සයිටම් සිසුන් ගැන ජනපති තීරණයක් ගනී

(21.02.2018 – 21:18 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට තීරණය වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළඹී ඇත්තේ.

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුනා.

එහිදී තීරණය වී ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මුලික සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුලත් කර ගැනීම සිදු කිරීමටයි ෴

*****************************************

ලසන්ත ඝාතනය ගැන හිටපු එස්එස්පීගෙන් පැය තුනක ප්‍රකාශයක්
(21.02.2018 – 18:17 +0530 – lankadeepa.lk)

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දුන්නේය.

ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය. ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *