හෙට (17) කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි

(16.02.2018 – 21:10 +0530 – sinhala.adaderana.lk)

හෙට (17) පෙරවරු 9.00 සිට පසුදින (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 1, 2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.

අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

*****************************************

වෙළඳසැලකට ආ අමුතු හොරා (CCTV දර්ශන)
(16.02.2018 – 17:59 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට නගරයේ පිහිටි වෙළෙඳ සැළකට සොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එහි මුදල් යන්ත්‍රය කඩා රුපියල් ලක්ෂ 7 ක් වටිනා මුදල් සහ චෙක්පත් සොරාගෙන තිබෙනවා.

පසුගිය 9 වැනිදා රාත්‍රි කාලයේ සිදුවූ මෙම සොරකම එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව වී තිබුණා.

එම CCTV දර්ශන පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *