ජාවාරම්වල යෙදෙන පිරවුම්හල් හිමිකාරිත්වය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(15.02.2018 – 14:57 +0530 – hirunews.lk/sinhala)

භූමිතෙල් සම්බන්ධ නීතිවිරෝධී කටයුතුවල නිරත වන හෝ ඊට සහය වන පිරවුම්හල් නියෝජිතයින්ගේ, නියෝජිත හිමිකාරිත්වය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව කියා සිටියා ෴

******************************************

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුවන මාරක අනතුරක් CCTV කැමරාවේ
(16.02.2018 – 10:16 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත වට්ටක්කා ගොඩක් ඉදිරිපිට නිදා සිටි අයෙකු කන්ටේනර් රථයකට යට වීමෙන් අද (16) දින අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සේවය සඳහා පැමිණ සිටි අයෙකු බව සිදු කරන මූලික පරීක්ෂණවලදී හෙළි වීතිබෙනවා.

මෙම පුද්ගලයා කන්ටේනර් රථයකට යට වන ආකාරය පිළිබඳවත් මොහු අලුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානයේ පාරේ නිදා සිටි ආකාරයත් ආර්ථික මධ්‍යස්ථානයේ සවිකොට ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා අළුයම් කාලයේ අධික බීමත්ව මධ්‍යස්ථානයේ ප්‍රධාන මාර්ගයේ නිදා සිටිමින් නැවත වැටි වැටී ඉදිරියට පැමිණ වෙළඳ සැලක් ඉදිරිපිට ගොඩගසා තිබූ වට්ටක්කා ගොඩක් වසා තිබූ ටෙන්ට් රෙදි කැබැල්ලක් රැගෙන හිසේ සිට වසාගෙන මාර්ගයේ නිදා ගන්නා අයුරු එම කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

අළුයම 4.50 පමණ වන විට කන්ටේනර් රථයක් පැමිණ කළු රෙද්දකින් සිරුර වසා ගෙන මහපාරේ නිදා සිටි පුද්ගලයා යට කරගෙන යන ආකාරය කැමරාවල සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් අලුයම කාලයේ දඹුල්ල පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී මෙම අනතුර සිදු වූ ආකාරයක් හෝ සිදු කළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

කන්ටේනර් රථයක් නවතා තිබීම හේතුවෙන් පොලිසියේ සැකය ඒ දෙස යොමු ව තිබෙනවා.

එහෙත් රියදුරු ඒ වනවිටත් රථයේ සිට නොමැති බවයි සඳහන් වන්නේ.

පොලිසිය සැකපිට කන්ටේනර් රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ආර්ථික මධ්‍යස්ථානයේ සීසීටීවී පද්ධතිය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී රියදුරගේ තවත් උපක්‍රමයක් හෙළි වීම විශේෂත්වයක්.

යටවීමත් සමඟ කන්ටේනර් රථය ඉදිරියේ නවතා, රියදුරු එය ආසන්නේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තල්ලු කරගෙන විත් එම අනතුර සිදුවූ ස්ථානයේ නවතා එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *