මෙරට විද්‍යුත් නාලිකාවක් ඩයස් පෝරාවට සම්බන්ධ ජාත්‍යන්තර සමාගමක් වෙත විකිණීමේ සැලැස්මක්

(22.02.2018 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට විද්‍යුත් නාලිකාවක් හා මූල්‍ය ආයතනයක් ඩයස් පෝරාවට සම්බන්ධකම් දක්වන මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව අපකීර්තියට පත්වූ සමාගමක් වෙත විකිණීමට සැලැස්මක් ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව සදහන් කළා.

‘‘ඉතාම ආන්දෝලනාත්මක සිදුවීමක් අපේ රටේ නාලිකාවක් හා සංඛ්‍යාත, එවගේම මුල්‍ය ආයතනයක් ලයිකා මොබයිල් කම්පැණි එකට විකිණීම සම්බන්ධයෙන්. මේ ලයිකා මොබයිල් කම්පැණි එක කියන්නේ මුදල් විශූද්ධිකරණය ගැන එවගේම ඩයස්පෝරාවට මුදල් ලබාදීම් ගැන ජාත්‍යාන්තර වශයෙන් අපකීර්තියට පත්වෙච්ච සමාගමක්. දේශිය ව්‍යාපාරිකයෝ වැඩිම ඉල්ලුමක් නිකුත් කරලා තියෙද්දි මේ ආයතන ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමිමේ උත්සහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඒක මේ රටේ නීතිය අනුවත් වැරදි. මේක වක්‍රාකාරයෙනන් ඩයස්පෝරාවේ මුදල් වලට ලංකාව ඇතුළට ඇතුල්වීමට, ලංකාවේ මාධ්‍ය ආයතන මිලදී ගැනීමට මුල්‍ය ක්ෂේත්‍රය මිලදී ගැනීමට ලබාදෙන අවස්ථාවක් අපි වහාම ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ අවස්ථාව නවත්වන්න කියලා.

ප්‍රශ්නය – දැන් මේ වන විට රජයට ප්‍රබල ලෙස මාධ්‍ය හිරිහැර කරනවා කියලා තමයි මතවාදය තියෙන්නේ. එහෙමනම් ඔවුන්ට අවශ්‍ය කරන දේ ජනතාවට ලබා දීමට මෙම ආයතනය සමග එකාබද්ධව මොනවා හරි තියෙනවාද?

පිළිතුර – පැහැදිලිව අපි විශ්වාස කරනවා මෙතන රටේ නීතිය අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. ඉතින් රජය මේකට අතපොවන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ මුල්‍ය සමාගම දැනට මහබැංකුව භාරයේ තමයි තියෙන්නේ. ඒ ආයතනය කඩා වැටීම නිසා.

ප්‍රශ්නය – එවගේම මේ වන විට මේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳ විශාල ප්‍රශ්නයක් රටෙත්, පාර්ලිමේන්තුව තුළත් තිබෙනවා. දැන් එතුමා ඇතුළට දාන්න ප්‍රතිපාදන තිබ්බා. එළියට දාන්න ප්‍රතිපාදන නැහැ. දැන් මේ හරහා බැඳුම්කරයට ප්‍රධාන චුදිතයා වගේ ඔහුට නම් වෙනවා. හදිස්සියේවත් එයට ක්‍රියාත්මක වෙලා කොයි වෙලේහරි ඇතුළට යන්න වෙයි කියලා බයටද අග්‍රාමාත්‍යකම රැකගන්න දඟලන්නේ?

පිළිතුර – දැන් මේ හවුල දිගටම මේ කට්ටිය පවත්වගන්නවා. මේ කට්ටිය මැතිවරණ කාලේ කළේ රංගනයක්. පැහැදිලිවම මේ දෙන්නා එකට ඉන්නේ. ඉතිං බැදුම්කරය සම්බන්ධව ගත්තොත් බැදුම්කරයත් දේශපාලන මාතෘකාවක් හැටියටයි මේ කට්ටිය යොදා ගත්තේ. අගමැතිවරයා ඉවත් කිරීමට බැහැයි කියන එක වැරදි. ඊයේ මම දැක්කා නීතිඥා සංගමයේ සභාපතිතුමා පැහැදිලිව ප්‍රකාශය කරලා තිබ්බා එකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙනවා නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම හරහා අගමැතිවරයා ඉවත් කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අගමැතිවරයාව ඉවත් කරලා නව අගමැතිවරයෙක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා සුදානම් නොවීම.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *