බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිගේඩියර්ට හදිසි කැදවීමක්

(21.02.2018 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හදිසියේ මෙරටට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔහු අද (21) දිනයේ පැමිණීමට නියමිත බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් පසුගියදා කතා බහක් ඇති වූයේ නිදහස් දිනයදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන්.

අනතුරුව, ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂාව, තානාපති සේවයේ ප්‍රතිරූපය පිළිබඳ සලකා බලමින් ඔහුව මෙරටට කැදවීමට තීරණය කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු මෙරටට පැමිණෙන්නේ පරීක්ෂණයකට නොවන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

————————

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *