මෙතෙක් හමුවූ කාලතුවක්කුවලින් මේක වෙනස් – පුරාවිද්‍යා නිලධාරීන් වෙනස පැහැදිළි කරයි

(22.02.2018 – nethnews.lk)

ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපමින් සිටියදී හමු වූ යටත් විජිත යුගයට අයත් බවට සැලකෙන කාලතුවක්කු කොටස ඊයේ (21) ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබුවා.

මෙම කාල තුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාලතුවක්කුවලට වඩා වෙනස් වන්නේ එහි පිටුපස කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නූලට ගිණි දැල්වීම සඳහා සිදුරක් තබා තිබීම බවයි සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස පැවසුවේ.

ටොන් අටක් බර අඩි 11 ක් දිග මෙම කාලතුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700 ගණන්වල මෙම ස්ථානයේ සවිකර තිබු එකක් බවත් එය පිහිටි පොලවට සම්බන්ධව තිබෙන්නට ඇති බවත් පසුව කාලයාගේ ඇවෑමෙන් පස් තට්ටුවලින් වැසි ගොස් තිබෙන්නට හැකි බවත් අනාවරණය පුරාවිද්‍යා අංශ පැහැදිළි කරනවා.

මෙහි භාවිතා කර ඇති ලෝහය ඉතා ශක්තිමත් එකක් බවද හඳුනාගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *