විපක්ෂ නායකයාගේ කාර්යභාරය ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමක් බව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

(25.02.2018 – nethnews.lk)

මුළු රටම නියෝජනය කරන විපක්ෂ නායකයෙකු රටට අවශ්‍ය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වත්මන් විපක්ෂ නායකයා එක් පළාතකට පමණක් සීමා වී කටයුතු කරන බවයි.

මහනුවර ගැටඹේ විහාරයට අද (25) පැමිණි හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් වෙත මෙම අදහස් පල කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වත්මන් විපක්ෂ නායකයාට අවශ්‍යව ඇත්තේ සමස්ත රටේ ජනයාගේ අවශ්‍යතා ඉටුකිරිම නොව ඊළාම් සිහිනය සැබෑ කරගැනීම පමණක් බවයි.

මෙයට පෙර විපක්ෂ නායක තනතුර දැරු ද්‍රවිඩ නායකයන් සමස්ත රටේ ජනයා වෙනුවෙන් පෙනී සිටි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

Indra වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *