නව කැබිනට් මණ්ඩලය අනිද්දා (22) ?

(20.02.2018 – 18:57 +0530 – sinhala.adaderana.lk)

මේ අතර ලබන බ්‍රහස්පතින්දා වන විට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙයි.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හෙට (21) දිනයේදී ඊට අදාළ අවසන් තීරණවලට එළැඹෙනු ඇති.

මේ අතර අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු රට තුළ උද්ගතවූ තත්ත්වයත් සමඟ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා මුණ ගැසුණු දෙවන අවස්ථාව මෙයයි.

ජාතික ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු සියලු දෙනා මේ සඳහා එක්ව සිටි බව වාර්තා වෙයි.

රැස්වීම අවසානය් පැමිණි කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගෙන් මාධ්‍යවේදීන් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විමසා ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට කිසිදු නිවේදනයක් තමන් ඉදිරිපත් නොකළ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වයෙන් අග්‍රාමාත්‍ය ධුරය හිමිවන බවට වාර්තා පළ වූ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමඟ කටුනායක ගුවන්තොටුපළේ පැවති උත්සවයකට අද එක්ව සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *