හම්බන්තොට දී පෞද්ගලික බස් රථයක් තුළ වෙඩි ප්‍රහාරයක් – අයෙක් මරුට

(26.02.2018 – 13:09 +0530 – sinhala.adaderana.lk)

මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් තුල අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා හම්බන්තොට මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව යළි නිවස බලා ගමන් ගනිමින් සිටි අයෙක් බවයි.

මාතර බස් නැවතුම්පොලින් අම්පාර දක්වා අද (26) මධ්‍යහනයේ ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථයක් හම්බන්තොට මිරිජ්ජවිල මං සන්ධිය ආසන්නයට පැමිණ තිබුණි.

බස්රථයේ කොන්දොස්තරවරයා සඳහන් කළේ පිටුපස දොරින් රථයට ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් ඊට යාබද අසුනක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පිටුපසින් පැමිණි මෝටර් රථයකට නැගී පලා ගිය බවයි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මගීන් 60 දෙනෙකු පමණ බස් රථයේ ගමන් කරමින් සිට තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම බස් රථයෙන්ම හම්බන්තොට මූලික රෝහලට ඇතුල් කර තිබුණි.

මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුනේ රන්න ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන ප්‍රසන්න නැමැති 33 හැවිරිදි දෙදරු පියෙක්.

2011-04-31 රන්න කදිරගොඩ ප්‍රද්ශයේදී ඉඩම් ආරවුලක් දුරදිගයාම නිසා වූ පුද්ගල ඝාතනයකට අදාළ තෙවන විත්තිකරු වූ මොහු එම සිද්ධියෙන් අනතුරුව මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ දිවිගෙවනු ලැබීය.

ඔහු මෙලෙස වෙඩිතැබීමට ලක්වූනේ අද පැවති නඩුවාරය අවසානයේ සිය බිරිඳ සමඟ ඇතිමලේ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදීයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර පොලිසිය පැවසුවේ අදාල නඩුවේ දෙවන විත්තිකරු වූ මියගිය ප්‍රසන්නගේ ඥාතිවරයෙකු පසුගිය 2012-12-31 වන දින ගෝඨයිම්භරගම දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණා.

++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *