උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් (23) අවසන්

(21.02.2018 – 10:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් (23) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ලබන 23 වනදින හෝ ඊට පෙර යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළේ.

එදිනට පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර, කිසිදු හේතුවක් මත ඒවා භාර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

**************************************

ඊනිවුස් කර්තෘට සිතාසි භාර දී නැතැයි පැමිණිල්ල දන්වයි
(20.02.2018 – 17:48 +0530 – lankadeepa.lk)

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසිය මේ දක්වා භාර දීමට නොහැකි වී ඇති බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද (20) ශ්‍රේෂ්ඨධිකරනයට දැනුම් දී තිබේ.

ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ පළ වී ඇති පුවත්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිලි 14 ක් අද කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර , ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා ඊනිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර සහ චන්ද්‍රසිරි සෙනවිරත්න නම් කරනු ලැබ සිටිති.

සදරුවන් සේනාධීර මහතා ගේ ලන්ඩනයේ පිහිටි ලිපිනයට එම සිතාසි බාර දීම සදහා අධිකරණ අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මහකොමසාරිස් කාර්යාලය හරහා කටයුතු කර ඇති අතර එම සිතාසි යලි පැමිණ නැතැයිද ජනාධිපති නීතීඥවරයා කීය. මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 10 වැනිදා කැඳවීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *