලර් මිලියන ගණනක්‌ ලබා දී තිබූ බව අනාවරණය වී ඇත.

මෙම පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ රජයේ සංනිවේදන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවෙක්‌ බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

යහපාලනය සහ මානව හිමිකම් කටයුතු මුවාවෙන් ශ්‍රී ලංකාවට අරමුදල් සපයා ඇත්තේ සෝරස්‌ පදනමට සම්බන්ධ ඕපන් පොෂෙයිට්‌ සංවිධානයයි.

මේ බව එම සංවිධානයේ ආසියානු අධ්‍යක්‍ෂ බිනයිරියර් නව්රෝජන්ද හෙළි කර ඇත.

2015 වසරේදී සෝරොස්‌ පදනම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ආරම්භ කරනු ලැබීය.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *