තලංගම, විමලතිස්ස මාවතේ නිවෙසට ඇතුළු වී යුවලට වෙඩි තබයි

(18.02.2018 – 07:15 +0530 – nethnews.lk)

අද (18) අලුයම නිවසක් තුළ සිටි යුවලක් එල්ල කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ තලංගම, විමලතිස්ස මාවතේ නිවසකදීයි.

අද අලුයම් කාලයේ මෙම නිවසට ඇතුළු වී ඇති නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙලෙස එහි සිටි යුවල වෙත වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ යුවල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

——————

වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා මරුට
(18.02.2018 – 09:06 +0530 – nethnews.lk)

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළට පැමිණ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අඹු සැමි යුවලගෙන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා.

එහිදී රෝහල් ගතකර සිටි දෙදෙනාගෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

——————-

අඹු සැමි යුවලට වෙඩි වැදුණු නිවසේ තවත් තරුණ යුවලක් – ඉලක්කය වැරදිලා දැයි පොලිසියට සැකයක් (UPDATE)
(18.02.2018 – nethnews.lk)

අද (18) අලුයම නිවසක් තුළ සිටි අඹු සැමි යුවලක් එල්ල කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරයේ සැබෑ ඉලක්කය ඔවුන් නොවිය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.

මෙම නිවසේ කුලී පදනම මත තරුණයෙක් සහ තරුණියක් වාසය කරන අතර ඔවුන් දෙදෙනා මෙම වෙඩි තැබීමේ සැබෑ ඉලක්කයන් වන්නට පුළුවන් බවයි මේ වන විට සැක මතුව ඇත්තේ.

අදාළ තරුණිය සහ තරුණයා රාත්‍රි සමාජ ශාලාවක සේවය කරන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම තරුණිය නිවසේ සිට නැහැ. කෙසේවෙතත් තරුණයා පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *