28 දා පැය 12 ක ජල කප්පාදුවක්

(26.02.2018 – 15:42 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා දින පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසයි.

එදින පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ කැළණිය, වත්තල, බියගම, මහර, සහ ජා ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, පෑලියගොඩ, වත්තල,ජා ඇල සහ කටුනායක – සීදූව යන නගර සභා බල ප්‍රදේශ සඳහාත් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතර දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දෙකටන, නාමළුව, මල්වාන, කළුකොදයාව, දෝම්පේ යන ප්‍රදේශවලටත්, ගම්පහ ප්‍රාදේශීය සභාවට අයත් ඉහළ යාගොඩ, පහල යාගොඩ, පියරත්න මාවත, වැලිවේරිය, රතුපස්වල සහ බියගම ආයෝජන කාලාපය යන ප්‍රදේශ සඳහාත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය ෴

**************************************

බොලිවුඩයම කඳුලින් පුරවමින් අවසන් ගමන් ගිය ශ්‍රී දේවිගේ මරණයට හේතුව හෙළි වෙයි
(26.02.2018 – webgossip.lk)

බොලිවුඩයම හඬවා අවසන් ගමන් ගිය ශ්‍රී දේවි ගැන විවිධ පුවත් පැතිරෙන්න පටන් අරන්.

ඒ අතරින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය මියගොස් තිබෙන්නේ නාන කාමරය තුල සිදුවූ අනතුරකින් බවයි.

එයට පෙර විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ ඇය හෘදයාබාධයකින් මියගිය බවටයි.

මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වනවිට හෙළිව තිබෙනවා.

ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ නාන කාමරයේ ජලය පුරවා තිබූ නාන බේසමේ ගිලීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *