කන්ටේනර් රථයක් ගැටී කඩුගන්නාව අම්බලමට හානි

(20.02.2018 – 19:22 +0530 – sinhala.adaderana.lk)

කන්ටේනර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් කඩුගන්නාව අම්බලමට හානි සිදු වී තිබේ.

ඒ ඊයේ(19) පස්වරුවේදීයි.

මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් කඩුගන්නාව ප්‍රෙද්ශයේදී රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබේ.

රථය ගැටී ඇත්තේ ඓතිහාසික වැදගත්කමකින් යුත් ඉපැරණි කඩුගන්නාව අම්බලමයි.

එම අනතුර අසල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව ඇත.

අනතුරින් ඉපැරණි කඩුගන්නාව අම්බලමේ එක් කණුවක් සහ වහලයේ කොටසකට දැඩි ලෙස හානි සිදුව තිබේ.

අනතුර සිදු කළ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර උඩුදුම්බර, පිටවල පිහිටි ඉපැරණි අම්බලමක්ද ලොරි රථයක් එහි ගැටීමෙන්.සිදු වූ අනතුරකින් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

ගම්වාසීන් පවසන්නේ අනතුරින් එය විනාශ වී මාස 09 ක් ගත වුවද වගකිව යුත්තන් එහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කර නොමැති බවයි.

එමෙන්ම රාජකුමාරවරු ස්නානය කළ බවට සැලකෙන පොළොන්නරුවේ ඉපැරණි ජල බේසමක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ විනාශ කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය පරීක්ෂණ සිදු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *