දෙදෙනෙකුට මරු කැඳවමින් මඟ වැරඳුණු මෝටර් රථය

(18.02.2018 – 17:43 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියේ සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොත්මලේ ජලාශයට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම මෝටර් රථය අද (18) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් මිය ගිය කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට ගොඩට ගෙන ඇති බව සඳහන්.

ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගත් සිරුරු දෙක ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

මෝටර් රථයේ ගමන් ගත් අය ගම්පහ, නැදුමිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට දැනට හදුනාගෙන තිබෙනවා.








++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

ජීවිත ඉරණම…
(18.02.2018 – 00:00 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථයක් තලවාකැලේදී ආග්‍රඔයට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව ලිදුල පොලීසිය පවසයි.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල පොලිස් වසමට අයත් තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ පහතින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශයේ අතු ශාඛාවක් වන ආග්‍රඔයට පෙරළීම නිසා මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මිය ගොස් ඇති බවත්, මහත් පරිශ්‍රමයකින් එම මල සිරුරු ගොඩගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

මොවුන් නුවරඑළිය සිට හැටන් හරහා ගම්පහ දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

අද පව 4.00 ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් මියගිය කාන්තාව අංක 65 නැදුන්ගමුව,ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරියක වූ හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24 ) නමැති තරුණියක් බව හඳුනාගෙන තිබේ.

පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති අතර මළ සිරුරු ලිදුල රජයේ ප්‍රාදේශය රෝහලේ තැන්පත් කර තිබේ.

ජලාශයට පෙරළුන මෝටර් රථයේ පැති දොරවල් අගුලු ලා තිබිණ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

පොලීසිය පරීක්ෂන පවත්වයි.

+++++++++++++++++++++++++++++++++++

ආග්‍රඔයෙන් නැවතුණු ජීවිත ඉරණමේ සැඟවුණු කතාව අනියම් පෙමක්ද ?
(19.02.2018 – 10:01 +0530 – sinhala.adaderana.lk)

ආග්‍රඔයට පෙරලුණු මෝටර් රථයේ සිට ජීවිතක්‍ෂයට පත් දෙදෙනා ගමිපහ විවිධ සේවා සමුපාකාර සමිතියේ සේවය කළ දෙදෙනෙකු බවට හඳුනා ඇත.

මෝටර් රථය ධාවනය කර ඇත්තේ මියගිය කාන්තාව බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගමිපහ යක්කල පාරේ පදිංචි රත්නායක කලූආරචිචිලාගේ වසන්ත රත්නායක නැමති 32 හැවිරදි දෙදරු පියෙකු වන අතර ඔහු ගමිපහ විවිධ සේවා සමුපකාර සමිතියේ කේ‍්‍රෂ්ත‍්‍ර නිලධාරියෙකු වශයෙන් සේවය කර ඇත.

මියගිය කාන්තාවන පියුමිශාන් ප‍්‍රසාදි පෙරේරා (24) අවිවාහක ඇය එම සමිතියේ ලිපිකාරිනියක වශයෙන් සේවය කර ඇති බව අනාවරණය වී ඇත.

අනතුරට පත් මෝටර් රථය මියගිය කාන්තාවගේ නමට ලියා පදිංචි ඇති අතර මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය ඇය විසින් ධාවනය කර ඇති බවටද පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව ඉකුත් (17) වන දින අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට යන බව පවසා නිවසෙන් පැමිණ ඇති බව දැනට පොලීසිය විසින් කරන ළද මුලික පරීක්‍ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා නුවරඑළිය අධිකරණ වෛද්‍යවරයා යොමු කර තිබේ.

++++++++++++++++++++++++++++++++

*******************************************

විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ජීවිතක්ෂයට
(18.02.2018 – 14:23 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – වනාත සහස්පුර නිවාස සංකීර්ණයේ දී සිදුවූ අනතුරකින් එහි විදුලි සෝපාන ක්‍රියාකරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු අද (18) උදෑසන ‘විදුලි සෝපානය විවෘත කර ඇතුළු වූ අවස්ථාවේ ඉහළින් තිබූ සෝපානය හදිසියේ පහළට පැමිණීම’ (?) හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *