අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය කරන්න එපා

(18.02.2018 – 16:43 +0530 – sinhala.adaderana.lk)

අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලුම පෞද්ගලික රෝහල්වලින් සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කරයි.

එවැනි රෝගීන්ට සහන ලබාදිය යුතු බව පවසන අමාත්‍යවරයා ඉදිරියේ දී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් සංවිධානය කළ අවයව දන්දීමේ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රධාන රෝහල් කිහිපයක පමණක් මේ වන විට සිදුකෙරෙන අවයව බද්ධ කිරීම් ඉදිරියේ දී තවත් රෝහල් කිහිපයක ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ෴

************************************************

ප්‍රදේශ රැසක රන් මාල කොල්ලකෑ සැකකරුවෙකු ගාල්ලේදී අත්අඩංගුවට
(18.02.2018 – 08:44 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවලට යතුරුපැදිවලින් ගොස් රන් මාල කොල්ලකෑ පුද්ගලයෙකු ගාල්ල නගරයේදී දික්වැල්ල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල නගරයේදී රන්මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව දික්වැල්ල පොලීසිය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි 27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් අක්මීමන, පෝද්දල, ගාල්ල, උඩුගම, නුවර, නුගේගොඩ, ඇල්පිටිය, මාතර සහ කළුතර ඇතුලු ප්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානවල අපරාධ නඩු පවතින බවටද කරුණු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සැකකරු එම රන් භාණ්ඩ අලෙවි කළ ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහාද පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *