මාවතගම ගුරුවරයෙක් සිසුවෙකු ගස් බැඳ පහරදේ

(23.02.2018 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම – පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි එම පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහුගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙලෙස සිසුවාට පහරදෙන ලෙස එම පන්තියේ ම ඉගෙනුම ලබන අනෙක් සිසුන්ට පවසා ඇත්තේ ඊයේ (22) දහවල් කාලයේදීයි.

සිද්ධියට මුහුණදුන් සිසුවාගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 1 ශ්‍රේණියේ සිදුවූ සිද්ධියක් පදනම් කර ගනිමින් තම දරුවා උණ ගසක බැඳ මෙලෙස පහරදී ඇති බවයි.

සිද්ධියට මුහුණදුන් සිසුවා ද ඒ පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ පන්ති භාර ගුරුවරයා විසින් තමාව උණ ගසක ගැට ගසා තමාට පහර දෙන ලෙස අනෙක් සිසුන්ට පැවසූ බවයි.

මෙම සිද්ධිය පිලිබඳව පහරකෑමට සිදුවූ සිසුවාගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.

එසේම, සිද්ධියට සම්බන්ධ අනෙකුත් සිසුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ගුරුවරයා ද පොලීසියට කැඳවා ඉදිරි පරීක්ෂණ සිදුකරන බව ද ඔහු කියා සිටියා.

මේ පිළිබඳව අප පහරකෑ සිසුවා ඉගෙනුම ලබන පාසලෙන් සිදුකළ විමසීමකදී එහි නියෝජ්‍ය විදුහල්පතිනිය කියා සිටියේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට ද වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

මේ අතර මෙම සිසුවාට සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් ප්‍රකාශ කළා.

තමන් මේ සම්බන්ධයෙන් මාවතගම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එම අවස්ථාවේදී අදාළ ගුරුවරයා කිසියම් මානසික ගැටලූවකින් පීඩාවට පත්ව සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

සැකකාර ගුරුවරයා මාවතගම – පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කර ඇති සිසුවා ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

මේ අතර, පුස්සැල්ලාව – නුගවෙල – නයාපාන මහා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙකු ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියකට කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.

පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුව ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, දින 3ක් එහි ප්‍රතිකාර ලබා අද ඉන් පිටව ගොස් තිබුණා. ප්‍රහාරය සිදුකළ 32 හැවිරිදි ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අතර මෙම සිසුවාට සිදුකර ඇති පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් ප්‍රකාශ කළා.

තමන් මේ සම්බන්ධයෙන් මාවතගම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එම අවස්ථාවේදී අදාළ ගුරුවරයා කිසියම් මානසික ගැටලූවකින් පීඩාවට පත්ව සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

සැකකාර ගුරුවරයා මාවතගම – පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කර ඇති සිසුවා ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

මේ අතර, පුස්සැල්ලාව – නුගවෙල – නයාපාන මහා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙකු ක්‍රීඩා පුහුණුවීම් අතරතුර සිසුවියකට කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.

පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුව ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, දින 3ක් එහි ප්‍රතිකාර ලබා අද ඉන් පිටව ගොස් තිබුණා. ප්‍රහාරය සිදුකළ 32 හැවිරිදි ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++

පස්සරදී ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙකු රෝහලේ
(24.02.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පස්සර – මඩුගස්තලාව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන හිමි නමක සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගත කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඊයේ (23) දිනයේ සිදුව ඇතැයි කියන මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට පස්සර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

නිවසේදී සිදුකිරීමට දෙන පාසල් අභ්‍යාස අතපසු කර තිබීම හේතුවෙන් අදාළ හිමිනම සිසුන්ට දඩුවම් කර තිබෙනවා.

එහිදී හිසට තුවාල ලබා ඇති මෙම දරුවා රෝහල් ගත කළ බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව මඩොල්සිම පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.

මේ අතර, කුරුණෑගල – මාවතගම – සාමෝදය මධ්‍ය මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවයි මාවතගම පොලීසිය සදහන් කළේ.

ගුරුවරයාගේ උපදෙස් මත උණභටයක දම්වැලක් ආධාරයෙන් බැද මෙම සිසුවාට පන්තියේ අනෙකුත් සිසුන් පහරදී තිබුණේ පෙරේදා දිනයේදීයි.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරින්ගෙන් කැදවූ වාර්තාව ලබන සදුදා ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.

එසේම, මහියංගනයෙන් අතරමංවූ දැරියක් වැල්ලවාය බස් නැවතුම්පොල අසලදී ඊයේ රාත්‍රියේ හමුවීමේ සිදුවීමක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

12 හැවිරිදි ඇය සුළු පියාගෙන් සිදුවන හිරිහැර හමුවේ නිවසින් පිටව ආ බව පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

දැරියගේ මව සහ සුළු පියා මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් මහියංගනය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඒ අනුව අදාළ දැරිය ඔවුන් වෙත භාරදීමට කටයුතු කරන බවයි වැල්ලවාය පොලීසිය සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *